Hirunews Logo
%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%2C+%E0%B6%9C%E0%B7%93%E0%B6%AD%E0%B7%8F%2C+%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B7%84%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%9C%E0%B6%B8+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.
Sunday, 16 February 2014 - 14:05
ගාල්ලේදී පියසේන, ගීතා, මුතුහෙට්ටිගම හමුවක්.
16

Shares
1,948

Views
දේශපාලන සමාජයේ උණුසුම දැඩිවී ඇත්තේ පළාත් සභා මැතිවරණ උණුසුම ඉහළ යාම හේතුවෙන්. මනාප අංක හිමිවීමත් සමග සියලූ අපේක්ෂකයන් මෙවර වැඩිවශයෙන් තම ප‍්‍රචාරක කටයුතු සිදුකරන අයුරු දක්නට පිළිවන්.

කෙසේ වෙතත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තම දෛනික කටයුතු මැතිවරණ කටයුතුවලට සමගාමීව සිදුකිරීම අතපසු කළේ නැහැ. පසුගිය සතියේ ජනාධිපතිවරයා වැඩිදිනක් ගත කළේ දකුණු පළාතේයි. සෙනසුරාදා ගුවනින් තංගල්ලට යෑමට සූදානම් වූ ජනාධිපතිවරයා පසුව තමාට අධිවේගී මාර්ගයේ බසයෙන් යෑමට අවශ්‍ය බව දැනුම් දුන්නා. ඒ අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැය දෙකකුත් විනාඩි 40 කදී තංගල්ලට ගියා. පසුවදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ආපහු කොළඹට ආවේ කථානායක නිල නිවසේ පැවති පිරිත් පිංකමට සහභාගි වෙන්න. සඳුදා ජනාධිපතිවරයා ගාල්ලට ගියා. මුලින්ම හිනිඳුමට ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විවෘත කිරීම් රැසකට සහභාගි වුණා. එදා දවල් කෑම සූදානම් කරලා තිබ්බේ නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගමගේ ගෙදර. කලක් තිස්සේ විවිධ වාග් ප‍්‍රහාර එල්ල කරගත්ත නිශාන්ත මුතුහෙට්ටිගම නියෝජ්‍ය ඇමතිවරයා වගේම බෙන්තර ඇල්පිටිය සංවිධායිකා ගීතා කුමාරසිංහත් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය පියසේන ගමගේත් එහේ ඇවිල්ලා හිටියා. මෙයාලා ටිකක් විරසක වෙලා තමයි කලින් හිටියෙ.

‘‘ෂා මෙහෙමනේ ඉන්න  ඕනේ, එන්න, එන්න ෆොටෝ එක ගන්න.’’

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කිව්වේ හිනා වෙවී.

හිටපු මහ ඇමති ශාන් විජේලාල් ඇමතූ ජනාධිපතිවරයා

‘‘ගාල්ලේ කාටවත් මැරකම් කරන්න දෙන්න එපා. ඡන්දෙ කාලේ කාටවත් මැරකම් කරන්න දෙන්න බෑ. නීතිය තදින් ක‍්‍රියාත්මක කරන්න  ඕන.’’

කියලා දැඩිව කිව්ව බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.

ඉන්දියාවේ සංචාරයක නිරතවූ විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ ආපහු කොළඹ ආවේ පසුගිය සඳුදා. අඟහරුවාදා ඔහු කොළඹ දිස්ත‍්‍රික්කයේ සියලූ අපේක්ෂකයන් සිරිකොතට කැඳෙව්වා. පක්ෂයේ ජයග‍්‍රහණය පිළිබඳව උනන්දුවෙන්න කියලා තමයි ඒකෙදී විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ හැමෝටම කිව්වේ. කොහොම වුණත් එක්සත් ජාතික පක්ෂයේ පාලිත තෙවරප්පෙරුම මන්ත‍්‍රීවරයා සම්බන්ධයෙන් මතුවුණු ගැටළුව තවමත් නිමවී නැහැ. ඔහු පක්ෂය ගත් තීරණ සම්බන්ධයෙන් විවිධ ප‍්‍රකාශ සිදුකරමින් සිටිනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රට ම කැළඹූ කාළගුණය
Thursday, 30 November 2017 - 14:34
මේ දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයට පත්ව... Read More
News Image
Hiru News Programme Segments
630 Views
6,162 Views
5,944 Views
5,982 Views
234 Views
7,693 Views
Top