Hirunews Logo
%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%85%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%91.+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%90%E0%B6%9A%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8+%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.
Sunday, 19 January 2014 - 9:48
මට දැන් මළත් කමක් නෑ. ජනපති දැකගත් මානියම්ගම අම්මා කියයි.
19

Shares
2,390

Views
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සතියේ අවිස්සාවේල්ල - මානියම්ගම රජමහා විහාරස්ථානයේ පැවැත්වුණු උත්සවයකට එක්වුණා. කථාවක් කරන්න කලින් තීරණය කරලා නොතිබුණත් ජනාධිපතිතුමා වෙනුවෙන් රැස්ව සිටි ජනතාව අමතන්න ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අමතක කළේ නැහැ. විහාරස්ථානයට පැමිණි වයසක අම්මා කෙනෙක් ජනාධිපතිතුමා දැකගන්න ආරක්ෂක නිලධාරීන්ගෙන් අවසර ඉල්ලා තිබුණේ ඒ අතරෙයි. ‘‘අනේ පුතේ, මට ජනාධිපතිතුමාව බලන්න  ඕන. ටී වී එකෙන් දැකලා තිබ්බාට මෙහෙම දැකලා නැහැනේ.’’ ‘‘හරි අම්මට ජනාධිපතිතුමා යනකොට බලන්න පුළුවන්’’. එහෙම කිව්වේ ආරක්ෂක නිලධාරීන්.

උත්සවය ඉවරවෙලා පිටත්වෙලා යන්න වාහනයට නැගපු ජනාධිපතිවරයා දැකපු ඒ අම්මා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වාහනය බලාගෙන වැන්දා. දුටු දසුනින් හද කම්පාවුණු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒ අම්මාට කථා කළා. ‘‘දැන්නම් මට මළත් කමක් නෑ.’’ අම්මා කිව්වේ එහෙමයි. ජනාධිපතිවරයා ඇයගේ හිස අතගා එතනින් පිටව ගියේ අතිශය සංවේදී විදිහට.

පසුගිය ඉරිදා 10.16 ට යෙදුනු සුබ මොහොතින් බස්නාහිර සහ දකුණු පළාත් සභා විසුරුවා හැරුණා. මේ වනවිට සියලූ දේශපාලන පක්ෂ නියෝජිතයන් මැතිවරණය සඳහා සූදානම් වෙමින් සිටිනවා.

එක්සත් ජාතික පක්ෂයත් දැන් මැතිවරණයට සූදානම් වෙමින් තමා ඉන්නේ. එක්සත් ජාතික පක්ෂය හිතන් ඉන්නේ මේ පාර බස්නාහිර මහ ඇමති අපේක්ෂකයා නම් කරන්න කියලා දේශපාලන ආරංචි මාර්ග ප‍්‍රකාශ කළා. දකුණ ගැනනම් තවම ඔවුන් තීරණයක් නැහැ. කොහොම වුණත් බස්නාහිරට වෙනම ඡන්ද ව්‍යාපාරයක් කරන්න එක්සත් ජාතික පක්ෂය සූදානම් වෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
අධික නියඟයෙන් අතමිට සරුකර ගත් පුත්තලමේ ලුණුලේවා කරුවන්
Wednesday, 19 September 2018 - 19:29
මේ දිනවල පුත්තලම ඇතුළු ප්‍රදේශයන් රැසකට බලපා ඇති අධික නියඟයත්, සමඟ පුත්තලම ප්‍රදේශයේ සිදුකරගෙන... Read More
News Image
Hiru News Programme Segments
1,792 Views
930 Views
6,639 Views
6,463 Views
15 Views
45,045 Views
Top