Hirunews Logo
%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B6%A7.
Monday, 30 September 2013 - 8:53
අගමැතිත් මහ ඇමති සටනට.
10

Shares
1,218

Views

පළාත් සභා මැතිවරණය අවසන් වනවිට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හිටියේ නිව්යෝක් නුවර. ඒ, එක්සත් ජාතීන්ගේ 68 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගි වෙමින්. සැසිවාරය ඇමතූ ජනාධිපතිවරයා ලෝකයට දැනෙන කථාවක් කළා. මානව හිමිකම් සහ ආරක්ෂක හේතු මුල්කරගෙන සංවර්ධනය වන රටවල අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගහන්න ලෝක බලවතුන් කටයුතු කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී අවධාරණය කළා. ඇතැම් රටවලට පනවන සම්බාධක පිළිබඳව මෙන්ම ලෝකයේම තරුණ ප‍්‍රජාව ගැන ජනාධිපතිවරයා දැක්වූ අදහස්වලට ලොව රටවල් රැසකින් ප‍්‍රසාදය පළවුණා. මානව හිමිකම් මණ්ඩලයේ 24 වන සැසිවාරයත් ඒ අතරේ පැවැත්වෙද්දී සුපුරුදු පරිදි නවනීදන් පිල්ලේ මහ කොමසාරිස්වරිය ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදුකළේ එතරම් යහපත් ප‍්‍රකාශයක් නොවේ. ඉන්දියාව ඒකට උල්පන්දම් දුන්නත් රුසියාව, චීනය වගේම තවත් රටවල් කිහිපයක් ශ‍්‍රී ලංකාව වෙනුවෙන් පැහැදිළි ප‍්‍රතිචාර දක්වා සිටියා. නවිපිල්ලේගේ ප‍්‍රකාශ ගැන ජනාධිපතිවරයා සඳහන් කළේ අල් ජසීරා නාලිකාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදියි.

‘‘ඔය කිසි දෙයක් කොමසාරිස්වරිය ශ‍්‍රී ලංකාවට ආපු වෙලාවේ කිව්වේ නැහැ. එයා ශ‍්‍රී ලංකාවට එරෙහි ප‍්‍රචාරක ව්‍යාපාරයක නිරතවනවා.’’
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කිව්වේ එහෙමයි.

පළාත් සභා මැතිවරණය ගැන කථාබහ තවමත් අවසන් වී නැත්තේ මහ ඇමතිවරුන් පත් කිරීම මෙතෙක් සිදුවී නොමැති නිසා. ඒ ගැන විවිධ අදහස් පළවුවත් ඒ සියල්ල පසෙක ලා බොහෝදෙනෙකුගේ අවධානය යොමුවුණේ අග‍්‍රාමාත්‍ය දි.මු. ජයරත්න සිදුකළ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන්.

‘‘වැඩිම මනාප ගත්ත කෙනාට මහ ඇමතිකම දෙන්න සන්ධානය ගත්තු තීරණයේ වෙනසක් වෙන්නේ නැහැ.’’ අගමැතිතුමා එහෙම කිව්වේ ගම්පල නිවසේ පැවති හමුවකදියි. එහෙම ගත්තම මහනුවරින් වැඩිම මනාප අරගෙන මධ්‍යම පළාතෙන් ඉදිරියෙන් ඉන්න අනුරාධ ජයරත්නට මහ ඇමතිකම ලැබෙයිද කියන එක ගැන පොඩි කසුකුසුවක් මතුවුණා.

කෙසේ වෙතත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලංකාවට ආවට පස්සේ බොහෝදුරට ලබන බ‍්‍රහස්පතින්දා නව ඇමතිවරුන් පත් කෙරෙනු ඇතැයි රජයේ අරංචි මාර්ග ප‍්‍රකාශ කළා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රට ම කැළඹූ කාළගුණය
Thursday, 30 November 2017 - 14:34
මේ දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයට පත්ව... Read More
News Image
Hiru News Programme Segments
12 Views
7,087 Views
6,022 Views
6,257 Views
433 Views
8,587 Views
Top