Hirunews Logo
%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B6%BA%E0%B7%9D+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.
Sunday, 11 May 2014 - 11:01
වීරයෝ නම් කෙලින් එන්න.
27

Shares
3,307

Views
‘‘එකක් මතක තියා ගන්න, ආණ්ඩුවේ ඉඳන් කතා කරනකොට හැමෝම අවධානයෙන් කටයුතු කළ යුතුයි.  ඕනම කෙනකුට ආණ්ඩු පක්ෂ රැස්වීමේදී හරි කැබිනට් එකේදී හරි තමන්ට  ඕන දේ කියන්න පුළුවන්. තැන් තැන්වලට ගිහිල්ලා, මාධ්‍යවලට ගිහිල්ලා වීරයෝ වෙන්න කතා කරන එකෙන් හානි වෙන්නේ ආණ්ඩුවට.  ඕනම ප‍්‍රශ්නයක් මෙතනට ඇවිත් කෙලින් කතා කරන්න.’’ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අනතුරු ඇඟවීම සිදුකළේ පසුගිය සඳුඳා ජනාධිපති කාර්යාලයේ තිබ්බ ආණ්ඩු පක්ෂ රැස්වීමේදී. විමල්, චම්පික, වාසුදේව, ඩිව් යන අමාත්‍යවරුන් වගේම අතුරලියේ රතන හිමියනුත් ඒකට ඇවිත් හිටියේ නෑ. කොහොම වුණත්, බ‍්‍රහස්පතින්දා කැබිනට් රැස්වීමටත් විමල් වීරවංශ ඇමතිවරයා ආවේ නෑ කියලයි ආරංචි. කැබිනට් රැස්වීමේදී සමසෞඛ්‍ය ගැටළුව ගැනත් වැඩි අවධානයක් යොමුවුණා. ජනාධිපතිවරයා එස්.බී. කොහෙද කියලා ඇහුවත්, එස්.බී. ඇමතිතුමාවත්, නියෝජ්‍ය ඇමතිවරයාවත් ඇවිත් හිටියේ නැහැ. ඒ ගැන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ටිකක් තරහෙන් හිටියා කියලයි ආරංචි.

බොහෝ දුරට ලබන මාසේ ඌව පළාත් සභාව විසුරුවනවා. ඒ හින්දමද කොහෙද පසුගිය සඳුඳා හවස් වරුවේ ජනාධිපතිවරයා ඌව පළාත් සභාවේ සියලූම මැති ඇමතිවරුන් අරලියගහ මන්දිරයට කැඳෙව්වා. මනාප ගැටුම් නැතුව පක්ෂය වෙනුවෙන් කැපවෙන්න කියලයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කට්ටියට උපදෙස් දුන්නේ.

විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ තවමත් ඉන්නේ විදේශ ගතවෙලා. ඔහු 17 වැනිදා ලංකාවට එනවා කියලයි ආරංචි. කොහොම වුණත්, පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායකට දුරකතන ඇමතුමක් දීලා ඔහු මෙහේ වැඩකටයුතු ගැන හොයලා බලලා තියෙනවා කියලත් ආරංචි මාර්ග සඳහන් කළා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජනපති මෛත්‍රීගේ පිලිපීන සංචාරය
Thursday, 17 January 2019 - 9:17
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිව්දින නිල සංචාරයක් සඳහා පසුගියදා පිලිපීනයේ නිල සංචාරයක නිරත වුණා.එහි... Read More
News Image
Hiru News Programme Segments
216 Views
13,658 Views
9,638 Views
9,873 Views
17 Views
60,340 Views
Top