Hirunews Logo
%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B7%99+%E0%B6%B8%E0%B7%9C%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%3F
Sunday, 18 May 2014 - 14:33
රනිල් මහානාහිමිවරුන්ට කිව්වෙ මොකක්ද?
25

Shares
3,103

Views
වෙසක් සතිය එළඹීමත් සමඟ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙසක් සැමරුම් උත්සව ගණනාවකට සහභාගි වුණා. සුපුරුදු පරිදි අරලියගහ මන්දිරයේ පැවැත්වෙන බත් දන්සලට ද සහභාගි වූ ජනාධිපතිවරයා වෙසක් සිරි නැරඹීමට කොළඹ පැමිණි ජනතාව සමඟ සුහදව එම කටයුතුවලට එක්වීම ද විශේෂත්වයක්. ගංඟාරාමයේ වෙසක් නරඹන්නට ජනාධිපතිවරයා ගිය මොහොතේ විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහත් ඊට එක්ව සිටියා.

හමුදා විජයග‍්‍රහණයේ පස්වන සැමරුම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුණේ මාතරදී. ඒකට අති විශාල ජනකායක් මාතරට ඇවිත් හිටියා. කවුරු මොනවා කිව්වත් විජයග‍්‍රහණයේ සැමරුම සැමදා සිදුකළ යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළා. ආණ්ඩුවේ අමාත්‍යවරුන් වන විමල් වීරවංශ සහ චම්පික රණවක විජයග‍්‍රහණය දිනයේ කොළඹ දේශන 2 ක් සංවිධානය කර තිබුණේ රට හමුවේ පවතින ඉදිරි අභියෝග ගැන කතා කරන්නයි.

මේ අතරතුරේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවුණේ විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ අස්ගිරි මල්වතු මහානාහිමිවරුන් හමුවෙලා කරපු රහස් සාකච්ඡාව ගැන. සෙනසුරාදා මහනුවරට ගියපු ඔහු මෙම ගමනට කිසිම පක්ෂ සාමාජිකයෙක් එක් කර ගෙන තිබ්බෙ නැහැ. සාකච්ඡා කරපු කිසි දෙයක් ගැන මහනුවරට ගිය මාධ්‍යවේදීන්ට කිව්වෙත් නැහැ. විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහගේ මෙම සාකච්ඡාව ගැන තවමත් බොහෝ දෙනෙකු විස්තර හොයනවා.

























Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,714 Views
6,651 Views
8,049 Views
8,153 Views
649 Views
52,094 Views
Top