Hirunews Logo
%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%A7+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.
Sunday, 01 December 2013 - 15:51
ජනපතිගෙන් අනුර කුමාරට ඇමතුමක්.
23

Shares
2,790

Views
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සෙනසුරාදා හොරණ විද්‍යාරතන පිරිවෙන් විද්‍යායතනයට ගියේ එහි නව ගොඩනැගිල්ලක් විවෘත කරන්නට. මේකට අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධනත් ඇවිත් හිටියා. විද්‍යාරතනේ දරුවන්ගේ දක්ෂතා දැකපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරයක් එතන ඉදිකරන්න කියලා ඇමති බන්දුලට කිව්වා. ගත් කටටම බන්දුල ඇමතිතුමා ‘‘සර්, සල්ලි දෙනවානම් මං හදන්නම්. එ්ක අහපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රතිපාදන වෙන් කරන්න පොරොන්දු වුණා.

මෙතනදී කථා කරපු ජනාධිපතිතුමා අයවැය ගැන විවේචනය කරපු විපක්ෂ මන්ත‍්‍රීවරුන්ට වගේම හොඳ කතා කරපු ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන්ටත් අමතක වෙච්ච කථාවක් කිව්වා. ‘‘මෙවර අයවැයේදී ස්වාමීන් වහන්සේලා සඳහා වන ශිෂ්‍යාධාරය 117% කින් මම වැඩි කළා. අනෙකුත් සිසුන්ට 265% කින් වැඩි කළා. අයවැයේදී මම  ඕක කිව්වේ සැහැල්ලූවෙන්. එ් හින්දද කොහෙද කවුරුවත් එ් ගැන කථා කළේ නැහැ. ගොඩක් අයට පිරිවෙණේ අධ්‍යාපනය අමතක වුණා. රටේ තියෙන හැම එකක්ම කථා කළා. විපක්ෂය වගේම ආණ්ඩු පක්ෂයත් එකනම් අමතක කළා.’’ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එ් කථාව කිව්වේ එහෙම. මේ වැඬේ ඉවරවෙලා එන ගමන් ජනාධිපතිවරයා හදිසියේම හොරණ - නගරසභා කාර්යාල සංකීර්ණයද නිරීක්ෂණය කළා.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායකගේ උපන් දිනය යෙදිලා තිබුණේ පසුගිය සතියේ. සුපුරුදු විදිහට උදෙන්ම මන්ත‍්‍රීතුමාට කථා කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ‘‘සුභ උපන් දිනයක්. ඔබතුමාට සුබ පතන්න කථා කළේ. අනුර දිසානායක මන්ත‍්‍රීවරයා ජනාධිපතිවරයාගෙන් ඇහුවේ නම් මෙහෙම ප‍්‍රශ්නයක්. ‘‘ස්තූතියි ජනාධිපතිතුමනි, කොහොමද ඉතින්? ඇත්තටම මොන ඡුන්දෙද ඊළඟට තියෙන්නේ.’’ ‘‘එකපාර දෙක තුනක් තිබ්බම ඔයාලටත් කරදරයි නේ. එ් නිසා බස්නාහිර විතරක් කලින් තියලා අනෙක්වා පස්සේ කරමු.’’ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කිව්වා. ආ........ එ්ක හොදයි. අනුර දිසානායක මන්ත‍්‍රීවරයා ජනාධිපතිවරයාට එහෙම කිව්වා.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලයත් පසුගිය සතියේ රැුස්වුණා. එහිදී ඔවුන් තීරණය කළේ ආණ්ඩුවට එරෙහි සියලූ විපක්ෂ බලවේග සමග සාකච්ඡුා කරන්න. මේ අතරේ නායකත්ව මණ්ඩලය කාටවත්ම විවේචනය කරන්න බෑ කියලා පක්ෂ සම්මේලනයේදී නීතියක් ගෙන එන්නත් ඔවුන් සූදානම් වනවා. එ්ක පක්ෂ සම්මේලනයේදී සම්මත කරගන්න දැනටමත් තීරණය කරලා අවසන්. මේ නීතිය ඉතින් රකින්න  ඕන පක්ෂෙම අය තමයි කියලයි බොහෝ දෙනෙකු කිව්වේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
උතුරු අහස් කුස ජයගත් සරුංගල් සැණකෙළිය
Tuesday, 17 July 2018 - 9:20
යාපනය, අරියාලෙයි ප්‍රදේශයේ තරුණයින් පිරිසක් විසින් සරුංගල් සැණකෙළියක් සංවිධානය කර තිබුණා.යාපනය,... Read More
News Image
Hiru News Programme Segments
704 Views
6,711 Views
5,397 Views
4,947 Views
111 Views
38,926 Views
Top