Hirunews Logo
%E0%B6%B6%E0%B7%9C%E0%B6%B3+%E0%B7%80%E0%B7%96+%E0%B7%83%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1.
Monday, 07 April 2014 - 10:57
බොඳ වූ සිහින.
15

Shares
1,885

Views
දේශපාලන උණුසුම තරමක් පහව ගියේ බස්නාහිර - දකුණ ඡන්දය අවසන්වීමත් සමගයි. බොහෝ දෙනෙකු මහ ඇමතිකම ගැන කතා කළත්, අවසානයේ හිටපු මහ ඇමතිවරුන්ම එම ධුරයේ දිවුරුම් දුන්නා. ඡන්දයෙන් දිනූ සන්ධාන මන්තී‍්‍රවරුන් පසුගිය සතිය පුරාම අරලියගහ මැදුරට පැමිණ ජනාධිපතිවරයා හමුවූ බව තමයි දේශපාලන ආරංචි මාර්ග ප‍්‍රකාශ කළේ. සමහර අය එහෙම ආවේ ඇමතිකම් ගන්න කියලා කට්ටිය කතා වුණා. කොහොම වුනත් සිකුරාදා කට්ටිය දිවුරුම් දුන්නා. මහඇමතිකම ගැන උනන්දුවෙන් සිටි දකුණේ චන්දිමා රාසපුත‍්‍රට වගේම බස්නාහිර උපාලි කොඩිකාරටත් ඒ සිහිනය බොඳ වෙලා ගියා.

බස්නාහිර මහඇමති ප‍්‍රසන්න රණතුංග ප‍්‍රධාන අමාත්‍ය ධුරයට අමතරව මුදල් හා ක‍්‍රම සම්පාදන, නීතිය හා සාමය, ඉඩම්, අධ්‍යාපන, පළාත් පාලන හා පළාත් පරිපාලන, මිනිස්බල සහ රැකී රක්ෂා, ඉංජිනේරු සේවා සහ ප‍්‍රවෘත්ති අමාත්‍යවරයා ලෙස ද කටයුතු කරනවා.

දකුණු පළාත් සභාවේ මහඇමති ශාන් විජේලාල් ද සිල්වා මුදල් හා ක‍්‍රම සම්පාදන, නීතිය හා සාමය, පළාත් පාලන, ප‍්‍රවාහන, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සහ ඉංජිනේරු සේවා අමාත්‍යවරයා ලෙස ද කටයුතු කරනවා.

බස්නාහිර පළාත් සභාවේ කෘෂිකර්ම, ගොවිජන සංවර්ධන, සුළු වාරිමාර්ග, කර්මාන්ත, පරිසර කටයුතු සහ සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ උදය ගම්මන්පිල මන්ත‍්‍රීවරයා දිවුරුම් දුන් අතර, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂණ සේවා සහ සභා කටයුතු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ රංජිත් සෝමවංශයි. ඔහු පළමුවරට අමාත්‍ය ධුරයකට පත්වීම විශේෂත්වයක්.

බස්නාහිර පළාත් විදුලිබල හා බලශක්ති, පළාත් මාර්ග, නිවාස හා ඉදිකිරීම්, ජල සම්පාදන හා ජලාපවාහන, සමාජ සුභසාධන සහ නාගරික සහ වතු යටිතල පහසුකම් අමාත්‍යවරයා ලෙස උපාලි කොඩිකාර දිවුරුම් දුන්නා. නිමල් ලන්සා දිවුරුම් දුන්නේ ප‍්‍රවාහන, ක‍්‍රීඩා හා යෞවන කටයුතු, කාන්තා කටයුතු, ආහාර සැපයුම් හා බෙදා හැරීම , සමූපකාර සංවර්ධන, ගෘහ ආර්ථික ප‍්‍රවර්ධන අමාත්‍යවරයා ලෙසයි. බස්නාහිර පළාත් ධීවර, ග‍්‍රාම සංවර්ධන, සංචාරක, ආයෝජන ප‍්‍රවර්ධන සම්බන්ධීකරණ සහ සත්ත්ව නිෂ්පාදන හා සංවර්ධන අමාත්‍යවරයා ලෙස ද ඔහු කටයුතු කරනවා.

