Hirunews Logo
%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B4%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A.
Sunday, 23 February 2014 - 15:17
ඇමති බන්දුලට ප‍්‍රශ්න වැලක්.
17

Shares
2,149

Views
පසුගිය අඟහරුවාදා රාත‍්‍රියේ අරලියගහ මන්දිරය කලාකරුවන්ගෙන් පිරී ගියා. ඒ, සිනමා ප‍්‍රක්ෂේපණයට ඩිජිටල්කරණය හඳුන්වාදීම වෙනුවෙන් කලාකරුවන් 800 දෙනෙකු පමණ සහභාගි වූ රාත‍්‍රී භෝජන සංග‍්‍රහය නිසා. කලාකරුවන් එහිදී ජනාධිපතිවරයා වෙත තමන්ගේ ගැටළු බොහොමයක් ප‍්‍රකාශ කළා. බන්දු සමරසිංහ සහ ටෙනිසන් කුරේ සියලූදෙනා සිනා ගස්වමින් හිටියේ තමන්ට පුරුදු ජීවිතයේ අරලියගහ මැදුරට පැමිණියත් අමතක කරන්න බැරි හින්දා.

බ‍්‍රහස්පතින්දා කැබිනට් රැස්වීම තරමක් උණුසුම් ස්වරූපයක් ගත්තා. ඒ, අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන ඉදිරිපත් කර තිබූ කැබිනට් පත‍්‍රිකාවක් හේතුවෙන්. පාසල්වල තාක්ෂණ විද්‍යාගාර 250 ක් හදන වැඩපිළිවෙලේ ප‍්‍රගතිය ගැන ඔහු ඉදිරිපත් කළ ප‍්‍රකාශවලට එරෙහිව තාක්ෂණ සහ පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක දැඩි මතයක් ඉදිරිපත් කළා. ‘‘විද්‍යාගාර 100 ක් හදන්න තමයි මුදල් වෙන් කළේ. මේකේ කිසිම සැළසුමක් නැහැ. දැන් 250 ක් හදන්න යනවා.  ඕකෙන් ඔය ව්‍යාපෘතිය අසාර්ථක වෙන එකයි වෙන්නේ.’’ මේක අහපු ඇමති බන්දුලටත් ඉන්නේ කොතනද කියලා අමතක වුණා. ‘‘හරියට දන්නැතුව කථා කරන්න එපා. මේවා අධ්‍යයනය කරලා කථා කරන්න. වහපු ඉස්කෝල 311 ක් අපි ඇරියා. අධ්‍යාපනය තුළ ප‍්‍රතිසංස්කරණ වෙනකොට පොඩි පොඩි ප‍්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. ඒ අස්සේ මහින්ද යාපා අබේවර්ධන ඇමතිතුමා කිව්වේ නගරෙට ඔය ක‍්‍රමය හරිගියත් ගම්බද පාසල්වල ප‍්‍රශ්න රැසක් මතුවෙලා තියෙනවා කියලා. තිස්ස කරළියද්ද සහ පවිත‍්‍රා වන්නිආරච්චි දෙපළද අධ්‍යාපනයේ දුර්වලතා ගැන විවිධ කථා කිව්වා. පාසල්වල ඩෙස් බංකු පවා අඩුයි කියලා ඔවුන් චෝදනා කළේ අධ්‍යාපන සේවා අමාත්‍ය දුමින්ද දිසානායක දුන්න උත්තරවලටත් එකඟ නොවී. ‘‘ ඕකට පළාත් ඇමතිවරුන් ගෙන්නලා පුළුල්ව සාකච්ඡා කරලා එකතුවෙලා වැඩ කරන්නකෝ.’’ කට්ටියගේ වාග් සටන නිමවුණේ ජනාධිපතිවරයා එහෙම වැඬේට මැදිහත් වුණ හින්දා.

හැමදාම වගේ ඡුන්දෙ කාලෙට එක එක කථා කියන අයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පුංචි අවවාදෙකුත් කළා. ‘‘ආණ්ඩුවේ සමහර දේවලට අපි විරුද්ධයි. ඒ හින්දා අපි ආණ්ඩුව ඇතුලේ ඉඳන් සටන් කරනවා කියලා අපේ සමහරු කියනවා. විපක්ෂය කියන දේවල් ආණ්ඩුවේ අය කියන්න  ඕන නෑ. අපි ජනතාවට කරපු දේවල් විතරක් කියන්න. ජනාධිපතිවරයා හැමෝටම කිව්වේ පක්ෂයේ විනය ආරක්ෂා කරගැනීම හැමදාමත් අංක එකේ තියලා වැඩකරපු හින්දා.

එක්සත් ජාතික පක්ෂයත් මේ දිනවල ලහි ලහියේ පළාත් සභා මැතිවරණයට සූදානම් වෙමින් සිටිනවා. පසුගිය සඳුදා පක්ෂ සම්බන්ධීකරණ කමිටුව රැස් වුණේ ඒ පිළිබඳ වැඩියෙන් සාකච්ඡා කරන්න. බල පෙරළියට කොල එළියක්. මෙවර ඔවුන්ගේ තේමාව වෙනවා කියලයි ආරංචි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
3,161 Views
7,202 Views
8,199 Views
8,298 Views
841 Views
52,819 Views
Top