Hirunews Logo
%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.+%3F
Saturday, 12 April 2014 - 14:15
සංගාට පොදු අපේක්ෂක යෝජනාවක්. ?
32

Shares
3,854

Views
දේශපාලන සමාජයේ උණුසුම ටිකක් අමතක කරමින් විස්සයි විස්ස ලෝක කුසලාන උණුසුම රට පුරා පැතිර ගියේ අවසන් තරඟයට ශ‍්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලැබීමත් සමගයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවසන් තරඟය නැරඹුවේ කළුතර ප‍්‍රදේශයේ හෝටලයක සිටයි. රෝහිත අබේගුණවර්ධන, ලක්ෂ්මන් යාපා, සරත් අමුණුගම ඇමතිවරුන් එම අවස්ථාවට එක්ව සිටියා. ලෝක කුසලාන ජයග‍්‍රහණය ශ‍්‍රී ලංකාව හිමිකරගත් විගස ජනාධිපතිවරයා ආරක්ෂක අංශ නිලධාරියෙකුට කථා කරලා බංග්ලාදේශයේ ඩකා නුවරට ඇමතුමක් ගත්තා. ‘‘ඔයාලා රට වෙනුවෙන් ලොකු කාර්ය භාරයක් කළා. එහෙම කිව්ව ජනාධිපතිවරයා මාලිංගට, සංගාට වගේම මහේල ඇතුලූ කණ්ඩායමටම සුබ පැතුවා.

ලෝක කුසලානය දිනපු ශ‍්‍රී ලංකා කණ්ඩායම කටුනායක ඉඳන් ජනතා හරසර මැද කෙළින්ම ආවෙත් අරලියගහ මන්දිරයට. ජයග‍්‍රහණය සමරන්න ලොකු කේක් ගෙඩියකුත් ලේස්ති කරලා තිබ්බා. මාලිංග විස්සයි විස්ස ලෝක කුසලානය ජනාධිපතිවරයා අත තිබ්බේ බොහොම සතුටෙන්. ‘‘මේක රටේම ජයග‍්‍රහණයක්.’’ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හැමෝටම සුබ පතමින් කථා කළා.

දැන් දැන් හිටපු ජනාධිපතිනියත් එක එක ප‍්‍රකාශ කරනවා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හම්බවෙන්න දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා ඇය ලිපියකුත් එවලා තිබ්බා. ආගමික සහජීවනය ගැන කථා කරන්න මේ හමුව තියනවා කියලයි ආරංචිය.

මේ අතරේ ශ‍්‍රී ලංකා කණ්ඩායමට සුබපතන්න පාර්ලිමේන්තුවත් තීරණය කළා. ඒ අනුව කණ්ඩායමම පාර්ලිමේන්තුවට ගෙනල්ලා හැමෝම සුබ පැතුවේ පක්ෂ විපක්ෂ බේද අමතක කරලා. පාර්ලිමේන්තුවට ආපු කුමාර් සංගක්කාර වටකරගත්ත එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරු පිරිසක් සංගාට අලූත් යෝජනාවක් දැම්මා. ‘‘දැන් රටේ ජනප‍්‍රියම කට්ටිය ඔයාලා. නරකද, ලබන පාර පොදු අපේක්ෂකයා වුනොත්.’’ එහෙම කිව්වේ එජාප මන්ත‍්‍රීවරුන්. සංගා කළේ හිනාවුණු එක විතරයි. එතන්ට ආපු සන්ධාන මන්ත‍්‍රී ශාන්ත බණ්ඩාර වැඬේට පොඩි බාධාවක් කරලා ‘‘හා, හා ඒවා අපි බලාගන්නම්’’ කියලා කිව්වා.

විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ තවමත් ඉන්නේ විදේශ ගතව. කොහොම වුණත් පසුගිය ඉරිදා රාත‍්‍රියේ රට යන්න කලින් උත්සව කිහිපයකටම ඔහු සහභාගි වුණා. එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන කමිටුව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කරූ ජයසූරියගේ ප‍්‍රදානත්වයෙන් සඳුදා රැස්වුණා. එජාපයට එරෙහි ප‍්‍රචාරයන්වලට විකල්ප ක‍්‍රියාමාර්ග දියත් කිරීම ගැන ඒකෙදී කථා වුණා කියල ආරංචියි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රට ම කැළඹූ කාළගුණය
Thursday, 30 November 2017 - 14:34
මේ දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයට පත්ව... Read More
News Image
Hiru News Programme Segments
137 Views
6,353 Views
5,960 Views
6,027 Views
256 Views
7,865 Views
Top