Hirunews Logo
%E0%B6%A2%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A7+%E0%B6%8B%E0%B6%A9.
Sunday, 12 January 2014 - 15:04
ජෝන් වැට උඩ.
12

Shares
1,538

Views
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගතවූ සතිය ගත කළේ මැදපෙරදිග සංචාරයට එක්වෙමින්. ජෝර්දානය, පලස්තීනය වගේම ඊශ‍්‍රායලයේත් ජනාධිපතිවරයා සංචාරය කළා. පලස්තීනයෙන් පුද්ගලයෙකුට පිරිනැමෙන ඉහළම සම්මානය වන පලස්තීන තාරකාව සම්මානයත් මෙම සංචාරයේදී ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයාට හිමිවුණා. එම රටවල සිටින ශ‍්‍රී ලාංකිකයන් ගැන වැඩි අවධානයකින් සොයා බැලූ ජනාධිපතිවරයා ඒ හැමෝටම කිව්වේ සිය රටට ඇවිත් දැන් රටේ තත්ත්වය බලන්න කියලා.

ගතවූ දින කිහිපයේ බොහෝදෙනෙකු කථා කළ මාතෘකාව විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග බවට පත්වුණා. ඒකට හේතු වුණේ ඔහු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග මැදපෙරදිග සංචාරයට එක්වීම. ජෝන් අමරතුංග මන්ත‍්‍රීවරයා පාර්ලිමේන්තුවේ තම කාර්යාලයේ බඩු මූට්ටු පවා අස්පස් කර සංචාරයට එක්ව ඇති බවයි වාර්තාවුණේ. ඔහුට කථානායක ධුරය හිමිවන බවටත් දේශපාලන සමාජයේ ආරංචි පැතිර ගියා.
 

එක්සත් ජාතික පක්ෂයේ ආරංචි මාර්ග නම් කිව්වේ ‘‘මේ වයසත් එක්ක විපක්ෂ දේශපාලනය කරන්න දැන් හරි අමාරුයි’’ කියලා මන්ත‍්‍රීවරයා දවසක් පාර්ලිමේන්තුවේදී කිව්වා කියලා. කොහොම හරි ලංකාවට ආපු ගමන් අපි ජෝන් අමරතුංග මන්ත‍්‍රීතුමාගෙන් මේ ගැන ඇහුවා. ‘‘මම ගියේ ආගමික සිද්ධස්ථාන බලන්න. නැතිව ජනාධිපතිවරයා එක්ක ආණ්ඩුවට එක්වෙන්න නෙමෙයි. සාකච්ඡා තියන තැන්වලට ගියත් මම ඒවාට සම්බන්ධ වුණේ නැහැ.’’ ඔහු කිව්වේ එහෙම කථාවක්. කොහොම වුණත් ජෝන් අමරතුංග මන්ත‍්‍රීවරයා තමන්ගේ නිල කාමරය පවා අස්පස් කරලා කියලා මාධ්‍යයට කිව්වේ එක්සත් ජාතික පක්ෂයේ ආරංචි මාර්ගමයි. ඒ වගේම ඒ පිළිබඳව මාධ්‍යවේදීන් කළ විමසීම්වලදී එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් මන්ත‍්‍රීවරුන් විවිධ ප‍්‍රකාශ සිදුකළා. කොහොම වුණත් කළින් අරන් තිබ්බ තීරණයක් මහ කථාවක් වුණ හින්දා එකපාරටම මන්ත‍්‍රීවරයා වෙනස් කරාද කියලත් කථා වෙනවා. විපක්ෂ නායකවරයා හම්බවෙලා කරුණු පැහැදිළි කරන්නත් ජෝන් අමරතුංග මන්ත‍්‍රීවරයා උත්සාහ කළේ ඒ නිසා වෙන්නැති. ආණ්ඩුවට යන්න තීරණය කරපු බොහෝදෙනෙක් ඒ ගැන කළින් නොකිව්ව බව ලංකාවේ කාටවත් රහසක් නෙමෙයි.

