Hirunews Logo
%E0%B7%83%E0%B7%9D%E0%B6%B8%E0%B7%80%E0%B6%82%E0%B7%81+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%E0%B6%AF+%3F
Monday, 27 January 2014 - 7:53
සෝමවංශ යයි ද ?
17

Shares
2,048

Views
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සතියේ අනුරාධපුරයට ගියේ රාමඤ්ඤ මහා නිකායේ 150 වන සංවත්සර උත්සවයට සහභාගී වෙන්න. එදින රාති‍්‍රයේ අනුරාධපුරයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවක්ද පැවැත්වුණා. අනුරාධපුර ජනාධිපති මන්දිරයේ පැවති මේ රැස්වීමට මිහින්තලේ සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක ඇවිල්ලා හිටියේ නැහැ කියලයි දේශපාලන ආරංචි මාර්ග ප‍්‍රකාශ කළේ.

මේ අතර, ජනාධිපතිවරයා හම්බවෙන්න අභිගුණ්ඨක ජන කණ්ඩායමකුත් අනුරාධපුරයට ආවා. ඒකේ නායකයා අනවත්තු. වනජීවි නිලධාරීන් විසින් තමන්ට අයත් නාගයන් සහ රිලවුන් සමගද ඇතැම් අවස්ථාවල තම සාමාජිකයන් අධිකරණයට ඉදිරිපත් කරන බව ඔහු රටේ නායකයාට කිව්වේ පැමිණිල්ලක් විදියට. ‘‘ජනාධිපතිතුමනි, මේක අපේ සාම්ප‍්‍රදායික රැුකියාව. මේකට බාධා ගොඩයි.’’ ඒ කතාව අහපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ පොලිස්පතිවරයාට එම අවස්ථාවේදීම දුරකතනයෙන් කතා කරලා ප‍්‍රශ්නේ විසඳුවා. අනතුරුව ජනාධිපතිවරයා එතන හිටපු එස්.එම්. චන්ද්‍රසේන අමාත්‍යවරයාට උපදෙස් දුන්නේ ආදිවාසී සමුළුවක් පවත්වනවා වගේම අභිගුණ්ඨක ජනතාවගේ සමුළුවක්ද පවත්වන්න කියලා. මෙම ජනතාවට හැඳුනුම්පතක් ලබාදෙන්න වනජීවි අමාත්‍යවරයා තීරණය කළෙත් ඔවුන් පහසුවෙන් හඳුනා ගැනීමේ අරමුණින්.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සතියේදී අබුඩාබියේ නිල සංචාරයකද නිරත වුණා. එහි සිටි ශී‍්‍ර ලාංකිකයන් ජනාධිපතිවරයා හමුවී රටේ තත්ත්වය ගැන බොහෝ දේවල් කතා කළා කියලා ආරංචියි. ගිය ඉරිදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යාපනය තෙලිප්පලේ පිළිකා රෝහල විවෘත කළා. ඒකට උතුරේ මහ ඇමති සී.වී. විග්නේෂ්වරනුත් ඇවිත් හිටියා. උතුරේ හමුදාව වැඩි නිසා ජනතාව අසීරුතාවට පත්ව ඇති බවත්, තවත් බොහෝ දේවලූත් විග්නේෂ්වරන් මහ ඇමතිවරයා තමන්ගේ කතාවේදී කිව්වා. හැබැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උතුරේ හිටපු 75,000 කට ආසන්න භට පිරිස් දැන් 12,000 කට අඩු කරලා කියලා තමන්ගේ කතාවේදී කිව්වේ හැමෝටම ඇත්ත දැන ගන්න.

ජනතා විමුක්ති පෙරමුණ ගැනද මේ දිනවල අලූත් ආරංචි පැතිර යනවා. පෙබරවාරි 02 වැනිදා එහි ජාතික සමුළුව පැවැත්වෙන්නේ කොළඹදී. මේකේදී පක්ෂයේ නව නායකයා ලෙස වත්මන් ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පත්කර ගැනීමට නියමිත බවට  වාර්තා පළවෙනවා. වත්මන් නායක සෝමවංශ අමරසිංහ විශේෂ ප‍්‍රකාශයක් කරමින් තනතුර භාරදෙන බව තමයි දේශපාලන ආරංචි මාර්ග කිව්වේ. හැබැයි අප කතා කළහම ජනතා විමුක්ති පෙරමුණේ ජ්‍යෙෂ්ඨයෙක් නම් කිව්වේ ඔය කියන විදියේ වෙනසක් සිදුවෙන්නේ නෑ කියලා. ‘‘තීරණ ගන්නේ පක්ෂ සාමාජිකයොනේ’’ ඔහු එහෙමත් කිව්වා.

එක්සත් ජාතික පක්ෂයේ ගයන්ත කරුණාතිලක මන්තී‍්‍රවරයාට පසුගියදා ගාල්ලේ වජිර අබේවර්ධන හිටපු මන්තී‍්‍රවරයාගේ නිවසේ පැවැත්වුණු ආසන බල මණ්ඩල රැස්වීමට ආරාධනා නොකළ බව වාර්තා වීමත් සමග ඒ පිළිබඳවත් බොහෝ දෙනෙක්ගේ අවධානය යොමුවුණා. වජිර අබේවර්ධන හිටපු මන්තී‍්‍රවරයා නම් කිව්වේ ආරාධනා කියලා විතරක් නෙවෙයි දුරකතනයෙනුත් එන්න කිව්වා කියලා. ගයන්තට, වජිර කැපිල්ල දානවා කියලා පක්ෂයේම ඇතමුන් කියද්දී වජිර අබේවර්ධන හිටපු මන්තී‍්‍රවරයා නම් කිව්වේ තමන්ට ගාල්ලේ අභියෝගයක් නෑ කියලා.

දකුණු පළාත් සභාවේ හිටපු සන්ධාන මන්ත‍්‍රී ආනන්ද පද්මසිරි කාරියවසම් පසුගිය සතියේ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගත්තා. 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
අධික නියඟයෙන් අතමිට සරුකර ගත් පුත්තලමේ ලුණුලේවා කරුවන්
Wednesday, 19 September 2018 - 19:29
මේ දිනවල පුත්තලම ඇතුළු ප්‍රදේශයන් රැසකට බලපා ඇති අධික නියඟයත්, සමඟ පුත්තලම ප්‍රදේශයේ සිදුකරගෙන... Read More
News Image
Hiru News Programme Segments
1,792 Views
930 Views
6,639 Views
6,463 Views
15 Views
45,045 Views
Top