Hirunews Logo
%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB+-+%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7%2C+%E0%B7%83%E0%B7%9D%E0%B6%B8%E0%B7%80%E0%B6%82%E0%B7%81+-+%E0%B6%AF%E0%B6%B9%E0%B7%8F%E0%B6%B1%E0%B6%A7.
Sunday, 01 June 2014 - 17:18
අනුර - ලන්ඩනයට, සෝමවංශ - දඹානට.
21

Shares
2,634

Views
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරය පිළිබඳව දේශීය මෙන්ම විදේශීය මාධ්‍යද දැඩි අවධානයකින් පසුවුණා. තම දිවුරුම්දීමේ උත්සවයට පැමිණි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා සුහද සාකච්ඡාවක නිරතවුණේ සාක් කලාපයේ රටවල් අතර සබඳතා ලොව අනෙකුත් කලාපවලට ආදර්ශයක් බවට පත් කළ යුතු බව පවසමින්. ධීවර ප‍්‍රශ්නය ගැන වගේම සංහිඳියාව ගැනත් මේකෙදී කරුණු කාරණා සාකච්ඡා වුණා. මෙම සංචාරයේදී ඉන්දීය ජනාධිපතිවරයා හමුවන්නත් ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයා අමතක කළේ නැහැ.

මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව එළි දැක්වීමේ උත්සවය පැවැත්වුණේ පසුගිය බදාදා. ‘‘ආණ්ඩුවෙ ඉඳන් මුදල් ඇමතිට බැන්නොත් වැඬේ අවුල් වෙන නිසා ලේකම්වරයාට බනින එක සිරිතක්. ඒක තමයි දේශපාලනයේ හැටි.’’ ජනාධිපතිවරයාගේ මේ කථාවට හැමෝටම හිනා ගියේ මේ දවස්වල විමල් වීරවංශ ඇමතිවරයා කරන ප‍්‍රකාශ මතක් වෙලා වෙන්නැති. කොහොම වුණත් මේ පාර කැබිනට් රැස්වීමටත් ඔහු ඇවිල්ලා නැහැ කියලා රජයේ ආරංචි මාර්ග ප‍්‍රකාශ කළා.

මේ දිනවල අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධනට එල්ලවන චෝදනාවල නම් නිමක් නැහැ. වැඬේ ආරම්භ වුණේ විපක්ෂ නායකවරයා කරපු ප‍්‍රකාශයක් එක්ක. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුමකට අනුව අධ්‍යාපන වියදම් කපන්න යනවා කියලා ඔහු සිදුකළ එම ප‍්‍රකාශය අධ්‍යාපන ඇමතිවරයා තරයේ ප‍්‍රතික්ෂේප කළා. එහෙම ගිවිසුමක් නැහැ කියලා පසුගිය දවසක ලංකාවට ආපු මූල්‍ය අරමුදලේ නියෝජිතයනුත් කිව්වා. හැබැයි එක්සත් ජාතික පක්ෂය වැඬේ අතහැරියේ නැහැ. උසස් පෙළ ප‍්‍රශ්න පත‍්‍ර සකස් කිරීමේදී ඇතිවුණු බලපෑම් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් යවපු ලිපියක් පදනම් කරන් ඔවුන් නැවතත් අධ්‍යාපන ඇමතිවරයාට චෝදනා කළා. ආර්ථික විද්‍යා ප‍්‍රශ්න පත‍්‍රයට දාන්න කියලා විභාග කොමසාරිස්වරයා ප‍්‍රශ්න 5 ක් එවූ බවත් බන්දුල ගුණවර්ධන ඇමතිවරයා ඒ පිළිබඳව දැනුවත්ව සිටි බවත් අදාළ ආචාර්යවරු ප‍්‍රකාශ කර තිබුණා. කොහොම වුනත් මෙම චෝදනාව පිළිබඳව තවමත් අධ්‍යාපන ඇමතිවරයා වගේම විභාග කොමසාරිස්වරයාත් තවම නිහ`ඩයි.

‘‘ජනාධිපතිතුමනි, රත්මලානේ දුම්රිය යකඩ ගොඩවල් තිබෙන තැන්වලත් ඩෙංගු බෝවෙනවා. ’’ චම්පික රණවක ඇමතිවරයා කැබිනට් මණ්ඩලයේදී එහෙම කිව්වේ ඩෙංගු පිළිබඳව පුළුල් කතාබහක් ඇතිවෙච්ච හින්දා. ‘‘කොහෙද ඉතින් යකඩ ගොඩවල් සුද්ධ කරන්න දුන්නොත් ඒවා උස්සගෙන යනවනේ. ’’ ප‍්‍රවාහන ඇමති කුමාර වෙල්ගම ඇඟටපතට නොදැනී කිව්වා.

රුහුණු විශ්වවිද්‍යාල පරිශ‍්‍රයේ තියන්න නියම වෙච්ච දැයට කිරුළ, කඹුරුගමුවට ගෙනයෑම ගැනත් පසුගිය සතියේ දේශපාලන සමාජයේ අවධානය යොමුවුණා. ඇමති රංජිත් සියඹලාපිටිය නම් කිව්වේ තංගල්ල පාර දවස් ගාණක් වහන්න වෙන හින්දා දැයට කිරුළ විතැන් කළා කියලා.

ඉදිරි මැතිවරණ ඉලක්ක කරගෙන එක්සත් ජාතික පක්ෂය මේ දවස්වල විවිධ ක‍්‍රියාකාරකම්වල යෙදෙනවා. කොහොම වුණත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් මද්දුමබණ්ඩාරගේ පාර්ලිමේන්තු දිවියට වසර 25 ක් සැපිරීම නිමිත්තෙන් පැවැත්වුණු උත්සවය ඊයේ මොණරාගලදී සංවිධානය වුණේ කථානායක චමල් රාජපක්ෂ වගේම විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන්. පක්ෂ දේශපාලනය ගැන අඩුපාඩු කතා කරන්න සංවාදයක්  ඕන කියලා විපක්ෂ නායකවරයා ඒකෙදි කිව්වා. කලක් නායකයා සමග පොඩි අවුලක් තිබ්බ රංජිත් මද්දුමබණ්ඩාර මන්ත‍්‍රීවරයා හැමෝටම එන්න කියලා මේ උත්සවය කරපු එක ගැන බොහෝ දෙනෙක් කතා වුණා.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායකයා ආදිවාසීන් හමුවෙන්න මහියංගණයට යද්දි වත්මන් නායක අනුර දිසානායක ලන්ඩනයට ගියා. බී.බීසී යට අදහස් දක්වමින් ඔහු කිව්වේ 88 - 89 කාලෙ සිදුවෙච්ච දේවල් ගැන සමාව අයදිනවා  කියලා. ජනතා විමුක්ති පෙරමුණේ අපේ දැක්ම ප‍්‍රතිපත්තිය ආදිවාසී නායකතුමන්ට සෝමවංශ අමරසිංහ හිටපු නායකයා පසුගියදා භාරදුන්නා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
උතුරු අහස් කුස ජයගත් සරුංගල් සැණකෙළිය
Tuesday, 17 July 2018 - 9:20
යාපනය, අරියාලෙයි ප්‍රදේශයේ තරුණයින් පිරිසක් විසින් සරුංගල් සැණකෙළියක් සංවිධානය කර තිබුණා.යාපනය,... Read More
News Image
Hiru News Programme Segments
395 Views
6,461 Views
5,306 Views
4,856 Views
35 Views
38,598 Views
Top