%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B6%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BD%E0%B7%8F.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.
Saturday, 15 October 2011 - 13:40
රනිල් මහත්තයා පාරට බැහැලා. - ජනපති කියයි.
4

Shares
486

Views

පසුගිය බ‍්‍රහස්පතින්දා (13)ජනමාධ්‍ය ප‍්‍රධානීන් සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් අරලිය ගහ මන්දිරයේදී පැවැත්වුණා. එහිදී ද අවසන් වූ පළාත් පාලන මැතිවරණය මෙන්ම මුල්ලේරියාවේ සිද්ධිය මාතෘකාව බවට පත්වුණා. ආණ්ඩුව විශාල උත්සාහයක් දරුවත් කොළඹ මහ නගර සභාව දිනා ගැනීමට නොහැකි වූ ලෙස සම්ප‍්‍රදායික ලෙස එය එක්සත් ජාතික පක්ෂයට හිමි වුණා. කොළඹ දිනා ගත නොහැකිවීම පිළිබදව මාධ්‍යවේදියෙකු ජනාධිපතිවරයාගෙන් ප‍්‍රශ්නයක් විමසුවා. ඊට ජනාධිපතිවරයා සිනාමුසු මුහුණින් සැහැල්ලූවෙන් මෙසේ පිළිතුරු දුන්නා.

‘‘කොහෙද දිනන්නේ. රනිල් මහත්තයා පාරට බැහැලා, පයින් ඇවිදිනවා. ත‍්‍රීවිල්වල යනවා. ඒකනේ ප‍්‍රශ්නෙ වුණේ. ඉතින් කොහොම කරන්න ද?’’

මේ අතර මුල්ලේරියාවේ සිද්ධිය සම්බන්ධයෙන් කතා බහ ඇරඹුණු විට ජනාධිපතිවරයා කොළඹ දිස්ත‍්‍රික්කයේ එක්තරා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුව නම නොකියා දැඩි වාග් ප‍්‍රහාරයකට ලක් කළා.

‘‘ කොළඹ ඉන්න ටයි කෝට් ඇදගත්ත එක්කෙනෙක් තමන්ගේ දේශපාලන ප‍්‍රතිරූපය වැඩි කර ගන්න උත්සාහක නිතර වනවා. තමන්ට අභියෝගයක් වන දේශපාලන ප‍්‍රතිරූප පාගා දමන්න තමයි එයා හදන්නේ. ඒකට ඉඩ තියන්නේ බෑ.’’


ඉතාමත් සුහදශීලී අයුරින් ජනමාධ්‍ය ප‍්‍රධානීන් සහ ජනාධිපතිවරයාගේ සාකච්ඡාව පැවැත්වුණා. මාධ්‍ය ප‍්‍රධානීන් ඉදිරිපත් කළ සියලූ ප‍්‍රශ්නවලට සාවදානව කන් දුන් ජනාධිපතිවරයා ඒවා සියල්ලටම පිළිතුරු දුන්නේ සැහැල්ලූ සිනාමුසු මුහුණින්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
News Image
Hiru News Programme Segments
3,666 Views
56,962 Views
21,812 Views
28,927 Views
1,424 Views
106,723 Views
Top