Hirunews Logo
%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
Sunday, 20 April 2014 - 15:53
ජනපතිගෙන් හම්බන්තොට ජනතාවට සහතිකයක්.
28

Shares
3,419

Views
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සුපුරුදු පරිදි අලූත් අවුරුදු නිවාඩුව ගතකළේ ගමට ගිහිං. 09 වැනිදා ඉඳන් 15 වෙනකම්ම ජනාධිපතිවරයා තංගල්ලට වෙලා හිටියා. ප‍්‍රදේශවාසීන් මෙන්ම මැති ඇමතිවරුන්ද ජනපති බලන්නට කාල්ටන් නිවසට ගියේ තෑගිබෝගත් අරන්. 15 වැනිදා ජනාධිපතිවරයා ආපහු කොළඹ ඇවිත් 16 කොස්සින්න යටවත්ත පන්සලේ තිබ්බ හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවයටත් එක්වුණා.

බදාදා සවස හෙලිකොප්ටරයෙන් මහනුවරට යන්න ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පොඩි අකරතැබ්බයකට මුහුණදීමට සිදුවුණා. ඒ, හෙලිකොප්ටරය ගිය අතරමග පැවති මහා වැස්ස හේතුවෙන්. එම නිසා හෙලිකොප්ටරය වරකාපොලට ගොඩබස්වා එතැන් සිට මෝටර් රථයෙන් ජනාධිපතිවරයා මහනුවරට ගියා. දළඳා සමිඳුන් වැඳපුඳා ගත් ජනාධිපතිවරයා අස්ගිරි - මල්වතු මහ නාහිමිවරුන්ද බැහැදුටු අතර, මහ නාහිමියන්ගේ ආරාධනයෙන් මල්වත්ත පන්සලෙන් උදේ ආහාරයත් ගත්තා.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මඩකලපුව මන්මුණේ පාලම විවෘත කළේ සෙනසුරාදා පස්වරුවේයි. එදින උදෑසන ගිරාදුරුකෝට්ටේ මහවැලි ක‍්‍රීඩාංගණයේදී මහවැලි ඉඩම් ඔප්පු බෙදාදීමේ උත්සවයකටත් ජනාධිපතිවරයා එක්වුණා. ‘‘රටේ සංවර්ධන ව්‍යාපෘති ඇතමුන් විහිළුවට අරන්. හම්බන්තොට වරාය එයාලා ආවාම නාන තටාකයක් කරනවාලූ. මත්තල ගුවන් තොටුපල කෞතුකාගාරයක් කරනවාලූ. මම ජනතාවට කිව්වා ඒ ගැන බයවෙන්න එපා කියලා.  ඕවා කරන්න එයාලා බලයට එන්න එපෑ.’’ ජනාධිපතිවරයා උත්සවය අමතමින් කිව්වා.

පළාත් සභා ඡන්දේ ඉවර වුණත් දකුණේ තනතුරු අවුල් නම් තාම නිමවෙලා නෑ වගේ. පළාත් සභාවේ සභාපති පත්කර ගන්න ගිහිල්ලත් පොඩි පොඩි ප‍්‍රශ්න මතුවුණා. සන්ධාන මහ ලේකම්වරයාත් මේ පිළිබඳව කලින්ම කට්ටිය දැනුවත් කරලා තිබ්බා.

විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ තවමත් ඉන්නේ විදේශගතව. කොහොම වුණත් එක්සත් ජාතික පක්ෂය ගැන මේ සතියේ වැඩි කතා බහක් ඇතිවුණේ. මත්තල සහ මාගම්පුර වරාය බලන්න ගියපු මන්තී‍්‍රවරුන්ට වෙච්ච අලකලංචිය නිසා. මත්තලදී අඩන්තේට්ටම්වලට මුහුණදුන් බවත් හම්බන්තොටදී බිත්තර ප‍්‍රහාරයකුත් එල්ල වුණු බවත් ඔවුන් කියා සිටියා. මාධ්‍යවේදීන් ඉදිරියේ මෙම සිද්ධිය සිදුවීම නිසා රටේ බොහෝ දෙනෙකු එය දැන ගත්තේ නිමේෂයකින්. මේ අතරේ විසුරුවා හැරීමට නියමිත ඌව පළාත් සභාවේ ඡන්දෙට දැන්ම ඉඳන් එක්සත් ජාතික පක්ෂයේ පිරිස ලෑස්ති වෙනවා කියලත් ආරංචියි.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අපේ‍්‍රල් 25 වැනිදායින් පස්සේ පැවැත්වෙනවා කියලා ආරංචි මාර්ග කිව්වා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
3,083 Views
7,120 Views
8,178 Views
8,280 Views
806 Views
52,700 Views
Top