Hirunews Logo
%E0%B6%B4%E0%B7%93%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B1%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%E0%B6%A7+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.
Sunday, 01 September 2013 - 15:20
පීලි පැන්න නවිපිල්ලේට දෙමළ දරුවෙකුගෙන් පාඩමක්.
11

Shares
1,398

Views

දින 7 ක සංචාරයක් නිම කරලා නවනීදන් පිල්ලේ අද අලූයම දිවයිනෙන් පිටත්ව ගියා. අපේ සමාජයේ පසුගිය දවස් කිහිපය පුරාම පුවත් මැව්වේ එයා.

නවිපිල්ලේ ලංකාවට ආවේ පසුගිය 25 වැනිදා. එදිනම ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බෙලරූස් නිල සංචාරයත් යෙදිල තිබුණා. ජනාධිපතිවරයා දින 3 කට එහි ගියත්, සංචාරයේදී ශ‍්‍රී ලංකාව සහ බෙලරූස් රාජ්‍ය අතර වැදගත් ගිවිසුම් රැසකට අත්සන් කෙරුණා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දිවයිනට එන අතරතුර නවිපිල්ලේ උතුරේ ප‍්‍රදේශ රැසක සංචාරය කළා. ඒ සඳහා ඇයට ආණ්ඩුව පූර්ණ නිදහස දීල තිබුණත්, ඇතැම් පාර්ශව නම් කිව්වේ වැඩි නිදහස එච්චර හොඳ නැහැ කියලයි. කොහොම වුණත් තමන්ගේ න්‍යාය පත‍්‍රයෙන් පිට ගිහිල්ලා නවි පිල්ලේ විවිධ සාකච්ඡා කරා කියලා ආරංචියි. උතුරේදී මෙන්ම නැගෙනහිරදී හිටපු එල්.ටී.ටී.ඊ ප‍්‍රබලයින්ගේ ඥාතීන් මෙන්ම ශ‍්‍රී ලංකාවට එරෙහිව කටයුතු කරපු සිවිල් සංවිධාන කි‍්‍රයාකාරීන් ද ඇය හමුවුණේ රහසින්. හැබැයි පෙරේදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවුණ අවස්ථාවේ ඇයට ජනාධිපතිවරයා කදිම පිළිතුරක් දුන්නා. ‘‘ ශ‍්‍රී ලංකාවේ ජනතාව එක්සත් ජාතීන් අගතිගාමී කියලා විශ්වාස කරනවා. ඔබේ වාර්තාවත් ඒ වගේ වෙයි කියල තමයි රටේ මිනිස්සු හිතන්නේ. කොහොම වුණත් සංචාරය අවසානයේ මාධ්‍ය හමුවක් පවත්වපු නවිපිල්ලේ තමන් ඉදිරියේදී කරන දේවල් ගැන ඉගි රැසක් දීලා තමයි ශ‍්‍රී ලංකාවෙන් පිටවෙලා ගියේ.

නවිපිල්ලේගේ සංචාරයේදී යොවුන් පාර්ලිමේන්තුවේ සැසිවාරයකටත් ඇය සහභාගි වුණා. ඒකෙදී උතුරේ දරුවෙක් ඇයට කදිම කතාවක් කිව්වා. ‘‘ මම සාමාන්‍ය පෙළ විභාගයෙන් පළවෙනියා වුණා. ඒත්, ඒ තෑග්ග ගන්න එල්.ටී.ටී.ඊ ය මට කොළඹට එන්න ඉඩ දුන්නේ නැහැ. ’’ මේ ප‍්‍රකාශයම කොටි ගැන තේරුම් ගන්න නවිපිල්ලෙට ඇති. මේකෙදී ඩලස් ඇමතිතුමා ළගින් වාඩිවෙලා නවිපිල්ලේ මෙහෙම දෙයක් ඇහුවා. ‘‘මේ යොවුන් පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොම සිංහල ද? ’’ අපෝ නැහැ. දෙමළ දරුවො 88 ක් මෙතන ඉන්නවා. ඒ ඩලස් ඇමතිතුමා දුන්න පිළිතුර. මේ කතාවම නවිපිල්ලේගේ ශ‍්‍රී ලංකාව ගැන දැනුමට හොඳ උදාහරණයක් කියලා තමයි බොහෝ දෙනෙක් කිව්වේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
පලු ගස් කුහරයට විශ්මිත වටිනාකමක්
Thursday, 22 February 2018 - 11:54
ඉවත දමන දැව කුහරය උපයෝගී කරගනිමින්  කැටයම් යොදා අලංකාර නිර්මාණ සිදුකරන  ලී කැටයම් ශිල්පියෙකු... Read More
News Image
Hiru News Programme Segments
3,415 Views
15,403 Views
635 Views
1,463 Views
367 Views
16,868 Views
Top