Hirunews Logo
%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9D%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A.
Sunday, 27 April 2014 - 14:29
රනිල් කැන්ටින් පෝලිමේ.
29

Shares
3,597

Views
අලූත් අවුරුදු නිවාඩුව අවසන් වෙලා කැබිනට් මණ්ඩලය රැුස්වුණේ පසුගිය අඟහරුවාද උදේ. රැස්වීම උණුසුම් වුණේ ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ ඉදිරිපත් කර තිබූ කැබිනට් පත‍්‍රිකාවක් නිසා. ගුවන් විදුලි සංස්ථාවේ ජාතික ක‍්‍රීඩා විකාශය ක‍්‍රීඩා අමාත්‍යාංශයට පවරන්න කියලා ඒකෙන් ඉල්ලලා තිබ්බා. හැබැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඊට පළ කළේ දැඩි විරෝධයක්. දෙන්නා අතරේ වාග් උණුසුම ටිකක් වැඩිවෙච්ච හින්දා ජනාධිපතිවරයා වැඬේට මැදිහත්වුණා.

‘‘දෙන්නම එකතුවෙලා කථා කරගන්නකෝ.’’

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහෙම කිව්වා.

බ‍්‍රහස්පතින්දා මාධ්‍ය ප‍්‍රධානීන් සමග පැවැත්වෙච්ච සාකච්ඡාව කාලීන කරුණු රැසක් පිළිබඳව ජනාධිපතිවරයාගේ තීරණය පැහැදිළි කළ එකක්.

එම සාකච්ඡාවේදී නැගූ ප‍්‍රශ්නයකට පිලිතුරු ලබාදෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ 2015 දී ජනාධිපතිවරණයක් පැවැත්වීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි. ජනාධිපතිවරණය 2016 දී පැවැත්වීමට නියමිත බවත් කෙසේ නමුත් විපක්ෂය ඉල්ලා සිටිනවා නම් ජනාධිපතිවරණය නොව මහ මැතිවරණය ඇතුලූ  ඕනෑම මැතිවරණයක් ලබාදීමට රජය සූදානම් බවද ඔහු කියාසිටියා.

මෙම සාකච්ඡාවේදී මරණ දඩුවම ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයාගෙන් මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් විමසීමක් කළා.  එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ මේ පිළිබඳව වාර්තාවක් තමන් ඉල්ලා ඇතත් එය තවම ලැබී නොමැති බවයි. එම වාර්තාව ලැබුණු පසු මරණ දඩුවම ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නවා කියලා ජනාධිපතිවරයා සඳහන් කළා. ක‍්‍රමෝපාය සංවර්ධන නත යටතේ ඉදිරිපත් කළ ගැසට් නිවේදන තුන පාර්ලිමේන්තුවේ වැඩි ඡුන්දයෙන් සම්මත වුණා. ආණ්ඩු පක්ෂයේම ගොඩක් ඇමතිවරු සහ මන්ත‍්‍රීවරු ඡන්දෙට නාපු එක ගැන බොහෝදෙනෙකුගේ අවධානය යොමුවුණා. හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ, මුස්ලිම් කොංග‍්‍රසය ඇතුලූ ආණ්ඩුවේම පක්ෂවල මන්ත‍්‍රීවරුන් ඊට ඡන්දය ලබාදුන්නේ නැහැ. ඒ සියල්ල සිදුවෙද්දී විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ හිටියේ ඇමරිකාවේ.

ඇමරිකාවේ මැසචුසෙට්ස් උසස් තාක්ෂණ ආයතනයේ දේශණ මාලාවකට සහභාගි වෙන්න ගිය විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ ඒකෙ ආපන ශාලාවේ පෝලිමේ ගිහින් කෑම ගත්තා. ඊට හේතුවුණේ එහි දේශකයන්ට විශේෂ වරප‍්‍රසාද නොමැති නිසා. එතනට ආපු ළමයින් විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහගෙන් ඔහුගේ උසස් අධ්‍යාපනය ගැන ඇහුවා.

මම උසස් අධ්‍යාපන කටයුතු කළේ ලංකාවේ. කොළඹ විශ්වවිද්‍යාලයෙන් බොහෝ දෙනා ඉගෙනගත්තා. හැබැයි මම මෙහේ පරිගණක විද්‍යාගාරයෙන් යලි ස්වේච්ඡාවෙන් ඉගෙන ගන්නවා. විපක්ෂ නායක රනිල් එහෙම කිව්වා. ක‍්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ ගැසට් පත‍්‍ර ගැන වැඩිදුර කටයුතු තමන් ලංකාවට ආවට පස්සේ කරන්නම් කියලා ජෝන් අමරතුංග මන්ත‍්‍රීවරයාට විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ දුරකථනයෙන් දැනුම්දීලා තිබ්බා. ජනතා විමුක්ති පෙරමුණ නම් කියන්නේ දිගටම ඒකට එරෙහි විරෝධතා කරනවා කියලා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
අධික නියඟයෙන් අතමිට සරුකර ගත් පුත්තලමේ ලුණුලේවා කරුවන්
Wednesday, 19 September 2018 - 19:29
මේ දිනවල පුත්තලම ඇතුළු ප්‍රදේශයන් රැසකට බලපා ඇති අධික නියඟයත්, සමඟ පුත්තලම ප්‍රදේශයේ සිදුකරගෙන... Read More
News Image
Hiru News Programme Segments
1,792 Views
930 Views
6,639 Views
6,463 Views
15 Views
45,045 Views
Top