දකුණු පළාත් අධ්‍යාපන, ඉඩම් හා  ඉඩම් සංවර්ධන, මහාමාර්ග හා ප‍්‍රවෘත්ති අමාත්‍යවරයා ලෙස චන්දිමා රාසපුත‍්‍ර පත් කෙරුණු අතර, දකුණු පළාත් කෘෂිකර්ම, ගොවිජන සංවර්ධන, වාරිමාර්ග, ජල සම්පාදන හා ජලාපවාහන, ආහාර සැපයීම හා බෙදා හැරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ යූ.ජී.ඞී. ආරියතිලකයි. ඞී.වී උපුල් දිවුරුම් දුන්නේ දකුණු පළාත් ධීවර, සත්ත්ව නිෂ්පාදන හා සංවර්ධන, පරිසර කටයුතු, ග‍්‍රාමීය කර්මාන්ත, විදුලිබල සහ ග‍්‍රාමීය හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා ලෙසයි.

කෙසේ වෙතත්, දකුණු පළාතේ එක් අමාත්‍ය ධුරයක් එදින පත් කෙරුණේ නැහැ. එම අමාත්‍ය ධුරය ශ‍්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයට හිමි වනු ඇති බව රජයේ ආරංචි මාර්ග ප‍්‍රකාශ කළ අතර, එය සනාථ කරමින් වීරසුමන වීරසිංහට එම තනතුර හිමිවන බව අමාත්‍ය ඩිව් ගුණසේකර ප‍්‍රකාශ කළා.

මැතිවරණයට ඉදිරිපත් වූ නිළියන්ගෙන් ජයගත්තේ ගීතා කුමාරසිංහ පමණයි. ඇල්පිටියේ අජිත් ප‍්‍රසන්න පරාජය වීම ගැන ගීතා ඉන්නේ සතුටින් කියලා දේශපාලන ආරංචි මාර්ග කිව්වා. මේ අතරේ ඡන්දයෙන් පසුව මහ ඇමති ප‍්‍රසන්න රණතුංග ස්තූති කරන්නට ඇමති මර්වින් සිල්වා අමතන්න උත්සාහ කළත්, එයත් අසාර්ථක වුණු බව වාර්තා වුණා.

එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයන් සිය තනතුරුවල දිවුරුම් දුන්නේ සෙනසුරාදා. ඒ උත්සවය විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී. එජාප මන්තී‍්‍රවරුන් ඉදිරියේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව එහිදී දැනුවත් කිරීම් සිදුකෙරුණා. විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ සති 05 කට විදේශ ගතවන බව පසුගියදා පැවති කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ප‍්‍රකාශ කළා. ඒ ඇමරිකානු සරසවියක දේශන වාරයක් සඳහායී.

ජනතා විමුක්ති පෙරමුණේ දිස්ති‍්‍රක් සංවිධායකයන් පසුගිය 01 වැනිදා පැලවත්ත කාර්යාලයට කැඳවා තිබුණා. ඒ, රටේ දේශපාලන තත්ත්වය සමාලෝචනය කරන්න. ‘‘ජිනීවා පෙන්නලා ඡන්දය ගන්න හදපු එක අසාර්ථකයි. අපි ඉදිරියට සූදානම් වෙන්න  ඕන.’’ නායක අනුර කුමාර එහෙම කිව්වා. ‘‘කොහොමත් ප‍්‍රශ්නයක් නැහැ, අපි තේරිලා ඉන්න අයම පළාත් සභාවට යවමු.’’ එහෙම කිව්වේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රට ම කැළඹූ කාළගුණය
Thursday, 30 November 2017 - 14:34
මේ දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයට පත්ව... Read More
News Image
Hiru News Programme Segments
414 Views
6,654 Views
5,983 Views
6,129 Views
323 Views
8,162 Views
Top