Hirunews Logo
%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%83%E0%B6%BA+%E0%B6%B4%E0%B6%AF%E0%B7%80%E0%B6%BA%E0%B7%92.
Sunday, 09 March 2014 - 15:38
ජනපති බසය පදවයි.
30

Shares
3,701

Views
ඇෆ්ගනිස්ථාන ජනාධිපති හමීඞ් කර්සායි පසුගිය සතියේ ලංකාවට ආවේ තුන්දින නිල සංචාරයක් සඳහායී. ඔහු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. ශී‍්‍ර ලංකාව ලබා ඇති සංවර්ධනය පිළිබඳව දැඩි ප‍්‍රශංසාවෙන් කතා කළ ඇෆ්ගනිස්ථාන ජනාධිපතිවරයා ‘‘මම හැමදාම ඔබ වෙනුවෙන් ඉන්නවා’’ කියා කීවේ හදවතින්මයි. මෙම සාකච්ඡාවේදී ජනාධිපති කර්සායි, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඇෆ්ගනිස්ථාන කි‍්‍රකට් කණ්ඩායමට ශී‍්‍ර ලංකාවෙන් පුහුණුකරුවෙකු ලබාදෙන ලෙසද ඉල්ලීමක් කළා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එය දැනටමත් කී‍්‍රඩා අමාත්‍යවරයාගේ අවධානයට යොමුකර තිබෙනවා.

මේ සතියේ කැබිනට් රැස්වීමේදී ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රස් නායක රාවුෆ් හකීම් අයිනක් ගහලා හිටියා කියලා දේශපාලන ආරංචි මාර්ග ප‍්‍රකාශ කළා. නවිපිල්ලේට මුස්ලිම් කොංග‍්‍රසය දුන්න වාර්තාව ගැන පසුගිය කැබිනට් රැස්වීමේදී හකීම් ඇමතිවරයාට දැඩි දෝෂාරෝපණයක් එල්ල වුණා. මේ කටයුතු නිසා මුස්ලිම් කොංග‍්‍රසය ඇතුලෙත් විවිධ මත ගැටුම් පටන් අරන්.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බිම්ස්ටෙක් සමුළුවට සහභාගිවීම සඳහා මියන්මාරයට ගිය අවස්ථාවේදී ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා හමුවුණා. ‘‘ධීවරයෝ 1500 ක් විතර ශී‍්‍ර ලංකා මුහුදට ඇවිත් මසුන් අල්ලන එක ගැටළුවක්, ඒ ගැන අවධානය යොමු කරන්න  ඕන.’’ එහෙම කියපු ජනාධිපතිවරයා ප‍්‍රතිසන්ධාන කි‍්‍රයාවලිය ගැනත් ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයාට කරුණු පැහැදිලි කළා. මේ හමුව පිළිබඳ තමිල්නාඩු මහ ඇමතිනි ජයලලිතා ජයරාම් දැඩි විරෝධයක් පළ කළ බවත් සඳහන් කළ යුතුයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පොඩි වාහන වගේම බස් ධාවනයත් හොඳට පුළුවන් කියලා ඔප්පු වුණේ ඊයේ (08) දිනයේදීයි. ඒ, කොළඹ පිටත වටරවුම් මාර්ග ව්‍යාපෘතියේ පළමු අදියර වූ කොට්ටාවේ සිට කඩුවෙල දක්වා වූ කොටස විවෘත කරපු මොහොතෙදි. ඇමතිවරු හැමෝමත් දාගෙන කොට්ටාවෙන් බස් ගමන පටන් ගත්ත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කඩුවෙලට ගියේ පළපුරුදු රියදුරෙක් හැටියට. එතැනදී සමරු ඵලකය විවෘත කරලා පස්සේ ජනහමුවකුත් තිබුණා. වැඬේ ඉවරවෙලා ජනාධිපතිවරයා නවගමුව පත්තිණි දේවාලයත් වැඳපුඳා ගන්න අමතක කළේ නැහැ.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලය බදාදා රැස්වුණා. ඒකේදී පක්ෂ විනය කඩකරන උදවියට එරෙහිව පරීක්ෂණ ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමු වී තිබෙනවා. ඡන්ද ව්‍යාපාරයට සම්බන්ධ නොවී කටයුතු කරන අයටත් දැනටම අනතුරු අඟවලා කියලයි ආරංචි.

ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත්ට මේ දවස්වල දුරකතන ඇමතුම් ගොඩක් ලැබෙනවලූ. ඒ, ජනතා විමුක්ති පෙරමුණ ජනතාවගේ ප‍්‍රශ්න ගැන කතා කරන හින්දා විතරක් නෙවේලූ, අලූතින් ගහපු පෝස්ටරේ හින්දලූ. ඒ, පෝස්ටරේ තියෙන්නේ ‘‘පොලිසි, උසාවි, මාධ්‍ය නිහඬ කළ රටක ජනතා හඬ’’ කියලයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,622 Views
6,544 Views
8,014 Views
8,127 Views
613 Views
51,940 Views
Top