Hirunews Logo
%E0%B6%A7%E0%B7%93.%E0%B6%91%E0%B6%B1%E0%B7%8A.%E0%B6%92.+%E0%B6%A2%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.
Sunday, 06 October 2013 - 19:37
ටී.එන්.ඒ. ජය පරාජයක් වෙයි.
12

Shares
1,489

Views



පළාත් සභා මැතිවරණයේ මහඇමතිවරුන් සහ ඇමතිවරුන් පත් කිරීම ගැන විවිධ කතා පැතිර ගියත් අවසානයේ ජනාධිපතිවරයාගේ ඇමරිකානු සංචාරය නිම වී දිවයිනට පැමිණීමත් සමග එම කටයුතු සිදුකෙරුණේ බොහෝ දෙනෙකු බලාපොරොත්තු වුණු ආකාරටයි. ඒ අනුව දයාසිරි ජයසේකර වයඹ මහඇමති වශයෙන් දිවුරුම් දුන් අතර, සරත් ඒකනායක මධ්‍යම පළාත් මහඇමතිවරයා ලෙස දිවුරුම් දුන්නා. දිවුරුම්දීම සිදුවුණු බ‍්‍රහස්පතින්දා දිනයේ ගම්පොළ දී සහ මහනුවර දී අගමැති පුත් අනුරාධ ජයරත්නයට මහඇමති ධුරය හිමි නොවුණු නිසා විරෝධතා පෙළපාලි පැවැති බවත් වාර්තා වුණා. එම පෙළපාලිවලට අගමැතිතුමාත්, පුත් අනුරාධත් එක්වුණු බවටයි ඇතැම් වාර්තාවල දැක්වුණේ. කොහොම වුණත් සන්ධාන මාධ්‍ය හමුවකදී අමාත්‍ය ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න ප‍්‍රකාශ කළේ කොළඹ ඉදලා ගෙදර යන ගමන් ජයග‍්‍රහණ වෙනුවෙන් සංවිධාන වුණු පෙළපාලිවලට අග‍්‍රාමාත්‍ය දි.මු. ජයරත්න අත වනාගෙන ගියා කියලා.

මේ හැමදේටම වැඩිය සමාජ අවදානයක් යොමු වුණේ දෙමළ සන්ධානයේ අලූත්ම ගැටළුව දෙසට. මහඇමතිවරයා දිවුරුම් දීම ගැන උභතෝකෝටික ගැටළුවකට මුහුණ දුන්නු දෙමළ සන්ධානයේ සම්බන්ධන් මන්ත‍්‍රීවරයා සිකුරාදා උදේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවුණා. පසුව ඔහු ප‍්‍රකාශ කළේ මහඇමති විග්නේෂ්වරන් සඳුදා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනවා කියලා. කියපු ගමන් මේකට ටෙලෝ සංවිධානය නම් විරෝධය පළ කළා. ඒ වගේම උතුරේ ඇමති තනතුරු බෙදා ගැනීම ගැනත් දෙමළ සන්ධානයේ පක්ෂ අතර දැන් අවුල් ඇති වෙලා. වන්නි දිස්ත‍්‍රික්කයට පළාත් ඇමති ධුරයක් නැති නිසා තමන් ටෙලෝ පක්ෂයේ නායකත්වයෙන් ද ඉල්ලා අස්වන බව සෙල්වම් අඩෙක්කලනාදන් මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කළා. ඔහු සදහන් කළේ එම මන්ත‍්‍රී ධුරය යාපනයට ලබාදීමේ සූදානමක් පවතින බවයි. කොහොම වුණත් මේ ගැන සාකච්ඡා වට කිහිපයක්ම තිබ්බත් ඒවා අවසන් වුණේ එකඟතාවකින් තොරව. අන්තිමට සම්බන්ධන් මන්ත‍්‍රීවරයා කිව්වේ මහඇමති දිවුරුම් දීලා ඊට පස්සේ අනිත් ඒවා බලමු කියලා. පටන් ගත්ත ගමන් වැඬේ අනාගන්න බැරි නිසා ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දෙන්න  ඕන කියලත් සම්බන්ධන් මන්ත‍්‍රීවරයා සාකච්ඡාවකදි කිව්වා කියලා තමයි දේශපාලන ආරංචි මාර්ග ප‍්‍රකාශ කළේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
විල්පත්තුවේ දිවි ගෙවන දිවියන්ගේ දිවි රැඟුම්
Friday, 15 June 2018 - 20:06
විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ මේ දිනවල ශ්‍රී ලංකාවට අවේනික දිවියන් බහුලව දැකිය හැකිබව වාර්තා... Read More
News Image
Hiru News Programme Segments
862 Views
3,983 Views
4,482 Views
3,795 Views
33 Views
35,255 Views
Top