Hirunews Logo
%E2%80%98%E2%80%98%E0%B6%9A%E0%B7%9D+%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%E0%B6%B6%E0%B7%93+%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B7%92.%3F%E2%80%99%E2%80%99
Monday, 09 June 2014 - 9:22
‘‘කෝ එස්.බී ළමයි.?’’
23

Shares
2,767

Views
බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවුණු සමසෞඛ්‍ය ප‍්‍රශ්නය පිළිබඳ විසඳුමක් ලබාදෙන්නට පසුගිය සතියේ රජය තීරණය කළා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවට උසස් අධ්‍යාපන සහ සෞඛ්‍ය බලධාරීන් වගේම විශ්වවිද්‍යාලවල උප කුලපතිවරුත් ඇවිත් හිටියා. ‘‘එස්.බී. කෝ ළමයි ආවේ නැද්ද සාකච්ඡාවට?’’ ආපු ගමන් ජනාධිපතිවරයා ඇහුවා. ‘‘නෑ සර්, ළමයි ආවේ නැහැ. අපි කථා කරලා ඉවර වෙලා ළමයි එක්ක කථා කරමු කියලයි තීරණය කළේ. කොහොමත් ඉතින් ස්ට‍්‍රයික් කරන ළමයි එක්ක කතා කරන්න බැහැනේ.’’ එහෙම කිව්වේ එස්.බී ඇමතිතුමා.

‘‘මේ ළමයි උද්ඝෝෂණය කර කර අරලියගහ මන්දිරයටත් ආවා. නමුත් මට කථා කරන්න වුණේ නැහැ. හැබැයි එයාලට අධි ආරක්ෂිත කළාපෙත් උද්ඝෝෂනය කරන්න මං ඉඩ දුන්නා. ළමයි එක්ක ආවානම් හොඳයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහෙම කිව්වා. සාකච්ඡාව අවසන් වුණේ ක්‍රෙඩිට් 120 ක් වසර 4 ක් තුළ සම්පූර්ණ කිරීමේ තීරණය තුළ සමසෞඛ්‍ය උපාධි ගැටළුවට විසඳුමක් අපේක්ෂාවෙන්. මේ ගැන එස්.බී. ඇමතිතුමා එදිනම පාර්ලිමේන්තුවට කිව්වා.

ජාතික රුධිර බලකාය සංවිධානය කළ උත්සවයකටත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සතියේ සහභාගි වුණා. එතනට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරිය වන සුදර්මා කරුණාරත්නත් ඇවිත් හිටියා. ‘‘සුදර්මා කල්පනාවෙන් වැඩ කරන්න, බෙල්ල ගහලා යන ෆයිල් එයි අත්සන් කරන්න. ඒවාට අහුවෙන්න එපා.’’ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පොඩි උපදෙසක් දුන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉතිහාසය ගැන හොඳට දන්න හින්දා.

ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීම පැවැත්වුනේ සඳුදා. කළින්ම සාකච්ඡාවට ආපු ජනාධිපතිවරයා රටේ පැවතිච්ච ආපදා තත්ත්වය ගැන එහිදි වැඩි අවධානයක් යොමු කළා. කොහොමත් මේ වැඬේට විමල් සහ චම්පික ඇමතිවරුන් ඇවිල්ලා හිටියේ නැහැ. පසුගිය සති කිහිපයේම ඇමති විමල් වීරවංශ කැබිනට් රැස්වීමටත් ඇවිල්ලා හිටියේ නැහැ.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමත් පසුගියදා විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් රැස්වුණා. ‘‘පත්තරවලට ඉන්ටවිව් දෙද්දී හරියට කරන්න. 13 ගැන මම කථා කරන්නම්. විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ සාකච්ඡාවේදී එහෙම කිව්වා.

ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවත් සඳුදා රැස්වුණා. මේ පාරනම් ඔවුන්ට කතා කරන්න මාතෘකා ගොඩයි. කොහොම වුනත් සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමුවුණේ 13 වන සංශෝධනය ගැන. ‘‘ඉන්දියාව ඉන්නේ කළින් හිටපු ස්ථාවරයේමයි. ඒ ගැන වෙනසක් නැහැ. හැබැයි අපේ කට්ටිය ශ‍්‍රී ලංකාවේ ස්ථාවරය කියන්නේත් නැහැ.’’ විජිත හේරත් මන්ත‍්‍රීවරයා සහ බිමල් රත්නායක හිටපු මන්ත‍්‍රීවරයා එහෙම කිව්වා. ඩෙංගු මර්ධන කටයුතු ගැනත් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෝ මෙහිදී වැඩි අවධානයක් යොමු කළා. ‘‘රාජ්‍ය ආයතන නිසි විදිහට සම්බන්ධ කරගෙන ඩෙංගු මර්දනය කරන්න විධිමත් වැඩපිළිවෙලක්  ඕන. ඇමතිතුමා පා ගමන් ගියාට වසංගත වළක්වන්න බැහැ’’ එහෙම කිව්වේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ඒ-9 මාර්ගයේ අධික මීදුමක්
Tuesday, 13 February 2018 - 14:26
මේ දිනවල උතුරු ප්‍රදේශයේ  බොහෝ ස්ථානවලට උදෑසන කාලයේදී අධික මීදුම් තත්වයක් පවතින බව වාර්තාවනවා.මෙවැනි... Read More
News Image
Hiru News Programme Segments
2,869 Views
14,705 Views
494 Views
1,261 Views
957 Views
16,159 Views
Top