Hirunews Logo
%E0%B6%BB%E0%B7%90%E0%B6%A2%E0%B7%92%E0%B6%AB+%E0%B6%A0%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%93+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80.
Sunday, 17 November 2013 - 22:42
රැජිණ චාල්ස්ට කී කතාව.
14

Shares
1,748

Views
ගත වූ සතියේ රටේම අවධානය යොමු වුණේ පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව පිළිබදවයි. ඊට සහභාගිවීමට පැමිණි බි‍්‍රතාන්‍යයේ කිරුළ හිමි චාල්ස් කුමරු රටේ විවිධ ස්ථානවල සංචාරය කළා. ඔහු දිවයිනට පැමිණීම සහ ඉන් පසුව කළ කී දෑ බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් ඇතුළු ඇතැම් පිරිස් සිදුකළ ශ‍්‍රී ලංකාවට හානිදායක ප‍්‍රකාශයන් හා සසදන විට සම්පූර්ණයෙන්ම වෙනස්වීම විශේෂත්වයක්.

පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට එක්වීම සඳහා චාල්ස් කුමරු ශ‍්‍රී ලංකාවට පැමිණි දිනයේ ඔහුගේ උපන් දිනය ද යෙදී තිබුණා. ඒ වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අරලිය ගහ මන්දිරයේ සාදයක් ද සංවිධානය කළා. ඉතා සුහදව ආරාධනය පිළිගෙන ඊට එක්වුණු චාල්ස් කුමරු ජනාධිපතිවරයා ඇතුළු පවුලේ සියලූ දෙනා සමඟ එම පැය කිහිපය ගත කළේ නිරන්තරයෙන් ශ‍්‍රී ලංකාවට පැමිණ මෙරට දුක සැප සොයා බලන මිතුරෙකු ලෙසින්. ජනාධිපතිවරයා ඇතුළු පිරිස සමඟ විවිධ තොරතුරු කතා කළ චාල්ස් කුමරු එකපාරටම මෙහෙම ඇහුවා. ‘‘ කොහොම දැන් ලංකාවේ තත්ත්වේ.’’ රටේ තිබෙන සාමකාමී වාතාවරණය පිළිබදව චාල්ස් කුමරුට ලැබුණේ හොඳ පැහැදිලි කිරීමක්. ‘‘ ඒක ඇත්ත, මම ලංකාවට කිහිප වරක්ම ආවා. අනිත් එක ලංකාව කොහොම රටක් ද කියන එක මට මගේ අම්මා කියලා තියෙනවා. ඒ නිසා ලංකාව සහ මෙහේ මිනිස්සු ගැන මම හොදට දන්නවා.’’ චාල්ස් කුමරු එහෙම කිව්වා.

පොදුරද මඩුලූ සමුළුව ඉවර වුණත් මන්මෝහන් සිං අග‍්‍රාමාත්‍යවරයා ඒකට සහභාගි නොවීම ගැන රටේ සිදුවන කතාබහ තවමත් අවසන් වී නැහැ. පසුගිය දා රැුස්වුණු ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලයත් මේ ගැන විවිධ කතා කිව්වා. මන්මෝහන් සිං කියලා තිබ්බේ අභ්‍යන්තර බලපෑමක් නිසා මම ලංකාවට යන්නේ නෑ කියලා. ‘‘ එහෙනම් ඉතින් 13 වන සංශෝධනය අහෝසි කරන්න කියලත් ලංකාව ඇතුළු ආණ්ඩුවට  ඕන තරම් බලපෑම් තියෙනවා නේ. ඒ අභ්‍යන්තර බලපෑම් පිළිබදවත් අපි ප‍්‍රමුඛත්වය දීලා කටයුතු කරන්න  ඕනි.’’ මන්මෝහන් සිං අග‍්‍රාමාත්‍යවරයාගේ අභ්‍යන්තර බලපෑම් කතාව, ඉදිරියේ දි ශ‍්‍රී ලංකාව සඳහා වූ ඉන්දීය බලපෑම පිළිබදව කතා කරන අයට නියම මාතෘකාවක් වේවි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රට ම කැළඹූ කාළගුණය
Thursday, 30 November 2017 - 14:34
මේ දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයට පත්ව... Read More
News Image
Hiru News Programme Segments
630 Views
6,162 Views
5,944 Views
5,982 Views
234 Views
7,693 Views
Top