Hirunews Logo
%E2%80%98%E2%80%98%E0%B6%B8%E0%B6%B8+%E0%B6%BB%E0%B6%A2%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%9A%E2%80%99%E2%80%99
Monday, 03 February 2014 - 14:01
‘‘මම රජෙක් නොවේ’’
17

Shares
2,078

Views
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සතියේ කාර්ය බහුල වුණා. 66 වන  නිදහස් සමරුව වෙනුවෙන් සිදුවන සූදානම පිළිබඳව බලන්න වගේම විවෘත කිරීම් කිහිපයකටම ජනාධිපතිවරයා කෑගල්ලට ගියා. හෙලිකොප්ටරයෙන් කෑගල්ල - සියඹලාපිටියට පැමිණි ජනාධිපතිවරයා දැක ගන්න මහ සෙනගක් වටපිටාව රැස්ව සිටියා. සියලූදෙනාට ආශිර්වාද කළ ජනාධිපතිවරයා ප‍්‍රතිසංස්කරණය කරපු ඩෝසන් බංගලාවත් විවෘත කළා. කෑගල්ලෙන් පස්සෙ කොළඹට පැමිණි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 27 වන දා හම්බන්තොට ගියා. ඒ, උත්සව කිහිපයකට සහභාගි වෙන්න. පසුවදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මාකඳුර විද්‍යාලයට ගියේ එහි මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය සහ තුන්මහල් ගොඩනැගිල්ලක් විවෘත කිරීමටයි. මේකෙදි ජනාධිපතිවරයා වෙනුවෙන් ගැයුණු පිළිගැනීමේ ගීතයේ රජතුමා යනුවෙන් සඳහන් වුණා. ‘‘දරුවනේ මම රජෙක් නෙමෙයි, ඔබේ භාරකරුවා. මට පියාණෙනි කිව්වා නම් ඔයිටත් වැඩිය ගෞරවයක්.’’ ජනාධිපතිවරයා එහෙම කිව්වා. කැබිනට් රැස්වීම පැවැත්වුණු බ‍්‍රහස්පතින්දා ජනාධිපතිවරයා කේක් ගෙඩියක් සකස් කරලා උපන් දින සාදයකට සූදානම් වෙලා හිටියා. ඒක අමාත්‍ය මහින්ද සමරසිංහ වෙනුවෙන් කියලා හැමෝම දැන ගත්තෙ එතෙන්ට ආවාට පස්සේ. සතුටින් කේක් ගෙඩිය කපපු සමරසිංහ ඇමතිතුමා පළවෙනි කෑල්ල කැව්වේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට.

පසුගිය සෙනසුරාදා විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ අනුරාධපුරයට ගියා. ඔහු ප‍්‍රමුඛ නායකත්ව මණ්ඩල සාමාජිකයන් එදින රුවන්වැලිසෑය අභියස පැවැත්වුණු පූජාවකටත් සහභාගි වුණා.

මේ හැමදේම අස්සේ එළැඹෙන බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් මහ ඇමති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජන් රාමනායක නම් කිරීමට නියමිත බව වාර්තා වනවා. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ පක්ෂයේ නායකත්ව මණ්ඩලය සහ නාමයෝජනා මණ්ඩලය මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති බවයි. ඒ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජන් රාමනායකගෙන් විමසීමක් කළ අතර ඔහු නම් කිව්වේ මහ ඇමති අපේක්ෂක ධුරය සම්බන්ධයෙන් තමන් පක්ෂය වෙත ඉල්ලීමක් කර ඇති බවයි. පසුගිය දා කොළඹ හයිඞ්පිටියේ පැවැති විපක්ෂයේ විරෝධතා රැළිය අතරතුරත් මේ ගැන වේදිකාව පිටුපස ඉදන් එක්සත් ජාතික පක්ෂයේ නායකයො ටිකක් සාකච්ඡා වුණා කියලා ආරංචියි.

නව සතිය ආරම්භයේ බොහෝදෙනෙක් අවධානය යොමුවුණේ ඉරිදා පැවැත්වෙන ජනතා විමුක්ති පෙරමුණේ මහ සමුළුව පිළිබදව. මේකෙදි නායකත්ව වෙනසක් සිදුවෙයි කියලා බොහෝ දෙනෙක් බලන් හිටියා. ජවිපෙ නායකයෝ ඒ ගැන විවිධ කතා කිව්වා. සමුළුව ආරම්භ වෙලා මධ්‍යම කාරක සභාව පත්වුණාට පස්සේ අනෙකුත් පත් කිරීම් සිදුකළේ සමුළුවට එක්ව සිටි මාධ්‍යවේදීන් ඇතුලූ පිටස්තරයන් සමුළු භූමියෙන් ඉවත්වීමෙන් පසුව.  වසර ගණනාවක් පුරා ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය දැරූ සෝමවංශ අමරසිංහ වෙනුවට අනුර කුමාර දිසානායක නායකත්වයට පත් කෙරුණා. ප‍්‍රධාන ලේකම් සහ පාලක ලේකම් වුණේ ටිල්වින් සිල්වාමයි. ටිල්වින් සිල්වාට නායකත්වය ලැබෙන බවට කළින් මත පළවුණත් එය සිදුවූයේ නැහැ. සෝමවංශ අමරසිංහට පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු භාරවුණා. නව නායකයා පත්වීමට පෙර සමුළුව ඇමතූ ඔහු ප‍්‍රකාශ කළේ විප්ලවවාදීන් කිසිදා විශ‍්‍රාම නොයන බවයි. සුනිල් හදුන්නෙත්ති, කේ.ඞී. ලාල්කාන්ත, බිමල් රත්නායක, විජිත හේරත් යන පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ටත් සුපුරුදු පරිදි වගකීම් පැවරුණා.

 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජනපති මෛත්‍රීගේ පිලිපීන සංචාරය
Thursday, 17 January 2019 - 9:17
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිව්දින නිල සංචාරයක් සඳහා පසුගියදා පිලිපීනයේ නිල සංචාරයක නිරත වුණා.එහි... Read More
News Image
Hiru News Programme Segments
1,533 Views
13,343 Views
9,585 Views
9,803 Views
138 Views
59,998 Views
Top