Hirunews Logo
%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%94+%E0%B6%B4%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%A7+%E0%B6%9A%E0%B7%80%E0%B6%BA%E0%B7%92.
Monday, 06 January 2014 - 9:11
වාසු පවිත‍්‍රාට කවයි.
17

Shares
2,099

Views
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සඳුදා ගාල්ල බලා පිටත් වුණේ දකුණු පළාත් සභාවේ නව අමාත්‍යාංශ සංකීර්ණය විවෘත කිරීමටයි. ජනාධිපතිවරයා රැගත් හෙලිකොප්ටර් යානය ජනාධිපතිවරයාගේ මුල් පාසල වූ රිච්මන්ඞ් විද්‍යාලයේ ක‍්‍රීඩා පිටියට ගොඩබස්වනු ලැබුවා. ඒ වනවිටත් ගාල්ලේ දේශපාලන නායකයන් රැසක් සහ විශාල පිරිසක් එම ස්ථානයට පැමිණ සිටියේ ජනාධිපතිවරයා පිළිගැනීමටයි.

ජනාධිපතිවරයා වෙනුවෙන් දිවා ආහාර සූදානම් කර තිබුණේ වී.කේ ඉන්දික මන්ත‍්‍රීවරයාගේ ලබුදුවේ නිවසේදීයි. මෙම ස්ථානයට ජ්‍යෙෂ්ඨ අමාත්‍ය පියසේන ගමගේගේ පුතු වන රන්දිම ගමගේ ද පැමිණ සිටියා. ‘‘තාත්තා ගැන හිතන්නේ නැතුව ඔයාගෙ ගමන යන්න මම එක්ක තරහ වුණත් නැති වුණත් ඒ ගමන යන්න  ඕනා. මම නාමල්ටත් ඒක කියලා තියෙනවා.’’ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රන්දිමට එහෙම කිව්වා.

නව වසරේ ආරම්භය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගත කළේ තංගල්ල කාල්ටන් නිවසේයි. උදෑසනම කතරගමට ගිය ජනාධිපතිවරයා කිරිවෙහෙර සහ කතරගම දෙවොල වැදපුදා ගෙන ආශිර්වාද ලබා ගත්තා. ජනාධිපතිවරයාට සුභ පැතීම සඳහා මැතිඇමතිවරු රැසක්ම හම්බන්තොටට පැමිණ සිටියා.

සුපුදුරු විදිහට මෙවර කැබිනට් රැස්වීමේ දැඩි අවධානයක් යොමුවුණේ පළාත් පාලන ආයතනවල අයවැය පරාජය සහ ඉදිරි පළාත් සභා මැතිවරණ පිළිබඳව. බොහෝ දුරට මාර්තු 29 වැනිදා මැතිවරණය පැවැත්වෙනවා.

සිකුරාදා උදෑසන පැවති කැබිනට් රැුස්වීමේදී සුවිශේෂී සිදුවීමක් දක්නට ලැබුණා. වාසුදේව නානායක්කාර ඇමතිවරයාගේ උපන් දිනය යෙදී තිබිලා තිබුණෙත් එදා. කැබිනට් රැුස්වීමෙන් පසු පැවැත්වුණේ උපන් දින සාදයයි. වාසු වෙනුවෙන් කේක් ගෙඩිය සකස් කරලා තිබ්බෙත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාමයි. හැමෝගේම සතුට මැද්දේ කේක් ගෙඩිය කපපු වාසුදේව ඇමතිවරයා පළමු කේක් කෑල්ල ජනාධිපතිවරයාට කැව්වා. ‘‘ කාටද ඊළ`ග කෑල්ල’’ එහෙම ඇහුවෙ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා. ‘‘මම අපේ පවිත‍්‍රා ඇමතිතුමියට කවනවා. අල්ලපු ආසනයේ ඇමතිතුමියනේ. එහෙම කියපු ඇමතිවරයා පවිත‍්‍රා ඇමතිවරියට කේක් කෑල්ලක් කැව්වා.

නව වසර උදාවනවිට විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ සිටියේ විදේශගතවෙලා. පක්ෂ ලේකම් තිස්ස අත්තනායකත් එංගලන්තයට ගොස් සිටියා. කොහොම වුණත් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් දකුණෙදී විවිධ කතා කියපු කි‍්‍රශාන්ත පුෂ්පකුමාර නොහොත් රත්තරන් ආණ්ඩුවට එක්වීම පිළිබඳවත් බොහෝදෙනාගේ අවධානය යොමුවුණා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,515 Views
6,432 Views
7,990 Views
8,088 Views
602 Views
51,794 Views
Top