Hirunews Logo
%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%A9%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B6%BA%E0%B7%92.
Monday, 30 November -0001 - 0:00
ජනපතිගේ ඩ‍්‍රයිවින් නියමයි.
18

Shares
2,226

Views
පසුගිය ඉරිදා ශී‍්‍ර ලංකාවේ දෙවන අධිවේගී මාර්ගය විවෘත වුණේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින්. ඒ, කටුනායක - කොළඹ අධිවේගී මාර්ගයයි. මේකට විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මන්ත‍්‍රීවරයාත් ඇවිල්ලා හිටියා විතරක් නෙවෙයි බුලත් අතක් දීලා ජනාධිපතිවරයාව පිළිගන්නත් ඔහු අමතක කළේ නැහැ. ජනාධිපතිවරයා සමග පින්තූරේ පෙනි ඉන්න ඇතැම් අය පොරකාපු හැටිත් සජීවී විකාශය හරහා ලංකාවේ ගොඩක් අය දැක්කා. මෙම අධිවේගී මාර්ගයේ මුලින්ම ගමන් කළෙත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති ආර්යාව. හැමෝම අස්සෙන් ඉස්සරහට දුවලා මර්වින් සිල්වා ඇමතිවරයත් ඒ වාහනයට නැග්ගා.

රේන්ජ් රෝවර් රථයේ පළපුරුදු අයුරින් ගමන් කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රිය ධාවනය ගැන හදිසියේම ඇමතුමක් ආවේ පිටුපස ගමන් කළ ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරියෙකුට. ඒ, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගගෙන්.

‘‘ජනාධිපතිතුමාගේ ඩ‍්‍රයිවින් ගොඩක් හොඳයි කියලා කියන්න. මම මේ ටී.වී.එකේ බලන් ඉන්නෙ.’’ ඔහු එහෙම කිව්වා.

සතියේ කැබිනට් රැස්වීම පැවැත්වුණේ බ‍්‍රහස්පතින්දා උදේයි. කාලෙකට පස්සේ පළාත් 8 ක මහ ඇමතිවරු මේකට ඇවිල්ලා හිටියා. නැතිවුණේ උතුරේ මහ ඇමති විග්නේෂ්වරන් විතරයි. හදිසි අසනීපයක් නිසා තමන්ට එන්න බැරිවෙනවා කියලා ඔහු ඊට කලින් දවසේම දන්වලා තිබුණා. ඒ වුණාට කට්ටිය කසුකුසු ගෑවේ එක පාරට හැදිච්ච අසනීපේ මොකක්ද කියලා හොයාගන්න බැරුව. විග්නේෂ්වරන් මහඇමතිවරයා කැබිනට් රැස්වීමට සහභාගිවෙන්න ගත්ත තීරණය ගැන ලොකු විරෝධයක් දෙමළ සන්ධානයේ ඇතමුන්ගෙන් ඇතිවෙච්ච හින්දා කැබිනට් රැස්වීම මඟඅරින්න මෙහෙම දෙයක් කළා ද කියලත් බොහෝ දෙනෙක් කතා වුණා.

එදාම රාත‍්‍රී 7ට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවත් රැස්වුණා. මේකෙදී එජාපයෙන් බස්නාහිර පළාත් සභා මැතිවරණය කාලේදි ආණ්ඩුවට එන්න ඉන්න අය ගැන පොඩි කථාවකුත් සිද්ධවුණා. මධ්‍යම කාරක සභාවට ඇවිත් හිටිය දයාසිරි ජයසේකර මහ ඇමතිවරයා කිව්වේ ‘‘රෝසි සේනානායකත් එන්න ලැහැස්තියි.’’ කියලා ආරංචියි කියලා. ජනාධිපතිවරයා ඒකට හිනහා වෙවී කදිම උත්තරයක් දුන්නා.

‘‘අපිට නම් අවශ්‍යතාවයක් නැහැ. ඔයාට  ඕනනම් ගෙන්නලා දෙන්නම්. නෑ නෑ... අපි ඒක පක්ෂයේ ලේකම්තුමාට භාර දෙමු. නෑ... නිමල් සිරිපාල ඇමතිතුමාට භාරදෙමු. එයානේ සම්මුඛ පරීක්ෂණ කරන්නේ.’’

මේ රැස්වීමේදී පළාත් පාලන ආයතනවල අයවැය පරාජය කරන්න යන උත්සාහයන් පිළිබඳව විශේෂ අවධානයක් යොමුවුණා. ඒකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ටිකක් දැඩි උත්තරයක් දුන්නා. ‘‘සමහර තැන්වල අයවැය පරද්දලා සභාපති අයින් කරලා උප සභාපති බලය ගන්න හදනවා. එහෙම කළොත් ඒ ප‍්‍රාදේශීය සභාව විශේෂ කොමසාරිස්වරයෙකු යටතට පත් කරනවා කියලා දන්වන්න.‘‘ ජනාධිපතිවරයා ගැලපෙන විසඳුම දුන්නා.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සිකුරාදා දිනයේ මතුගම ප‍්‍රදේශයේ උත්සව රැසකට සහභාගි වුණා. ඉත්තෑපානේ ඉදිකළ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කනනන්ගර පිළිරුව විවෘත කිරීමටද ජනාධිපතිවරයා එක්වුණා. ඒකට යන අතරමග පෙර පාසලක පුංචි දරුවෝ ටිකක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යන දිහා ආසාවෙන් බලා හිටියා. පිළිරුව විවෘත කරලා ජනාධිපතිතුමා කෙලින්ම ආවේ එතනට. ඇවිත් පුංචි දරුවෝ එක්ක ටික වේලාවක් කතා කර කර ඉදලයි ඉතුරු වැඩ කරන්න පිටත්වුණේ.

පසුගිය සිකුරාදා විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන කරූ ජයසූරිය සහ සජිත් පේ‍්‍රමදාස පක්ෂයේ නව සැළසුම් පිළිබඳව යළි සාකච්ඡා කළා. වැඬේ ඉවර වුණේ නොවැම්බර් 4 වැනිදා යළි රැස්වීමට එකඟත්වයක් ඇති කරගෙන. කථා කරපු කරුණු ගැනනම් එක්සත් ජාතික පක්ෂය මාධ්‍යයට හෙළි කළේ නැහැ.

ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාව 30 වැනිදා රෑ පැලවත්ත ප‍්‍රධාන කාර්යාලයේදී රැස්වුණා. ඒකෙදී වැඩි අවධානයක් යොමුවුණේ කැසිනෝ සම්බන්ධ ගැසට් පත‍්‍ර සහ පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව පිළිබඳව. ‘‘ආණ්ඩුව පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවේ ප‍්‍රචාරක කටයුතු කරන්න ලොකු ගාණක් වැය කරනවා. ජනතාවගේ මුදල් මේවා’’. එහෙම කිව්වේ සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,817 Views
6,765 Views
8,079 Views
8,195 Views
692 Views
52,304 Views
Top