Hirunews Logo
%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83
Thursday, 07 November 2013 - 12:11
රනිල්ගේ නිදහස
15

Shares
1,836

Views
පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවේ වැඩකටයුතු ආසන්න වී තිබුණත් තම දෛනික රාජකාරිවල අඩුවක් සිදුකරන්නට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර තිබුණේ නැහැ. ඒ අනුව පසුගිය 6 වැනිදා ජනාධිපතිවරයා දක්ෂිණ අධිවේගී මාර්ගයේ දෙවැනි අදියරයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවුණා. බස් රථයකින් එහි ගිය ජනාධිපතිවරයා දැකබලාගන්න බොහෝදෙනෙකු ඇවිත් හිටියා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල - පින්නදූව සිට මාතර දක්වා වූ කොටසේ ඉදිකිරීම් කඩිනමින් නිම කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී උපදෙස් ලබාදුන් අතර ලබන වසරේ පළමු භාගයේ එම කොටස ජනතා අයිතියට පැවරීමට කටයුතු කළ යුතු බවත්, ඉදිකිරීම් භාර නිලධාරීන්ට ප‍්‍රකාශ කළා. එහි ඉදිකිරීම් අවසන් වනවාත් සමඟ මාතර සිට හම්බන්තොට දක්වා වූ අධිවේගී මාර්ගය ඉදිකිරීම ආරම්භ කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේ මාර්ගයේ ඉදිකිරීම් හේතුවෙන් අවට ප‍්‍රදේශවාසීන් මුහුණ පා ඇති ගැටළු කිහිපයක් පිළිබඳවද  අවධානය යොමු කිරීමෙන් පසුවයි.

එම වැඩකටයුතු අවසන්වී ජනාධිපතිවරයා හම්බන්තොට ගියේ ඩී.ඒ. රාජපක්ෂ ශ‍්‍රීමතාණන්ගේ 46 වන ගුණානුස්මරණ උත්සවයට එක්වීම සඳහායි. බදාදා උදේ තංගල්ලේ පැවති උත්සවයට මැති ඇමතිවරුන් රැසක් එක්ව සිටියා. එදා කාල්ටන් නිවසට ගුරුවරියක දණගැස්වීමේ සිද්ධිය පිළිබඳ චෝදනා එල්ලවූ හිටපු පළාත් සභා මන්ත‍්‍රී ආනන්ද සරත් කුමාරත් ඇවිත් හිටියා. ‘‘මම වැරදි කරන කෙනෙක් නෙමෙයි. නොමිනේෂන් හම්බවුණා නම් මට පුත්තලමෙන් දෙකට එන්න තිබ්බා.’’ කඳුලූ සල සල ඔහු ජනාධිපතිවරයා හමුවේ එහෙම කිව්වා කියලා තමයි ආරංචි වුණේ. ඔහු එහෙම කිව්වට සිද්ධිය පිළිබඳව ජනාධිපතිවරයා සහ පක්ෂය නිවැරදි තීරණය කළින්ම අරන් තිබ්බා.

සමගි බලවේගය සංවිධාන කළ සත්‍යග‍්‍රහයක් සහ උද්ඝෝෂණයක් පසුගියදා කොටුව දුම්රියපළ ඉදිරිපිට පැවැත්වුණා. දුම්රියපළ ඉදිරිපිට වාඩිවෙලා හිටපු නායකයෝ එකිනෙකා ටික වේලාවකින් නැගිට්ටේ ශාරීරිකව දැණුනු අපහසුතාවය නිසා. කරූ ජයසූරිය මන්ත‍්‍රීවරයා වගේම මංගල සමරවීර මන්ත‍්‍රීවරයාත් ටික වේලාවක් වාඩිවෙලා මෙහෙම නැගිට්ට අය අතර හිටියා. වැඬේ කියන්නේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ කිසිම ගාණක් නැතුව වාඩිවෙලා හිටපු එක. ‘‘සර්, අමාරුනම් ටිකක් නැගිටලා ඉන්න.’’ ළඟ හිටපු කෙනෙක් ඔහුට එහෙම කිව්වා. ‘‘අයියෝ කිසි අමාරුවක් නැහැ. මම දැන් නිදහස්නේ. මන් නිකං දැන් සෝවාන් වෙලා වගේ ඉන්නේ. කිසි බරක් නැහැ. අනෙක, මට  ඕන වෙලාවක බිම ඉන්නත්, නැගිටින්නත් පුළුවන්.’’ එහෙම කියපු එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ දිගටම වාඩිවෙලා හිටියා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
උතුරු අහස් කුස ජයගත් සරුංගල් සැණකෙළිය
Tuesday, 17 July 2018 - 9:20
යාපනය, අරියාලෙයි ප්‍රදේශයේ තරුණයින් පිරිසක් විසින් සරුංගල් සැණකෙළියක් සංවිධානය කර තිබුණා.යාපනය,... Read More
News Image
Hiru News Programme Segments
568 Views
6,605 Views
5,360 Views
4,911 Views
66 Views
38,769 Views
Top