Hirunews Logo
%E0%B6%BA%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.
Sunday, 20 October 2013 - 14:04
යනවානම් යන්න - ජනපති විනය ගැන කථා කරයි.
10

Shares
1,288

Views

අගහරුවාදා රැස්වුණු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තරමක් දැඩි තීන්දුවකට එළඹුණා. ඒ, පසුගියදා වයඹ සහ මධ්‍යම පළාත් සභාවලදී පක්ෂයේ විනයට එරෙහිව වෙච්චි කටයුතු ගැන. සන්ධානය තීරණයට පටහැනිව වයඹ පළාතේ සභාපතිවරයා ලෙස පත්වුණු ධර්මසිරි දසනායකට මෙන්ම මධ්‍යම පළාතේ නිමලසිරි මන්ත‍්‍රීවරයාටද විනය පියවර ගන්න මෙහිදී තීරණය කෙරුණා. ජනාධිපතිවරයා කට්ටියට කථා කළේ ටිකක් දැඩි ස්වරයෙන්. ‘‘මේවා තවදුරටත් මෙහෙම වෙන්න බැහැ. පක්ෂය තීන්දුවක් ගත්තාම ඒකට පිටින් කාටවත් වැඩකරන්න බැහැ. පක්ෂයකට විනයක් තියෙන්නේ  ඕන. ආණ්ඩුවේ මතයට විරුද්ධව කථා කරන ජ්‍යෙෂ්ඨයෝ වගේම කනිෂ්ඨයෝත් ඉන්නවා. සමහරු කුමන්ත‍්‍රණය කරන බවත් අපි දන්නවා. හැබැයි එකක් කියන්න  ඕන. යන අයට දැන්ම යන්න පුළුවන්. පක්ෂය තීන්දුවක් ගත්තාම ඒක වෙනස් කරන්න කාටවත් බැහැ’’ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තදින්ම එහෙම කිව්වේ ඊයේ පෙරේදා විවිධ ප‍්‍රකාශ කරපු ඇතැම් අයට හොදටම දැනෙන්නයි.

උතුරේ මහ ඇමති පොරය නිසා දෙමළ සන්ධානය ඇතුලේ ඇතිවෙච්ච අවුල තවමත් එහෙම්මමයි. ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවේදි එහි නායක සෝමවංශ අමරසිංහ නම් කිව්වේ බෙදුම්වාදයට පාර කපන මේ අයට  ඕවා එච්චර ප‍්‍රශ්න නෙමෙයි කියලා. පළාත් සභාව දිනපු ගමන් මෙහෙම පොරයක් තියෙනවනම් ඉස්සරහට කොහොම වෙයිද කියලත් ප‍්‍රශ්න කළේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රට ම කැළඹූ කාළගුණය
Thursday, 30 November 2017 - 14:34
මේ දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයට පත්ව... Read More
News Image
Hiru News Programme Segments
137 Views
6,353 Views
5,960 Views
6,027 Views
256 Views
7,865 Views
Top