Hirunews Logo
%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%B8%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.
Sunday, 04 May 2014 - 15:40
ජනපති ජනතාව සමඟ මැයි දිනය සමරයි.
27

Shares
3,322

Views
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සතියේ ටිකක් කාර්යබහුල වුණා. ඒ, මැයි පෙළපාලියත් එක්ක. මෙවර මැයි දිනය ආණ්ඩුව ටිකක් ජයට සැමරුවා.

සන්ධාන මැයි රැළියට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක් වුණේ නෙළුම් පොකුණ පරිශ‍්‍රයෙන්. ජනාධිපතිවරයා ස්ථාන දෙක තුනකදීම විටින් විට පෙළපාලියට එක්වී ජනතාව සමග ඉදිරියට ගමන් කළා.

පුංචි බොරැල්ලේ සිට කැම්බල් පිටිය දක්වා පා ගමනින් ජනාධිපතිවරයා ගමන් කරද්දී ජනතාවගෙන් ලැබුනේ ඉහල ප‍්‍රතිචාරයක්. මැයි රැළිය ඇමතීමෙන් පසුවත් ජනාධිපතිවරයා ඞීන්ස් පාර ඔස්සේ පැමිණි ජනතාව දෙසට යන්නට උත්සාහ කළා. ඒත් ඒකට ජනාධිපති ආරක්ෂක අංශය එච්චර කැමති වුණේ නැහැ.

‘‘මට පෙළපාලිය බලන්න  ඕන. මිනිස්සු පෙළපාලියේ යනවා බල බල මට ගෙදර යන්න බැහැ. යමු ඉස්සරහට.’’

ජනාධිපතිවරයාගේ නියෝගයට අවනත වෙනවා හැර ආරක්ෂක අංශවලට කරන්න දෙයක් තිබ්බේ නැහැ. ජනාධිපතිවරයා ජනතාව සමග කථා කර කර ඉදිරියටම ගමන් කළා. මැයි පෙළපාලියට එක්වුණු වයඹ මහ ඇමති දක්වපු නැටුම් ශිල්ප ගැනත් පක්ෂ විපක්ෂ බොහොදෙනෙක් විවිධ කතා කිව්ව බවත් සිහිපත් කරන්න  ඕන.

එක්සත් ජාතික පක්ෂය මෙවර මැයි රැලිය සැමරුවේ අම්පාරේ. විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ හිටියේ විදේශ ගතවෙලා. අම්පාර බ‍්‍රවුන්ස් හන්දියෙන් ඇරඹුනු මැයි රැළිය තුළ සෙල්ලම් පිස්තෝලවලින් වෙඩි තබමින් ගමන් කළ කණ්ඩායමක්ද හිටියා. අපේ‍්‍රල් 17 වැනිදා හම්බන්තොටදී වුණු සිද්ධිය මතක් කරන්නලූ එක්සත් ජාතික පක්ෂය එහෙම කළේ.

මේ අතරේ ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවත් පසුගිය සතියේ රැස්වුණා. වෙනදා වගේම මැයි දිනේටත් ඔවුන් පිළිවෙලට ලස්සන පෙළපාලියක් කරා කියලයි හැමෝම කතා වුණේ.

‘‘ආපහු අපිට එරෙහි මඩ ප‍්‍රචාර පටන් අරන්. ඒ හින්දා අවධානයෙන් කටයුතු කරන්න  ඕන.’’ එහෙම කිව්වේ විජිත හේරත් මන්ත‍්‍රීවරයා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,911 Views
6,901 Views
8,122 Views
8,232 Views
737 Views
52,452 Views
Top