Hirunews Logo
%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%83%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B6%BA%E0%B7%92.
Wednesday, 19 March 2014 - 10:52
ජනපති අපේක්ෂකයන් බසයක් තුළට කැඳවයි.
41

Shares
4,989

Views
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ දිනවල කාර්ය බහුල වෙලා ඉන්නෙ මැතිවරණ කටයුතුත් එක්ක. ඡන්දය පැවැත්වෙන පළාත් දෙකේ විවිධ කටයුතුවලට ජනාධිපතිවරයත් එක්වෙනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ දෙවන අදියර පසුගිය දා ජනාධිපතිවරයා  විවෘත කළා. පින්නදුවේ ඉදන් මාතර - ගොඩගමට ජනාධිපතිවරයා රැගත් ජීප් රථය පැදගෙන ගියේ නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා. යන අතරමඟ අධිවේගය අසලට රැස්වුණු ජනතාවට කතා කරලා යන්නත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අමතක කළේ නැහැ.

දකුණ සහ බස්නාහිර පළාත් සභා මැතිවරණයට අදාළව දකුණේ උණුසුම දිනෙන් දින වැඩි වන්නේ මහඇමතිකම ගැන පැහැදිලි මතයක් තාම නැති නිසා. ගාල්ලේ අපේක්ෂකයන් අතර විවිධ මත ගැටුම් ඇතිවෙලා. ඒ නිසා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒවා තනි තනිව විසඳන්න තීරණය කළා. ගාල්ලේ පැවැති රැස්වීම අවසන් වෙලා ජනාධිපතිවරයා තම විශේෂ බස් රිය ඇතුළෙදි එක් එක් අපේක්ෂකයා ගෙන්නලා ඔවුන්ගේ ප‍්‍රශ්නවලට සවන් දීලා ඒවා විසදලා දුන්නා කියලත් ආරංචියි.

හිටපු ජනාධිපතිනියත් මේ සතියේ කරළියට ආවේ විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ සමඟ සිදුවූ හමුවත් එක්ක. ආගමික සහයෝගීතාව ගොඩ නැගීම සඳහා වූ දකුණු ආසියානු ප‍්‍රතිපත්ති සහ පර්යේෂණ ආයතනයේ වාර්තාවක් රනිල්ට දෙන්න තමයි ඇය ඔහු හමුවුණේ. වැඬේ ඉවර වෙලා දෙන්නම මාධ්‍යයට ප‍්‍රකාශයකුත් කළා. ‘‘ජනාධිපතිතුමාගෙනුත් මම වෙලාවක් ඉල්ලූවා. තාම නම් හම්බ වුණේ නැහැ. ඇමතිවරු දෙතුන් දෙනෙක් මාත් එක්ක මේ ගැන කතා කරන්න කාලය දීලා තියෙනවා.’’ හිටපු ජනාධිපතිනිය එහෙම කිව්වා. කොහොම වුණත් කාලෙකට පස්සෙ ඇය දේශපාලන සමාජය අතරට ඒම වැඩිවීම ගැන බොහෝ දෙනෙක් තුළ පවතින්නේ සැකයක්.

එක්සත් ජාතික පක්ෂ නායකයන් පසුගිය දිනෙක ජාවත්ත විපක්ෂ නායක කාර්යාලයේ දි ඡුන්දය පිළිබද ඉදිරි පියවර ගැන සාකච්ඡා කළා. ‘‘ අපි මෙතෙන්දි ආණ්ඩුවට එරෙහි ප‍්‍රබල චෝදනා සැලකිල්ලට ගන්න  ඕනි. ජීවන වියදම වැඩියි. ඒවා කිව්වා නම් අපිට ලොකු ප‍්‍රචාරක වාසියක් ගන්න පුළුවන්.’’ විපක්ෂ නායකවරයා පිරිසට උපදෙස් දුන්නා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,998 Views
7,012 Views
8,152 Views
8,263 Views
774 Views
52,588 Views
Top