Hirunews Logo
%E0%B6%BB%E0%B6%82%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A0%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
Sunday, 09 February 2014 - 12:06
රංජන්ට අලූත් චරිතයක්.
19

Shares
2,348

Views
66 වන නිදහස් සමරුව සඳහා සහභාගී වෙන්න ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සඳුඳම කෑගල්ලට පිටත් වුණා. ජනාධිපතිවරයා රාති‍්‍රය ගත කළේ පසුගියදා විවෘත කරපු ඩෝසන් බංගලාවේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳුඳා රාති‍්‍රයේ නිදහස් උළෙලේ සූදානම පිළිබඳ බලන්න කෑගල්ල නගරයටත් ගියා. නිදහස් මාවතේ නිදහසේ ඇවිදගෙන ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජගත් බාලසූරිය ඇමතිතුමාගේ ගෙදරට වගේම මහීපාල හේරත් මහ ඇමතිවරයාගේ ගෙදරටත් ගොඩවෙන්න අමතක කළේ නැහැ.

නිදහස් සැමරුමට අතිවිශාල ජනකායක් කෑගල්ලට ඇවිත් හිටියා. සෙනඟ දැකපු ජනාධිපතිවරයා පෙර පුරුදු විදියටම ජනතාව අතරට ගිහිං, ඔවුන්ට කතා කළේ උත්සවය අවසන් වුණාට පස්සේ.

ඊට පස්සේ කැබිනට් රැස්වීම බ‍්‍රහස්පතින්දා පැවැත්වෙද්දී එතන හිටපු ඇමතිවරු අමුතු කතාවකුත් ඇදලා ගත්තා. ඒ, නිවසකට පැන පෙම්වතා පැහැරගෙන ගිය පොලිස් නෝනගේ කතාව. රාවුෆ් හකීම්, මහින්දානන්ද අළුත්ගමගේ ඇතුළු ඇමතිවරු ටිකක් තමයි මේ ගැන කතා කළේ. ‘‘මොනවද ඔය කතා කරන්නේ ?’’ ඒක දැකපු ජනාධිපතිවරයා ඇහුවා. ‘‘සර්, දැන් පිරිමි හිංසනයත් වෙනවා.’’ මහින්දානන්ද ඇමතිවරයා එහෙම කිව්වම ජනපතිටත් හිනා. ‘‘පිරිමි හිංසනය ගැනත් කතා කරන්න එපැයි, එහෙම වෙනවා නම් ඒකටත් නීති හදන්න...’’ ජනපති හිනා වෙවී අධිකරණ අමාත්‍ය රාවුෆ් හකීම්ට කිව්වා.

නාමයෝජනා ප‍්‍රශ්න පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් වාර්තා වුණු උණුසුම්ම සිද්ධිය පාලිත තෙවරප්පෙරුම මන්තී‍්‍රවරයා, විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහට පහරදීමට උත්සාහ කිරීමයි. පසුගිය බදාදා පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අවස්ථාවේදී තමයි මේ වැඬේ වුණේ. තමන් අසුන්ගෙන සිටි පුටුව විසි කරපු තෙවරප්පෙරුම මන්තී‍්‍රවරයා ‘‘මගේ පුතා කැපුවේ ඇයි...? දැන්ම මට ඒකට උත්තර  ඕනේ.’’ කියලා කිව්වා. ඔහු බීමතින් හිටියා කියලත් එක්සත් ජාතික පක්ෂයේ ඇතමුන් නම් කියනවා. ‘‘සංවරයක් ඇතිව හැසිරෙන්න, අපි ඒකට අවස්ථාව දුන්නා. ඔයා හිතාමතාම ඒක මග ඇරියා.’’ එහෙම කියපු විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ එතැනින් යන්න හදද්දී ඉස්සරහට පැනපු තෙවරප්පෙරුම මන්තී‍්‍රවරයා අල්ලා ගත්තේ විපක්ෂ නායකවරයාගේ කමිසයෙන්. මේ චිත‍්‍රපටියේ වෙන්න ගිය සටන නැවැත්තුවේ නළුවෙක් වගේම මන්තී‍්‍රවරයෙක් වෙච්ච රංජන් රාමනායක. කොහොම වුණත් තෙවරප්පෙරුම මන්තී‍්‍රවරයා දිගින් දිගටම නාමයෝජනා මණ්ඩලයට දොස් නගමින් කෑ ගැහුවා. ඒ අතරේ විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මන්තී‍්‍රතුමා කතානායකවරයාට පැමිණිල්ලක් කළේ බීමතින් මන්තී‍්‍රවරයෙකු පාර්ලිමේන්තුවට පැමිණ ඇති බව පවසමින්. අන්තිමට තෙවරප්පෙරුම මන්තී‍්‍රවරයාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන්න එක්සත් ජාතික පක්ෂය තීරණය කළා.

