Hirunews Logo
%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8.
Sunday, 29 December 2013 - 14:00
රනිල්ගේ අලූත්ම තහනම.
17

Shares
2,099

Views
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නත්තල් නිවාඩුව ගත කළේ යාල වනෝද්‍යානයේ. චාරිකාවට එක්වුණේ ශිරන්ති රාජපක්ෂ ආර්යාව සහ නාමල්, යෝෂිත, රෝහිත පුතුන් තිදෙනා. පවුලේ 5 දෙනා නිදහසේ මෙහෙම ගමනක් ගියේ ගොඩ කාලෙකට පස්සේ. කාර්ය බහුල ජීවිතයෙන් මිදිලා මේ ගමන යන්න ජනාධිපතිවරයා වගේම අනිත් හැමදෙනාමත් කලින්ම නිවාඩු වෙන් කරගෙන තිබුණා.

අයවැය විවාදයේ අවසන් වෙලා කථානායක නිළ නිවසෙ තිබ්බ සාදයත් අපූරු සිද්ධි කිහිපයකින් රසවත් වුණා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ පසුගිය දා දිවයිනට පැමිණි පාකිස්තාන කථානායකවරා තමයි මේකෙ ආරාධිතයන් වුණේ. සාදෙදි ජනාධිපති වරයා විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් එක්ක හරි හරියට කතා කළා. රංජිත් මද්දුම බණ්ඩාර, හර්ෂ ද සිල්වා, අශෝක් අබේසිංහ යන මන්ත‍්‍රීවරුන් සහ රෝසි සේනානායක මන්ත‍්‍රීවරිය රැදී සිටි ස්ථානයට ආපු ජනාධිපතිවරයා කිව්වේ ‘‘  ඕගොල්ලො වගේ මන්ත‍්‍රීවරු පිරිසක් ලබපු නායකතුමා හරි වාසනාවන්තයි ’’කියලා. ඒත් එක්කම එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරයෙක් ‘‘ අපි වගේ විපක්ෂයක් ලබපු ඔබතුමාත් වාසන්වන්තයි ’’ කියලා කිව්වා.

‘‘ඒක නෙමෙයි ජනාධිපතිතුමා, ඉස්සර ඔබතුමා පාර්ලිමේන්තුවේ කතා කරනකොට වැඩිපුරම බාධා කරලා තියෙන්නේ අස්වර් මන්ත‍්‍රීතුමා නේඳ’ එහෙම ඇහුවේ අශෝක් අබේසිංහ මන්ත‍්‍රීවරයා. ‘‘ ඒකෙනෙ මම අස්වර්ව ගත්තේ, විපක්ෂයේ අය වැඩිදුර කතා කරනවා නම් ඒකට එයා උත්තර දෙනවා.’’ සිනා සෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහෙම කිව්වා.

අග‍්‍රාමාත්‍ය දි.මු. ජයරත්න ගැනත් කරුණු විමසන්න මෙතෙන්දි එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරුන් අමතක කළේ නැහැ. ‘‘ අපි අගමැතිතුමාට කියලා තියෙන්නේ මේ දවස්වල වැඩිය කතා නොකර ඉන්න. ඒත් ඉතින් එයා උත්තර දෙනවා.දන්නැද්ද ඉතින්’’ සුපුරුදු ස්වරයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහෙම කිව්වා.

බස්නාහිර සහ දකුණ පළාත් සභා මැතිවරණය සදහා දෙසැම්බර් අන්තිම සතියේ පළාත් සභා දෙක විසුරුවන්නට රජය ගත් තීරණය සති දෙකකින් පමණ කල් ගියා. ඒ, තලවිල දේවස්ථානයේ මංගල්‍යය මාර්තු 8 වන දා යෙදී තිබීම නිසා. ජනවාරි දෙවන සතියේ පළාත් සභා විසුරුවා හැරියහොත් මාර්තු 22 හෝ 29 ඡන්දය පැවැත්විය හැකියි. කෙසේ වෙතත්, පසුගිය දා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පළාත් දෙකේ නියෝජිතයන්ට පවුලේ අයත් එක්කම එන්න කියලා ? කෑමකුත් දුන්නා.

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගත් මේ දවස්වල පුවත් මවනවා. මංගල සමරවීර මන්ත‍්‍රීවරයාගෙ පානදුර නිවසේ පැවැත්වෙච්චි රාත‍්‍රී භෝජන සංග‍්‍රහයකට ඇය පසුගිය සතියේ සහභාගි වෙලා හිටියා. විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ වගේම එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයේ කරු ජයසූරිය මන්ත‍්‍රීවරයාත්, මහලේකම් තිස්ස අත්තනායකත් එක්ක ඇය බොහෝ වෙලාවක් කතා බහ කළ බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කළා.

එක්සත් ජාතික පක්ෂය මුහුණ දීලා තියෙන අලූත්ම ගැටළුව බස්නාහිර මහඇමති අපේක්ෂකයා. මේකට හර්ෂ ද සිල්වා මන්ත‍්‍රීවරයා පත් කරන්න කියලා ජාතික යොවුන් පෙරමුණ යෝජනාවකුත් සම්මත කර ගත්තා. ‘‘ සර් මට පළාත් සභාවට එන්න බෑ. මට වැඩ කරන්න පුළුවන් පාර්ලිමේන්තුවේ හිටියොත්.’’ හර්ෂ ද සිල්වා මන්ත‍්‍රීවරයා විපක්ෂ නායකවරයාට එහෙම කිව්වලූ. මේ අතරතුරේ කළුතර පාලිත තෙවරප්පෙරුම මන්ත‍්‍රීවරයා ධුරය ලබා ගන්න කැමැතියි කියලා කිව්වා. ඒත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ ඊට වැඩි කැමැත්තක් දැක්වූයේ නැහැ. තෙවරප්පෙරුම මන්ත‍්‍රීවරයා පසුගිය කාලයේ සරත් ෆොන්සේකාගේ පක්ෂයටත් බැහැල වැඩකරපු කෙනෙක්. කට්ට්ටිය එක එක ඒවා කියන නිසා විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහඇමති අපේක්ෂකත්වය පිළිබද අදහස් පළ කිරීම හැමෝටම තහනම් කළා.

ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් පසුගිය සතියේ පැලවත්ත ප‍්‍රධාන කාර්යාලයේදී රැස් වුණා. ‘‘ආණ්ඩුව පළාත් සභා විසුරුවන එක දිනෙන් දින කල් දානවා. තාම නැකත ඇවිත් නැතුව ඇති.’’ එහෙම කිව්වෙ හිටපු මන්ත‍්‍රී ලාල් කාන්ත. ‘‘පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන්ටත් ගැටලූ ගොඩක් තියෙනවා.’’ අමාත්‍යාංශවලට සල්ලි නෑ එහෙම කිව්වෙ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ශ්‍රී ලංකා ක්‍රිකට් කෞතුකාගාරය අද සිට විවෘතයි
Wednesday, 20 February 2019 - 19:00
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ස්ථාපිත කරනු ලැබූ “ශ්‍රී ලංකා ක්‍රිකට් කෞතුකාගාරය” අද(20)... Read More
News Image
News Image
Hiru News Programme Segments
379 Views
16,143 Views
10,266 Views
10,524 Views
250 Views
63,046 Views
Top