Hirunews Logo
%E0%B6%A7%E0%B7%93.%E0%B6%91%E0%B6%B1%E0%B7%8A.%E0%B6%92.+%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
Sunday, 13 October 2013 - 14:00
ටී.එන්.ඒ. බොරු සමගිය ඉන්දීය පැලැස්තරයක්.
12

Shares
1,523

Views

දේශපාලන සමාජයේ ගතවූ සතියේ වැඩිපුරම පුවත් මැව්වේ දෙමළ ජාතික සන්ධානය. පසුගිය සඳුදා උතුරේ මහ ඇමතිවරයා විදිහට සී.වී. විග්නේෂ්වරන් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා. මේකට දෙමළ සන්ධානයේ ඇතැම් පක්ෂ වැඩි කැමැත්තක් දැක්වූයේ නැහැ. කොහොම වුණත් අරලියගහ මන්දිරයේ දී මෙම කටයුතු සාර්ථකව සිදුවුණා. එදා විග්නේස්වරන්ට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වටින කියන තෑග්ගකුත් දුන්නා. ඒ, තමන් බුදුන් වඳින තැන තැන්පත් කර තිබූ ගණ දෙවි ප‍්‍රතිමාව. උතුරේ මහ ඇමතිවරයා ජනපති දුන් ඒ වටින තෑග්ග හැඟීම්බරව භාරගත්තා. මහ ඇමතිවරයා ගැන ජාතික හෙළ උරුමයත් චෝදනාවක් කළේ ඒ අතරෙදි. ඒ, ඔහු උත්සවවලදී ජාතික කොඩිය අමතක කරලා පළාත් කොඩිය පමණක් ප‍්‍රදර්ශනය කරනවා කියලා. ඒ වගේම ඉන්දීය විදේශ අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවේදී ඉන්දීය ධජයත් ප‍්‍රදර්ශනය කෙරුණා කියල හෙළ උරුමයෙන් දැඩි චෝදනාවක් එල්ලවුණා.

දෙමළ සන්ධානයේ ඇමති අවුල එළියට ආවේ මේ වැඩෙන් පස්සේ. ඒ, උතුර පළාත් සභාවට දෙමළ ජාතික සන්ධානයෙන් තේරී පත්වූ මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙකු යාපනයේ පැවති දිවුරුම් දීමේ උත්සවය වර්ජනය කිරීමත් සමගයි. ඊ.පී.ආර්.එල්.එෆ්., ටෙලෝ සහ ප්ලොට් යන දෙමළ සන්ධාන නියෝජිත පක්ෂ නියෝජිතයන් ඒ අතර සිටියා. මන්ත‍්‍රීවරුන් අටදෙනෙකුම විග්නේෂ්වරන් මහ ඇමතිවරයා ඉදිරියේ දිවුරුම් දෙන්න ආවේ නැහැ. ටෙලෝ පක්ෂයේ එම්.කේ. සිවාජිලිංගම් ඒ පිළිබඳව දැඩි වාග් ප‍්‍රහාර එල්ල කළා. ඔහු කිව්වේ ඉලංගෙයි තමිල් අරසු පක්ෂය හිතුමතේට වැඩකරනවා කියලා. දෙමළ සන්ධානයේ ඇමති අර්බුදය උග‍්‍ර අතට පත්වෙද්දී දිවුරුම්දීම වර්ජනය කළ පක්ෂ සෙනසුරාදා යාපනයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් කරුණු පැහැදිළි කිරීමක් සිදුකළා. ඊට එක්ව සිටියේ ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන්, ටෙලෝ සංවිධානයේ එම්.කේ සිවාජිලිංගම් සහ ප්ලොට් සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාර්ථන්.

එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන් කියා සිටියේ තම නියෝජිතයන් කිසිදු අවස්ථාවක මුදලට විකිණෙන්නේ නැහැ කියලා. එසේම මහ ඇමති සී.වී. විග්නේෂ්වරන්ට පළාත් අමාත්‍යවරුන් පත් කර දුන්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්දිරන්දැයි ඔහු ප‍්‍රශ්න කළා. ඒ, සුමන්දිරන් මන්ත‍්‍රීවරයා සිදුකළ ප‍්‍රකාශයක් පදනම් කරගනිමින්. ‘‘ඇමති ධුර ඉල්ලන අයට ඇමති ධුර දෙන්නේ නැහැ. ඉල්ලන්නේ නැති අයට තමයි ඒවා දෙන්නේ ’’ කියලා සුමන්දිරන් කිව්වා කියලයි සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන් ප‍්‍රකාශ කළේ. මෙම මාධ්‍ය හමුව දෙමළ සන්ධානයේ අර්බුදය වහගන්න ඉන්දියාවේ උපදෙස් මත සිදු කෙරුණ එකක් බවටත් වාර්තා පළවුණා. අර්බුදය වහගන්න මාධ්‍ය හමුව තිබ්බත් ඒකෙදි හෙළි කෙරුණු කරුණු එම අර්බුදය තවත් පෙන්නුම් කළා.

එක්සත් ජාතික පක්ෂයේ බොහෝ දෙනෙකු පසුගිය සතියේ අවධානය යොමු කළේ මාතරදී ඇතිවූ සිද්ධිය පිළිබඳව. කොහොම වුණත් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පසුගිය සඳුදා පැවැත්වුණු අතර ඒකෙදි නව තීරණ රැසක් පිළිබඳව එකඟත්වයකට පැමිණියා. ඒ අනුව විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ සහ කරූ ජයසූරිය, සජිත් පේ‍්‍රමදාස යන මන්ත‍්‍රීවරුන් නුදුරු දිනකදීම පක්ෂයේ ගොඩනැගීම ගැන සාකච්ඡා කරනවා කියලයි ආරංචි වුණේ.

ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවත් පසුගිය 9 වැනිදා පැලවත්තේදි රැස්වුණා. ‘‘කුර්ෂිඞ් යාපනයේදී විග්නේෂ්වරන් හමුවුණා. මාධ්‍යයට ඒ සාකච්ඡා තහනම්. 13 කොහොම හරි ගන්න. එහෙම තමයි කුර්ෂිඞ් කියලා තියෙන්නේ. මේ කථාව කිව්වේ සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයා. ඉන්දියාවෙන් සිදුකරන බලපෑම් පිළිබඳව මෙම සාකච්ඡාවේදී පක්ෂ නායක සෝමවංශ අමරසිංහ වගේම තවත් කිහිපදෙනෙකු දැඩිව අදහස් පළ කළා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
විල්පත්තුවේ දිවි ගෙවන දිවියන්ගේ දිවි රැඟුම්
Friday, 15 June 2018 - 20:06
විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ මේ දිනවල ශ්‍රී ලංකාවට අවේනික දිවියන් බහුලව දැකිය හැකිබව වාර්තා... Read More
News Image
Hiru News Programme Segments
592 Views
3,758 Views
4,427 Views
3,674 Views
69 Views
34,945 Views
Top