මේ අතරේ ගම්පහ දිස්ති‍්‍රක්කය සඳහා නව සමසමාජ පක්ෂය ඉදිරිපත් කළ නාමයෝජනා ලැයිස්තුව සම්බන්ධයෙන් ගැටළු මතුවී තිබෙනවා. ඒ, ඒකේ අපේක්ෂකයන් 04 දෙනෙකුගේ නාමයෝජනා ව්‍යාජ ඒවා බවට අනාවරණය වීමත් සමගයි. ගම්පහ සහකාර මැතිවරණ කොමසාරිස්වරයා ගම්පහ පොලිස් මැතිවරණ ඒකකය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ අදාළ නාමයෝජනා ලැයිස්තුව පිළිබඳව ගැටළුකාරී තත්ත්වයක් පවතින බව. ඒ අනුව මේ පිළිබඳ පොලිසිය විශේෂ විමර්ෂණයක් ආරම්භ කර තිබෙනවා. එම විමර්ෂනයේදී නව සමසමාජ පක්ෂය විසින් ගම්පහ දිස්ති‍්‍රක්කයට ඉදිරිපත් කළ නාමයෝජනා ලැයිස්තුවේ අඩංගු අපේක්ෂකයන් සිව් දෙනෙකුගේ තොරතුරු ව්‍යාජ ඒවා බවට අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කිව්වා.  පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේ මින් එක් අපේක්ෂකයෙකු මේ වනවිට විදේශගත වී ඇති බව. අනෙක් අය දාපු ලිපිනවල පදිංචි නෑ. කූට ලේඛණ ඉදිරිපත් කිරීමේ චෝදනාව මත නාමයෝජනා පත‍්‍රයට අත්සන් කළ පුද්ගලයන්ට සහ ව්‍යාජ තොරතුරු සැපයූ පුද්ගලයන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරනවා කියලා තමයි පොලිසිය කියන්නේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අපි නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්නගෙන්ද කරුණු විමසුවා. ඔහු කිව්වේ ගම්පහ නාමයෝජනා ලැයිස්තුවේ එක් අපේක්ෂිකාවක් ලබාදී ඇති ලිපිනයක් සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් ඇති බවට දැනුම් දී ඇති බවයි. නෝනගේ නම දුන්නු බව මහත්තයා දන්නේ නෑ කියලත් කිව්ව වික‍්‍රමබාහු, මහත්තයා වැඩ කරන්නේ මැතිවරණ කාර්යාලයේ කියලත් දැනගෙන හිටියා.

මේ අතරේ දකුණු සහ බස්නාහිර පළාත් සභා මැතිවරණය සඳහා ඉල්ලූම් කළ පරිදි තම පක්ෂයට එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් මෙවර අපේක්ෂක ධුර ලබා නොදුන් බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, අමාත්‍ය වාසුදේව නානායක්කාර කිව්වේ ටිකක් කණගාටුවෙන්. අපේක්ෂක ධුර 05 ක් දිස්ති‍්‍රක්ක 05 කට ඉල්ලූවත් ඔවුන්ට හම්බවෙලා තියෙන්නේ දෙකයි. ජානිපෙට, හෙළ උරුමෙට වැඩි සැලකිලි ලැබෙද්දී වාසුට මෙහෙම වෙන්නේ මොකද කියලා දේශපාලන සමාජයේ බොහෝ දෙනෙක් කතා වෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,622 Views
6,544 Views
8,014 Views
8,127 Views
613 Views
51,940 Views
Top