Hirunews Logo
%E0%B6%B8%E0%B7%9D%E0%B6%A9%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%B8+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%A7.
Sunday, 25 May 2014 - 13:47
මෝඩිගේ උත්සවයේ වැඩිම අවධානය ජනපති රාජපක්ෂට.
24

Shares
2,902

Views
ගතවූ සතිය දේශපාලන වශයෙන් රටේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවුණු සතියක් වුණේ වැදගත් කරුණු කිහිපයක් රට තුළ සාකච්ඡා වුණු නිසා. කොහොම වුණත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා චීන සංචාරයට එක්වුණේ මේ සියලූ කරුණු කාරණා මධ්‍යයේ. ආසියාවේ විශ්වාසය තහවුරු කිරීමේ සමුළුවට ගිය ජනාධිපතිවරයා, චීන ජනාධිපතිවරයා, ඉරාන ජනාධිපතිවරයා මෙන්ම ජගත් මහ ලේකම්වරයත් එහිදී හමුවුණා. චීනයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලැබුණේ උණුසුම් පිළිගැනීමක්. ළඟඳීම ශී‍්‍ර ලංකාවට ඇවිල්ලා යනවා කියලා චීන ජනාධිපතිවරයා ශී‍්‍ර ලංකා ජනාධිපතිවරයාට කිව්වේ ශී‍්‍ර ලංකාව සමඟ තියෙන සබඳතාව ගැන බොහෝ දේ සිහිපත් කරමින්. තිස්ස අත්තනායක මහ ලේකම්වරයාගේ 53 වන උපන් දිනයත් පසුගිය සතියේ යෙදිලා තිබ්බා. උදේ පාන්දරින්ම තිස්සට කතා කළේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා.

මේ හැමදේටම වැඩිය සුවිශේෂී සිදුවීමක් මේ සතියේ සිදුවුණේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඉන්දියාවෙන් ලැබුණු ආරාධනයක් එක්ක. නව අගමැති නරේන්ද්‍ර මෝඩි දිවුරුම් දෙන උත්සවයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වගේම සාර්ක් නායකයෝ සියලූදෙනාට ආරාධනා ලැබිලා තියෙනවා. හැබැයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට තියෙන අවධානය වෙන කිසිකෙනෙකුට නැහැ. තමිල්නාඩුවේ ඇතමුන් විරුද්ධත්වය පළ කලත් භාරතීය ජනතා පක්ෂ රජය වගේම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් උත්සවයට සහභාගි වෙන්න ඍජුවම තීරණය කළා. එය අභීත තීරණයක් ලෙසයි ඇතැම් ඉන්දීය මාධ්‍ය හඳුන්වා තිබුණේ. මේ ගමනට එකතු වෙන්න කියලා විදේශ අමාත්‍යාංශය උතුරේ මහඇමති විග්නේෂ්වරන්ටත් කිව්වා. හැබැයි ඔහු ඒක ප‍්‍රතික්ෂේප කළේ උතුරයි, ආණ්ඩුවයි අතර සුහදතාවක් පවතින බව ඒකෙන් ලෝකෙට පෙනේවි කියලා.

කොහොම වුණත්, මධ්‍යස්ථව හැමදේම බලනවා කියලා පෙන්නපු මහඇමති විග්නේෂ්වරන් අන්තගාමී අයෙක් කියලා මේ තීරණයත් එක්ක බොහෝ අය කතා කරන්න ගත්තා. සංහිඳියාව වෙනුවෙන් රජය කළ ආරාධනය ඔහු ප‍්‍රතික්ෂේප කළා කියලයි එම පිරිස කියන්නෙ. සඳුදා පැවැත්වෙන දිවුරුම්දීමේ උත්සවයට එන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක් ඉන්දියාව සපයනවා වගේම ඔහු සමඟ සාකච්ඡා කරන්නටත් නව අගමැතිවරයා සූදානම්. ඉන්දීය මාධ්‍ය රැසක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පැමිණීම පිළිබඳව විවිධ පුවත් මේ මොහොත වනවිටත් නිකුත් කරනවා.

ආණ්ඩුවේ බොහෝ දෙනෙක්ගේ අවධානය යොමුවෙච්ච තවත් ගතවූ සතියේ සිදුවුණා. ඒ තමයි ජාතික නිදහස් පෙරමුණේ සහ හෙළ උරුමයේ කි‍්‍රයාකාරකම්. දෙගොල්ලෝ එකතු වෙලා ඇමති විමල් වීරවංශගේ ගෙදර දී සාකච්ඡාවකුත් කළා. එදිනම ජාතික නිදහස් පෙරමුණ කිව්වේ සෙනසුරාදා තමන්ව හමුවන්න කියලා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දුන්නා කියලා. කොහොම වුණත් ජාතික නිදහස් පෙරමුණේ මහ සමුළුවේදී සම්මත කරගත් යෝජනා ගැන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයොත් එක්ක කතා කරන්නම් කියලා ජනාධිපතිවරයා එහිදී කිව්වා.

‘‘අවශ්‍යතාවය මත රට සහ ආර්ථිකය වෙනුවෙන්  ඕනෑම තීන්දුවක් ගැනීමට මම පසුබට වෙන්නේ නෑ.’’

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජානිපෙ කට්ටියට ප‍්‍රකාශ කළා. කොහොම වුණත්, විශ්වාසභංග යෝජනාව දවසෙත් වගේම පසුගිය සතියේ කැබිනට් රැස්වීමටත් ඇමති විමල් වීරවංශ සහභාගී වුණේ නැහැ.

මේ අතරේ විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ රටේ දේශපාලන මාතෘකාවකට පුංචි පිළිතුරක් දුන්නා. පුංචිම කිව්වට මාතෘකාව පුංචි නැහැ. ඒ තමයි පොදු අපේක්ෂකයා.

‘‘ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණය හෝ ඊළඟට එන  ඕනෑම ඡන්දයකට අපි එක්සත් ජාතික පක්ෂය විදියට වෙනම තරඟ කරන්න තීරණය කරලා ඉවරයි.’’

විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ එහෙම කිව්වේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී. මේ ප‍්‍රකාශයත් එක්ක ජනාධිපතිවරණයකදී එක එක පොදු අපේක්ෂකයෝ සුදුසුයි කියලා කියපු කට්ටිය ටිකක් අන්දුන්කුන්දුන් වුණා. මොකද එජාපය වෙනම තරඟයට එනවා නම් ඔවුන්ගේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා හැමෝටම හිතාගන්න පුළුවන් නිසා. කොහොම වුණත්, එජාපය ගත්ත මේ තීරණය ඉදිරියේදී සිදුවන ආණ්ඩු පෙරලි ගැන හිතන බොහෝ දෙනෙකුට ඒ ගැන දෙපාරක් හිතන්න සිද්ධ කළා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂය ඇතුළේ පෙරලි කරන්න හදන අයටත් මේ තීරණය ගැටලූ රැසක් මතුකරා කියලා ආරංචියි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රට ම කැළඹූ කාළගුණය
Thursday, 30 November 2017 - 14:34
මේ දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයට පත්ව... Read More
News Image
Hiru News Programme Segments
630 Views
6,162 Views
5,944 Views
5,982 Views
234 Views
7,693 Views
Top