%E2%80%98%E2%80%98%E0%B7%84%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E2%80%99%E2%80%99+%E0%B6%B8%E0%B7%9C%E0%B6%9A%E0%B6%A7%E0%B6%AF+%3F+%E0%B6%AF%E0%B7%92%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%85%E0%B6%B6%E0%B7%9A%E0%B6%9A%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%83%E0%B6%BA%E0%B7%92.
Saturday, 15 October 2011 - 13:38
‘‘හාවා’’ මොකටද ? දිමුතු අබේකෝන් අසයි.
3

Shares
441

Views

‘නව ලිබරල්වාදයේ දෙවැනි ඉනිම සහ වමේ අභියෝගය’ යන තේමාව යටතේ පැවැත්වෙන සංවාදශීලී සම්මන්ත‍්‍රණ මාලාවේ තවත් එක් සම්මන්ත‍්‍රණයක් පසුගිය 10 වැනිදා පානදුර නගරයේදී පැවැත් වුණා. එහි දේශනය සිදු කළේ ජවිපෙ දේශපාලන මණ්ඩල සභික පුබුදු ජයගොඩ මහතායි. ඔහුගේ දේශනයෙන් පසුව පැවැත් වුණු ප‍්‍රශ්න විමසීමේ අවස්ථාවේදී සභාවේ සිටි පුද්ගලයෙක් ප‍්‍රශ්නයක් ඇසුවා.

‘‘මට ඔබතුමාගේ කතාව අහගෙන ඉන්න කොට හිතුනේ ඔයාලා පාර්ලිමේන්තුව ප‍්‍රතික්ෂේප කරනවා කියලා. ඔයාලා මැතිවරණ ප‍්‍රතික්ෂේප කරනවාද?’’

‘‘මාක්ස්වාදීන් වන අපට පාර්ලිමේන්තුව ගැන තිබෙන මතය ඉතා පැහැදිලියි. අපි පාර්ලිමේන්තුව ප‍්‍රතික්ෂේප කරන්නේ නැහැ. නමුත් පාර්ලිමේන්තුවාදය ප‍්‍රතික්ෂේප කරනවා. පාර්ලිමේන්තුව ජනතා අරගලය කරන එකම මාදිලිය නොවෙයි. නමුත් ඒකත් තවත් මාදිලි ගොඩක් අතරේ එකක් ලෙස අපි පිළිගන්නවා.’’


සම්මන්ත‍්‍රණයෙන් පස්සේ එතැනි සිටි අයෙක් පුබුදු ජයගොඩ මහතා අසලට ඇවිත් මෙහෙම කිව්වා. ‘‘ඒ ප‍්‍රශ්නය ඇහුවේ රාජිත සේනාරත්න ඇමතිතුමාගේ ලේකම්වරයෙක්’’

සම්මන්ත‍්‍රණයෙන් පසුව ජවිපෙ ඉතා පැරණි සාමාජිකයෙක් වන සිරිවර්ධන මහතා පුබුදු ජයගොඩ මහතාට හා සම්මන්ත‍්‍රණයේ සංවිධායකයින්ට කතා කලා.

‘‘1969 අපි තුන් දෙනෙක් තමයි හොරණට ජනතා විමුක්ති පෙරමුණ අරගෙන ආවේ. එදා සිට අද දක්වාම මම ක‍්‍රියාකාරීව දේශපාලනය කරනවා. අද දවසේ වමේ ව්‍යාපාරයේ කාර්ය මොකක්ද, වමේ ක‍්‍රියාකාරිකයෙක් තමන්ගේ ජීවිතය ගත කරන්න  ඕන කොහොමද කියා අදයි මට හොඳින්ම නිරවුල් වුණේ. මම මේ මතය වෙනුවෙන් වැඩ කරනවා’’
යැයි ඔහු පැවසුවා.

ජනතා විමුක්ති පෙරමුණේ මහනුවර දිස්ත‍්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිමුතු අබේකෝන් මහතාට පසුගියදා පාක්ෂිකයෙක් දුරකතනයෙන් කතා කළා.

‘‘හාවා ලකුණ තියෙන පක්ෂය ගැන පත්තරවල ප‍්‍රවෘත්ති පළ වෙලා තිබුණා. මොකක්ද ඒකේ ඇත්ත?’’

‘‘අපට අවශ්‍ය වමේ ව්‍යාපාරය නිවැරදි කරන්න. වමේ මතය සමාජගත කරන්න පුළුල් බහුජන ව්‍යාපාරයක් ගොඩ නගන්න. එහෙම නැතිව හාවෙක් හරි වෙන මොකෙක් හරි උස්සගෙන යන්නවත් භෞතික සම්පත් අත්පත් කර ගන්නවත් අපට අවශ්‍ය නැහැ. දේශපාලන පක්ෂ තියෙන්නේ ඒකට කියලා හිතාගෙන ඉන්න අය තමයි ඔය වගේම ප‍්‍රවෘත්ති හදලා මාධ්‍යවලට දෙන්නේ’’ යැයි දිමුතු අබේකෝන් මහතා පැහැදිලි කළා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
Hiru News Programme Segments
2,991 Views
56,447 Views
21,626 Views
28,738 Views
1,297 Views
106,172 Views
Top