Hirunews Logo
%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+5+%E0%B6%9A%E0%B7%8A.+-+%E0%B6%A2%E0%B7%9C%E0%B6%B1%E0%B7%93+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%92.
Sunday, 08 December 2013 - 15:42
ජනපතිගෙන් ඇමතුම් 5 ක්. - ජොනී නිදි.
19

Shares
2,324

Views
අයවැය විවාදයේ වැඩකටයුතු නිසාම මේ පාර කැබිනට් රැස්වීම පැවැත්වුණේ සිකුරාදා. මේකෙදී හෝමාගමට පෙළපොත් ගබඩාවක් ඉල්ලලා අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන කැබිනට් පත‍්‍රිකාවක් දැම්මා. ඔක්කොම කුණු බේරුවල් බොක්කට වගේ දැන් හැම එකම හෝමාගමට. හිනාවෙවී ජනාධිපතිවරයා එහෙම කිව්වා. කොහොම වුණත් ඒකත් අනුමැතියට යටත් වුණු නිසා රැස්වෙලා හිටපු ඇමතිවරු බන්දුල ඇමතිවරයා හෝමාගමට ගත්ත දේවල් ගැන විවිධ කථා කිව්වේ තරහකින් නම් නෙමෙයි.

ඇමති ජොන්ස්ටන් ප‍්‍රනාන්දුගේ උපන් දිනය යෙදිලා තිබ්බේ ගිය බ‍්‍රහස්පතින්දා. පක්ෂ විපක්ෂ මොන මන්ත‍්‍රීතුමාටත් උදෙන්ම සුබ පතන එක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුරුද්දක්. ඒ අනුව ජොනී ඇමතිතුමාට සුබ පතන්න ඇමතුම් පහක්ම ගන්න සිද්ධ වුණේ ඔහු තද නින්දේ පසුවෙච්ච නිසා. ‘‘ඔයාට සුභ උපන්දිනයක් කියන්න කතා කළේ. මොකද ඊයේ ? නිදි මැරුව ද ජනාධිපතිවරයා ඇහුවා. ඔව් සර්.. පාන්දර තමයි නිදා ගත්තේ. පොඩි ආගමික වැඩ වගයකට ගියා.’’ එහෙම කිව්වේ ජොන්ස්ටන් ඇමතිතුමා. ‘‘දැන් කීයද වයස.... තාම ඉතිං කොල්ල වගේනේ.’’ ජනාධිපතිවරයා කතාව නිම කළේ පොඩි විහිළුවකුත් කරලා. කොහොම හරි ජනාධිපතිතුමා සුබපැතුවාට පස්සේ දයාසිරි ජයසේකර මහ ඇමතිවරයාත් ජොනී ඇමතිතුමාට සුබ පැතුවා කියලා ආරංචියි.

මැතිවරණ ගැන කතාබහ වැඩිවෙන්න පටන් ගත්ත නිසා එක්සත් ජාතික පක්ෂයත් ලහිලහියේ ඒ කටයුතුවලට සූදානම් වනවා. පසුගිය සතියේ නායකත්ව මණ්ඩලය ඒ පිළිබඳව විපක්ෂ කණ්ඩායම් කිහිපයක් සමග සාකච්ඡා කළා. දෙසැම්බර් 21 වැනිදා පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ සම්මේලනය ගැනත් මෙම සාකච්ඡාවලදී වැඩි අවධානයක් යොමුවුණා. විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ සති අන්තයේ කොළඹ පැවති දේශපාලන බල මණ්ඩල රැස්වීම් කිහිපයකට සහභාගි වූ අතර එහිදී අයවැය පිළිබඳව දැඩි විවේචන සිදුකළා. ජනපතිගෙන් ඇමතුම් 5 ක්. - ජොනී නිදි.

අයවැය විවාදයේ වැඩකටයුතු නිසාම මේ පාර කැබිනට් රැුස්වීම පැවැත්වුණේ සිකුරාදා. මේකෙදී හෝමාගමට පෙළපොත් ගබඩාවක් ඉල්ලලා අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන කැබිනට් පත‍්‍රිකාවක් දැම්මා. ඔක්කොම කුණු බේරුවල් බොක්කට වගේ දැන් හැම එකම හෝමාගමට. හිනාවෙවී ජනාධිපතිවරයා එහෙම කිව්වා. කොහොම වුණත් ඒකත් අනුමැතියට යටත් වුණු නිසා රැුස්වෙලා හිටපු ඇමතිවරු බන්දුල ඇමතිවරයා හෝමාගමට ගත්ත දේවල් ගැන විවිධ කථා කිව්වේ තරහකින් නම් නෙමෙයි.

ඇමති ජොන්ස්ටන් ප‍්‍රනාන්දුගේ උපන් දිනය යෙදිලා තිබ්බේ ගිය බ‍්‍රහස්පතින්දා. පක්ෂ විපක්ෂ මොන මන්ත‍්‍රීතුමාටත් උදෙන්ම සුබ පතන එක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුරුද්දක්. ඒ අනුව ජොනී ඇමතිතුමාට සුබ පතන්න ඇමතුම් පහක්ම ගන්න සිද්ධ වුණේ ඔහු තද නින්දේ පසුවෙච්ච නිසා. ‘‘ඔයාට සුභ උපන්දිනයක් කියන්න කතා කළේ. මොකද ඊයේ ? නිදි මැරුව ද ජනාධිපතිවරයා ඇහුවා. ඔව් සර්.. පාන්දර තමයි නිදා ගත්තේ. පොඩි ආගමික වැඩ වගයකට ගියා.’’ එහෙම කිව්වේ ජොන්ස්ටන් ඇමතිතුමා. ‘‘දැන් කීයද වයස.... තාම ඉතිං කොල්ල වගේනේ.’’ ජනාධිපතිවරයා කතාව නිම කළේ පොඩි විහිළුවකුත් කරලා. කොහොම හරි ජනාධිපතිතුමා සුබපැතුවාට පස්සේ දයාසිරි ජයසේකර මහ ඇමතිවරයාත් ජොනී ඇමතිතුමාට සුබ පැතුවා කියලා ආරංචියි.

මැතිවරණ ගැන කතාබහ වැඩිවෙන්න පටන් ගත්ත නිසා එක්සත් ජාතික පක්ෂයත් ලහිලහියේ ඒ කටයුතුවලට සූදානම් වනවා. පසුගිය සතියේ නායකත්ව මණ්ඩලය ඒ පිළිබඳව විපක්ෂ කණ්ඩායම් කිහිපයක් සමග සාකච්ඡා කළා. දෙසැම්බර් 21 වැනිදා පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ සම්මේලනය ගැනත් මෙම සාකච්ඡාවලදී වැඩි අවධානයක් යොමුවුණා. විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ සති අන්තයේ කොළඹ පැවති දේශපාලන බල මණ්ඩල රැස්වීම් කිහිපයකට සහභාගි වූ අතර එහිදී අයවැය පිළිබඳව දැඩි විවේචන සිදුකළා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රෑ පිපුණු නෙළුමේ අසිරිය
Thursday, 06 December 2018 - 7:38
නෙළුම් කුළුණ පූර්ණ ලෙස ආලෝකමත් වූ අවස්ථාවක ලබාගත් ඡායාරූප පෙළක් මේ වනවිට අන්තර්ජාලය හරහා හුවමාරු... Read More
News Image
News Image
Hiru News Programme Segments
5,826 Views
10,227 Views
8,925 Views
9,087 Views
1,422 Views
56,416 Views
Top