Hirunews Logo
%E0%B6%B8%E0%B6%B8+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.
Sunday, 02 March 2014 - 15:38
මම ගණන් ගන්නේ නැහැ.
22

Shares
2,679

Views
පසුගිය සතිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තරමක් කාර්ය බහුල සතියක් වුණා. දැයට කිරුළ ප‍්‍රදර්ශනය විවෘත කරන්නට ජනාධිපතිවරයා කුලියාපිටියට ගියේ හෙලිකොප්ටරයෙන්. මුලින්ම අනුර යාපා ඇමතිතුමාගේ ගෙදරට ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ටිකක් විවේක ගත්තා. අනතුරුව ප‍්‍රදර්ශනය විවෘත කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රදර්ශන භූමියේ ඇවිද ගියේ සුපුරුදු පරිදි රැස්ව සිටි පිරිස සමග කතාබහ කරමින්. ප‍්‍රදර්ශනය අවසන් වී යළි පිටත්ව යාමට මෝටර් රථයට නගින අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පෙන්වමින් සිටි ළමයෙකු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දුටුවා. දරුවා ළගට කැඳවූ ජනාධිපතිවරයා ඔහුගෙන් තොරතුරු විමසුවා. ‘‘මට චිත‍්‍ර අඳින්නත් මූර්ති නෙළන්නත් පුළුවන්. ඒත් ඒක දියුණු කර ගන්න විදිහක් නැහැ.’’ ළමයා ජනාධිපතිවරයාට එහෙම කිව්වෙ විසඳුම ස්ථිරවම ලැබෙන බව දැනගෙන. ‘‘මේ වගේ දරුවන් ඉදිරියට ගෙනියන්න  ඕන. ඒ සඳහා අධ්‍යාපන ආයතනයක් පටන් ගන්න  ඕන. මේ ඉන්නෙ උසස් අධ්‍යාපන ඇමතිතුමා. එස්.බී ඔයා මේ දරුවට උදව් කරන්න  ඕන.’’ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රශ්නය විසඳුවා.

 

ජනාධිපතිවරයා එදා රැය ගත කළේ අනුර යාපා ඇමතිවරයාගේ කුලියාපිටිය නිවසේ. මැති ඇමතිවරු කිහිපදෙනෙකුම එදා ? කෑමට ඇවිත් හිටියා. අනුර යාපා ඇමතිතුමාගේ කාමරයේ තිබ්බ වැහිලිහිණි කූඩුව ගැනත් ජනාධිපතිවරයාගේ අවධානය යොමුවුණ බව ආරංචියි. පහුවදා උදේ සුපුරුදු පරිදි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශාරීරික අභ්‍යාස සඳහා ඇවිදින්න ගියා. ටික වේලාවක් යනකොට ජනාධිපතිවරයා සහ අනුර යාපා ඇමතිවරයා අතර පරතරය වැඩිවුණේ ඇමතිවරයාට එතරම් වේගයෙන් ඇවිදලා පුරුදු නැති නිසා. ජනාධිපතිවරයා එදා උදේ කෑම ගත්තෙත් අනුර යාපා ඇමතිතුමාගේ ගෙදරින්. විවෘත කිරීම් කිහිපයකට සහභාගි වෙලා ජනාධිපතිවරයා දිවා ආහාරය ගත්තෙ හිටපු මහඇමති අතුල විජේසිංහගෙ නිවසෙ. එතනට වත්මන් මහඇමති දයාසිරි ජයසේකරත් ඇවිත් හිටියා. මේ සංචාරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දයාසිරි ජයසේකර මහඇමතිවරයාගේ ගෙදරටත් ගිහිල්ලා තේ එකක් එහෙම බීලා ආවා. පුංචි පුංචි විරසකකම් ඡන්දෙ කාලෙ තිබ්බට ජනාධිපතිවරයාගේ මේ සංචාරයෙන් හැමෝගෙම සබඳතා අලූත් වුණා.

 

මේ සතියේ කැබිනට් රැස්වීම උණුසුම් වුණේ ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය නවනීදන් පිල්ලේට යවපු වාර්තාවක් ගැන ඇතිවුණු කතාබහත් එක්ක. රවුෆ් හකීම් අමාත්‍යවරයාට මේකෙදී දැඩිව චෝදනා එල්ල වුණා. එකට වැඩ කරන්න බැරිනම් යන්න කියන එක ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ ස්ථාවරව. හැබැයි පානදුරේ පැවති රැස්වීමකදී හකීම් ඇමතිතුමා නම් කිව්වෙ ඒවගේ දේවල් එච්චර තමන් ගණන් ගන්නෙ නැහැ කියලයි. ‘‘මේවා කැබිනට් එකේ නිතර වෙන දේවල්. මම නම් එච්චර කලබල වෙන්නේ නැහැ. කලබල විය යුතුත් නැහැ.’’ ඔහු කිව්වෙ එහෙමයි. කොහොමවුණත් මේ වාර්තාව ගැන ගොඩක් තොරතුරු ජාතික හෙළ උරුමය කරලියට ඉදිරිපත් කළා.

 

එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ හැමෝම මේ දවස්වල බැහැලම ඡන්දෙට වැඩ. විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ පහුගිය ටිකේ ගාල්ලේ සහ මාතර පැවති රැස්වීම් කිහිපයකට සහභාගි වුණා. ඒ බස්නාහිර පළාතේ පැවැත්වෙන රැස්වීම්වලටත් සහභාගි වන අතරතුරමයි. කොහොම වුණත් පළාත් සභා මැතිවරණෙදී වෙනදා තරම් මහා උණුසුමක් මේ පාර එච්චර දකින්න නැහැ කියලා බොහෝ දෙනෙක් කියනවා. බස්නාහිර මහඇමතිකම ගැන ගොඩක් අය එක එක කතා කිව්වට ඒ කතාත් නැවතුනේ බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා පසුගිය දවසක කරපු කතාවක් එක්ක. ප‍්‍රසන්න රණතුංගම යළි මහඇමති වන බවට ඇමතිතුමා කළ ප‍්‍රකාශයත් එක්ක ගොඩක් අය නිහඩ වුණා. හැබැයි දකුණේ මහඇමතිකමට නම් තාම ගොඩක් කට්ටිය පොරකනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජනපති මෛත්‍රීගේ පිලිපීන සංචාරය
Thursday, 17 January 2019 - 9:17
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිව්දින නිල සංචාරයක් සඳහා පසුගියදා පිලිපීනයේ නිල සංචාරයක නිරත වුණා.එහි... Read More
News Image
Hiru News Programme Segments
216 Views
13,658 Views
9,638 Views
9,873 Views
17 Views
60,340 Views
Top