Hirunews Logo
%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B8%E0%B7%93+%E0%B6%9A%E0%B6%BB%E0%B7%80%E0%B6%BD%E0%B7%8F.
Sunday, 24 November 2013 - 15:06
පාර්ලිමේන්තුවට පැමිණි කුණු මී කරවලා.
14

Shares
1,685

Views
පසුගිය බ‍්‍රහස්පතින්දා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කළින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විශේෂ කැබිනට් රැුස්වීමක් කැඳවලා තිබ්බා. ඒකෙදි ජනාධිපතිවරයා කිව්වේ මේක මැතිවරණ අයවැයක් නොව රටේ සංවර්ධන ක‍්‍රියාදාමය ඉදිරියට ගෙන යන අයවැයක් කියලා. යාපනයේ සංවර්ධනයට විශේෂ දේවල් තියෙනවද කියලා මේකෙදි ඇහැව්වේ ඇමති ඩග්ලස් දේවානන්දා. ‘‘මම උතුර දකුණ කියලා වෙන් කරලා වැඩකරන්නේ නැහැ. පොදුවේ රටක් විදිහටයි වැඩකරන්නේ. ජනාධිපතිවරයා නියම පිළිතුර දුන්නා.

බ‍්‍රහස්පතින්දා කැබිනට් රැස්වීම පැවැත්වෙන අතරේ ඩිලාන් පෙරේරා ඇමතිවරයා ජනාධිපතිවරයා ළඟට ගොස් තමන් ඔලිම්පික් කමිටුවේ සභාපතිකමට තරඟ කරන බව කිව්වා. ‘‘සර්, ක‍්‍රීඩා ඇමතිතුමාගේ ආශිර්වාදයත් මට තියෙනවා. එහෙම කිව්ව ඩිලාන් පෙරේරා ඇමතිවරයා පෙන්වූ ජනාධිපතිවරයා නිමල් සිරිපාල ඇමතිවරයාට මෙහෙම කිව්වා. ‘‘නිමල් ඔයා දන්නවාද ඔයාගේ යාළුවා ඔලිම්පික් එකට තරඟ කරනවා.’’ ‘‘සර් මං ප‍්‍රාර්ථනා කරන්නේ තරඟ කරලා ඔහොමම ඔලිම්පික් යන්න කියලයි.’’ ඇමති නිමල් සිරිපාල එකපාරට එහෙම කිව්වා. සර් ඒකනං ඉබේ කියවෙච්ච දෙයක්. ඩිලාන් පෙරේරා ඇමතිවරයා හිනාවෙවී කිව්වා. ඔලිම්පික් කමිටුවේ සභාපතිකමට ඇමති බෑණා කෙනෙකුත් තරඟ කරනවා කියලත් ආරංචියි.

පාර්ලිමේන්තුවේදී අයවැය කථාව අහන්න වයඹ මහ ඇමති දයාසිරි ජයසේකරත් ඇවිත් හිටියා. ඔහු සිව්වන මහලේ සිට විදුලි සෝපානයෙන් පහළට එද්දී ඒක හදිසියේම තුන්වන මහලේ නතරවුණා. විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහගේ කාර්යාලය තිබ්බෙත් එතන. කාර්යාලය ගාව හිටපු ගයන්ත කරුණාතිලක, හර්ෂ ද සිල්වා සහ රංගේ බණ්ඩාර කියන මන්ත‍්‍රීවරු විදුලි සෝපානයේ හිටපු මහ ඇමති දයාසිරි ඇදලා එළියට ගත්තා. කට්ටිය කථා කළේ විපක්ෂ නායක කාර්යාලයේ ඉදලා අහුවෙච්ච සර්පයා ගැන. ඒකා මාපිලෙක් කියලා කිව්වට පස්සෙ හෙළිවුණේ විෂ රහිත කුණු මී කරවලෙක් කියලා. ‘‘උඹලා තමයි  ඕකා ගෙනත් දාන්න ඇත්තේ.’’ එහෙම කියපු දයාසිරි ජයසේකර මහ ඇමතිවරයා එතනින් මාරුවෙලා ගියා. හැබැයි පාර්ලිමේන්තුවේදී හරින් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා ඒ ගැන වැඩි විස්තර හොයා බලන්න කියලා ඉල්ලූවේ සර්පයා මාපිලෙක් බව කියමින්.  කොහොම වුණත් දෙහිවල සත්වෝද්‍යානයේ නිලධාරීන් එම සර්පයා කුණු මී කරවලෙක් කියලා තහවුරු කර තිබුණා.

බොදුබල සේනා සංවිධානය පසුගියදා සිරිකොත ඉස්සරහා යළිත් උද්ඝෝෂනයක් කළා. ඒ, මීට කළින් කරපු උද්ඝෝෂණයේදී හාමුදුරුවරුන්ට හිරිහැර වුණා කියලා. මෙතෙන්ට ආපු දයා ගමගේ එක්සත් ජාතික පක්ෂ හිටපු සංවිධායකතුමා හැමෝටම ඇහෙන්න මෙහෙම කිව්වා. ‘‘රටේ බෞද්ධ ජනතාවගෙන් අපි සමාව ඉල්ලනවා.’’ එයා සමාව ගත්තාට විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ කියලා තිබ්බේ ඒක පක්ෂයේ තීරණයක් නෙමෙයි කියලා. උද්ඝෝෂණය අතරට ගිහිල්ලා ප‍්‍රකාශ නිකුත් කිරීම ගැන විපක්ෂ නායකවරයා දයා ගමගේ පළාත් සභා මන්ත‍්‍රීවරයාට වගේම පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවී කරුණානායකටත් දැඩිසේ අවවාද කරලා තිබ්බා. මොකද පක්ෂය වෙනුවෙන් එහෙම ප‍්‍රකාශ නිකුත් කරන්න පුළුවන් පක්ෂයේ නායකත්වයට, නායකත්ව මණ්ඩලයට හෝ මහ ලේකම්වරයාට පමණක් නිසා
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රට ම කැළඹූ කාළගුණය
Thursday, 30 November 2017 - 14:34
මේ දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයට පත්ව... Read More
News Image
Hiru News Programme Segments
19 Views
6,261 Views
5,950 Views
6,008 Views
243 Views
7,780 Views
Top