Hirunews Logo
%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B7%93+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%9C%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A.
Sunday, 15 September 2013 - 15:09
යාල් දේවී සමග ජනපති කිලිනොච්චියේ.
14

Shares
1,679

Views

දේශපාලන සමාජය මැතිවරණයත් සමග උණුසුම් වුවත් මේ සතියේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවුණේ උතුරේ සිදුවුණු කටයුතු කිහිපයක් පිළිබඳව. සෙනසුරාදා උදේ අවුරුදු 23 කට පස්සේ යාල් දේවී දුම්රිය  ඕමන්තේ සිට කිලිනොච්චියට ගමන් කළා. පළමු ටිකට් පත මිලදීගත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා. මේ ගමනට යාල් දේවිය කොටි බෝම්බයට හසුවූ අවස්ථාවේ එය ධාවනය කළ රියදුරු මහතා වගේම එහි සිටි හමුදා නිලධාරීන්ද එක්ව සිටියා. ඔවුන්ට මෙය යළි ඉපදීමක් වුණේ ඒ තරමටම ඔවුන් යාල් දේවියට ආදරය කළ නිසා. කිලිනොච්චි දුම්රිය ස්ථානයෙන් බැස්ස ජනාධිපතිවරයා කිලිනොච්චියේ අලූතින් ඉදිකළ දුම්රියපළත් විවෘත කළා. පසුව පැවති ජන හමුව අමතමින් ජනාධිපතිවරයා කිව්වේ ලබන අපේ‍්‍රල් වෙනකොට යාල් දේවියෙන් තමන් යාපනයටම එනවා කියලා.

විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහත් මේ දවස් ටිකේ හොඳටම කාර්ය බහුලයි. දිනකට මැතිවරණ රැස්වීම් කිහිපයක්ම ඔහු අමතනවා. ආණ්ඩුවේ පොරොන්දු ඉටු කරලා නැති නිසා ආණ්ඩු පෙරළියක් පිළිබඳ පණිවුඩයක් පළාත් සභාවෙන් දෙන්න කියල තමයි ඔහු ඉල්ලන්නේ.

මේ අතරේ ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහට පසුගිය දවසක කොළඹ පැවති උත්සවයකදී හිටපු විදෙස් රාජතාන්ත‍්‍රික නිලධාරිනියක් මුණ ගැසුණා. ඇය එහිදී ඔහුට කිව්වලූ විදේශ අමාත්‍යාංශයේ කඹ ඇදිල්ලක් තියෙනවා කියලා. නවිපිල්ලේ ආවට පස්සේ ඒක තවත් වැඩිවුණා කියලලූ ආරංචි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
Air Force Mini Tattoo - 2018 ප්‍රදර්ශනය සහ සැණකෙළිය
Monday, 23 July 2018 - 16:52
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සංවිධාන කළ Air Force Mini Tattoo - 2018 ප්‍රදර්ශනය සහ සැණකෙළිය වීරවිල ගුවන් හමුදා කඳවුරේදී... Read More
News Image
Hiru News Programme Segments
794 Views
6,784 Views
5,432 Views
4,987 Views
125 Views
39,032 Views
Top