Hirunews Logo
130%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B8%E0%B7%9C%E0%B6%9A%E0%B6%AF+%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%9A+%3F+-+%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
Monday, 16 December 2013 - 10:34
130කට මොකද වුණේ ? - කුඩු ගැන අලූත් ප‍්‍රශ්නයක්.
17

Shares
2,066

Views
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සතියේ දකුණු අප‍්‍රිකාවට ගියේ අභාවප‍්‍රාප්ත හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාට අවසන් ගෞරව දක්වන්න. ජොහැන්නස්බර්ග් නුවර පැවැති අනුස්මරණ මෙහෙයට සහභාගි වූ ජනාධිපතිවරයා පි‍්‍රටෝරියා නුවර දී දේහයට අවසන් ගෞරව දැක්වුවා. අනතුරුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිව් දින නිළ සංචාරයක් සඳහා කෙන්යාවට ගියා. කෙන්යානු නිදහස් උළෙලටත් ජනාධිපතිවරයා සහභාගි වූ අතර, එහි ස්ථාන කිහිපයක චාරිකා කිහිපයකට ද එක්වුණා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ කෙන්යානු ජනාධිපතිවරයා අතර ද්වි පාර්ශවික සාකච්ඡා සෙනසුරාදා පැවැති අතර ඊට සමගාමීව දෙරට අතර ගිවිසුම් 8කට අත්සන් තැබුවා.

ගත වූ සතිය දේශපාලනිකව උණුසුම් වුණේ අය වැය හින්ද විතරක් නෙවේ. රේගුව අත්අඩංගුවට ගත්ත කුඩු කන්ටේනරය ගැන ප‍්‍රශ්නය ආපහු කරලියට ආවා. මේ වැඬේ පත්තු වුණේ සෝමහිමි ගුණසමරු උත්සවයකදී ජාතික හෙළ උරුමයේ නායක පූජ්‍ය  ඕමල්පේ සෝභිත හිමියන් සිදුකළ ප‍්‍රකාශයක් එක්ක. ‘‘ කුඩු කන්ටේනරය නිදහස් කිරීම ගැන අගමැතිවරයාගේ ලේකම්වරයෙකු ලියුමක් ලියලා තියෙනවා. ඒකට අගමැතිවරයාව අත්අඩංගුවට අරන් පරීක්ෂණ කරන්න  ඕන.’’ උන්වහන්සේගේ ප‍්‍රකාශය ගැන පාර්ලිමේන්තුවේදි විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ජෝශප් මයිකල් පෙරේරා මන්ත‍්‍රීවරයා අවධානය යොමු කළා. ‘‘මේ චෝදනාව කරන්නේ රටේ අගමැතිවරයාට. ඒ වගේ ජ්‍යෙෂ්ඨ කෙනෙකුට අපිවත් එහෙම චෝදනා කරන්නේ නැහැ. ආණ්ඩුවේ මන්ත‍්‍රීවරයා මේකට මොනව හරි කරන්න  ඕන.’’ ජෝන් අමරතුංග මන්ත‍්‍රීවරයා ඒ ගැන කිව්වේ එහෙමයි.

කොළඹ පැවැති බොදුබල සේනා සංවිධානයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ද කිව්වේ හෙළ උරුමය කියන කතාවමයි. වැඬේ මෙහෙම උණුසුම් වෙද්දි මේ ලියුම යැවූ බව කියන අග‍්‍රාමාත්‍ය සම්බන්ධීකරන ලේකම්වරයා කියන්නෙ ගම්පොළ නගර සභාවේ මන්ත‍්‍රීවරයෙකුගේ ඉල්ලීම මත තමන් මෙම ලිපිය යොමු කළේ රේගුවට නොව බහාලූ මෙහෙයුම් සිදුකරන සමාගමකට බවයි. මෙම සම්බන්ධීකරණ ලේකම්වරයා අගමැති කාර්යාලයේ නොව බුද්ධ ශාසන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු බව අගමැති කාර්යාලයේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළා.  හැමෝම මේ ගැන කතා කරද්දි ජනතා විමුක්ති පෙරමුණ ඉරිදා මේ ගැන මාධ්‍ය හමුවක් පවත්වමින් කරුණු පැහැදිලි කළා. විජිත හේරත් මන්ත‍්‍රීවරයා ඒකෙදි කිව්වේ පුදුම කතාවක්. ‘‘ හෙරෝයින් කිලෝග‍්‍රෑම් 261.292ක් අත්අඩංගුවට අරන් සැකකරුවන් තුන්දෙනෙක් සමග පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාර දුන්නා කියලා රේගුව පාර්ලිමේන්තුවට දන්වලා තියෙනවා. හැබැයි පොලීසිය වෙනුවෙන් කරපු කරුණු දැක්වීමෙදි තියෙන්නේ එම ප‍්‍රමාණය කිලෝග‍්‍රෑම් 131.148ක් කියලා. එක්කො කුඩු තොගයෙන් අඩක් වාෂ්ප වෙලා. එහෙම නැත්නම් බහිරවයො ගිලලා. ’’ ජනතා විමුක්ති පෙරමුණ කුඩු ප‍්‍රශ්නය වෙනම පැත්තකට හැරෙව්වා. නුවර තිබ්බ උත්සවයකදි අග‍්‍රාමාත්‍ය දි.මු. ජයරත්න නම් කිව්වේ බුදුන්ටත් ගල් පෙරලපු ලොකේ මම වගේ අවංක මනුස්සයෙකුට මොනව නොකරයි ද කියලා.

මේ අතර, ආණ්ඩුවේ ආරංච් මාර්ග ප‍්‍රකාශ කළේ ලබන වසරේදි ජනාධිපතිවරණයක් හෝ මහා මැතිවරණයක් පැවැත්වෙන්නේ නෑ කියලා. ඒ ගැන ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයෝ අතර සාකච්ඡුාවකුත් තිබ්බ කියලා ආරංචියි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ලොවක් කතා කරන රාජකීය නාවික හමුදාව
Monday, 24 September 2018 - 11:04
මහා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවේ දුර්ලභ ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසනවා.රාජකීය... Read More
News Image
Hiru News Programme Segments
12 Views
3,673 Views
7,289 Views
7,188 Views
153 Views
48,286 Views
Top