පසුගිය සතියේ කැබිනට් රැස්වීම පැවැත්වුණේ සිකුරාදා. ඒකෙදී උණුසුම් මාතෘකාවක් වුණේ පහේ ශිෂ්‍යත්වය. ප‍්‍රශ්නය මතු කළේ පවිත‍්‍රා වන්නිආරච්චි ඇමතිතුමිය. ‘‘සර්, මේ දවස්වල ශිෂ්‍යත්වය ගැන ප‍්‍රශ්නයක් ඇතිවෙලා.’’ එහෙම කියපු ගමන් චම්පික රණවක ඇමතිවරයාත් අවි අතට ගත්තා. ‘‘ශිෂ්‍යත්වය අහෝසි කරන්න දෙන්න බැහැ. ගමේ දරුවන්ට ජනප‍්‍රිය පාසලකට යන්න තියෙන අවස්ථාව මේකෙන් අහිමිවෙනවා.’’ වාග් සංග‍්‍රාමය ටිකක් නිව්වේ ඊට මැදිහත්වුණු ජනාධිපතිවරයා. බන්දුල ඇමතිතුමත් වැඬේ ගැන විවිධ කථා කිව්වා. ‘‘මම කිසි ලෙසකින්වත් ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරන්නේ නැහැ. අධ්‍යාපන ක‍්‍රමය ගැන සාකච්ඡා කරන්න පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවකුත් රැස් කළා.’’ ඇමති බන්දුලත් වාදය නැවැත්තුවේ නැහැ. කොහොම හරි අන්තිමට ජනාධිපතිවරයාව ප‍්‍රශ්ණෙට යළි මැදිහත්වුණා. ‘‘දැන් විවාද කළා ඇති. ශිෂ්‍යත්වය අහෝසි කරන්නේ නැහැ කියලා, ප‍්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තාම ඉවරයි.’’ ජනාධිපතිවරයාගේ තීරණය හැමෝම අනුමත කළා. ‘‘සර්, දැන් මාධ්‍යයට කියයි බන්දුල ශිෂ්‍යත්වය අහෝසි කරන්න ගියා, ජනාධිපතිතුමයි කැබිනට් එකයි ඒක වෙනස් කළා කියලා.’’ එහෙම කිව්වේ අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන. ‘‘නැහැ, නැහැ, මම ඔබතුමා කියපු හැමදේම අහන් හිටියේ. ඒ ටික හැමෝටම පැහැදිළි කරන්න මට පුළුවන්.’’ එහෙම කිව්වේ කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නව අවුරුදු සාදය පැවැත්වුණේ සිකුරාදා රාත‍්‍රියේ. ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් රැසක් පවුලේ සාමාජිකයන් සමග ඊට එක්වුණා. කිහිපදෙනෙකුම සින්දු කියලා සාදය කුල්මත් කළ බවයි දේශපාලන ආරංචි මාර්ග ප‍්‍රකාශ කළේ.

ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ යුද අපරාධ පිළිබද විශේෂ තානාපති ස්ටීවන් ජේ රැප් ලංකාවට ආවේ පසුගිය සඳුදා. සුපුරුදු විදිහට ඔහු උතුරට ගිහිල්ලා විවිධ පාර්ශව හමුවුණා. ඔහු ඇමරිකානු තානාපතිවරිය සමග ප‍්‍රසිද්ධියට පත් කළ ඡායාරූප කිහිපයක් දැන් ලොකු අර්බුදයක් බවට පත්වෙලා. ඒ ගැන ආණ්ඩුව ඍජුවම ඇමරිකානු තානාපති කාර්යාලයෙන් කරුණු විමසුවා. කොහොම වුණත් ස්ටීවන් රැප් සාකච්ඡා කරපු බොහෝ කරුණු එළිපහළියට ආවේ නැහැ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රට ම කැළඹූ කාළගුණය
Thursday, 30 November 2017 - 14:34
මේ දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයට පත්ව... Read More
News Image
Hiru News Programme Segments
12 Views
7,087 Views
6,022 Views
6,257 Views
433 Views
8,587 Views
Top