Hirunews Logo
%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B7%9C%E0%B6%AD%E0%B6%BD%E0%B7%84%E0%B7%92%E0%B6%B9%E0%B7%94%E0%B6%A7%E0%B7%94+%E0%B6%B6%E0%B7%9C%E0%B6%BA%E0%B7%92.
Sunday, 15 June 2014 - 21:11
ජනපති බෙලිමල් සහ කොතලහිඹුටු බොයි.
23

Shares
2,856

Views
පසුගිය සඳුදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඩෙංගු මර්දනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය හදිසියේ අරලියගහ මන්දිරයට කැඳෙව්වා. ඒ සීඝ‍්‍රයෙන් පැතිර යන ඩෙංගු උවදුර ගැන සාකච්ඡුා කරන්න. ‘‘ ඔයාලා දැන් මොකද කරන්නේ. කට්ටියගෙන් ජනාධිපතිවරයා ඇහුවා.‘‘සර් අපි ඒ ගැන පරීක්ෂණ කරනවා.’’ පරීක්ෂණ නෙවෙයි කොච්චර කල්  ඕවා කරනවාද කරුණාකරල ප‍්‍රායෝගික වැඩපිළිවෙලකට යන්න. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිලධාරින්ට කිව්වා. මේ රැස්වීමට කොළඹ දිස්ත‍්‍රික්කය පුරා විසිරුණු නගර සභාවල ප‍්‍රධානියොත් ඇවිත් හිටියා. එක එක්කෙනාගෙන් ජනාධිපතිවරයා කරුණු විමසූ බවයි ආරංචි.

මේ දවස්වල ආණ්ඩුව ඇතුළෙත් පොඩි පොඩි පෙරළි වෙනවා. ජාතික නිදහස් පෙරමුණ වගේම ජාතික හෙළ උරුමයත් ආණ්ඩුවට විවිධ යෝජනා ඉදිරිපත් කළා. කොහොමහරි ඒ ගැන කතා කරන්න ඇමතිවරුන් 6 දෙනෙකුගෙන් යුත් කමිටුවක් දැන් පත්කරලයි තියෙන්නේ. මේ කරුණු අනාවරණය වුණේ සඳුදා පස්වරුවේ තිබ්බ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී.

මේ සතියේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවුණේ නවනීදන් පිල්ලේගේ පරීක්ෂණ කමිටුව ගැන. කමිටුවට ප‍්‍රතික්ෂේප කරපු රජය ඒ ගැන පාර්ලිමේන්තුවේ මතය විමසන්නත් සූදානම්. අනිද්දා සහ ඉන් අනිද්දා මේ වැඬේ කරන්න පක්ෂ නායකයෝ එක`ග වුණා. කොහොම වුණත්, ඒ පිළිබඳව අනෙකුත් දේශපාලන පක්ෂ තවම ස්ථිර තීරණයකට ඇවිත් නැහැ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා පොළොන්නරුවට ගියේ ප‍්‍රතිසංස්කරණය කරපු සෝමාවතිය පාර විවෘත කරන්න. ? 11 විතර වෙනකම් සෝමාවතී පින්බිමේ හිටපු ජනාධිපතිවරයා පසුදා ආපහු එද්දී කුඩා දරුවන් පිරිසක් සංවිධානය කළ ඔසුපැන් දන්සැලකට ගොඩවුණා. ජනාධීපතිවරයා දරුවන්ගෙන් ඇහුවා මොනවද ඔසුපැන් කියලා එතකොට ළමයි කියනවා බෙලිමලූයි, කොතල හිඹුටුයි කියලා. ජනාධිපති මහින්ද රාජපක්ෂ පොල්කටුවකින් බෙලිමල් රහ බැලූවෙ හකුරු කෑල්ලක් ද හපමින්.

මේ දවස්වල ආණ්ඩුව ඇතුලෙ අගමැති ධුරය ගැන පොඩි කතා බහකුත් ඇතිවෙලා තියෙනවා. ඒක කවදා කොහොම වෙනවා ද කියලා තවම කවුරුත් දන්නේ නැහැ.

එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලය රැස්වුණා. මේකෙදී එහි සභාපති කරූ ජයසූරිය මන්ත‍්‍රීවරයා කිව්වෙ සෑම සභාවාරයකටම සියලූ සාමාජිකයන් එන්න  ඕන කියලයි. මොනරාගල පැවති ප‍්‍රවර්ධන වැඩසටහන ගැන විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහට වාර්තාවක් දෙන්න  ඕනා කියලාත් ඔහු කිව්වා.

ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවේත් වැඩි අවධානය යොමුුවුණේ නවි පිල්ලේගේ පරීක්ෂණය ගැන. ඔවුන් මේ වනවිටත් ඊට අදාළව යෝජනා 6 ක් පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාර දීලා අවසන්. ‘‘ආණ්ඩුව වගකීමෙන් ගැලවෙන්න හදනවා.’’ ජවිපෙ නායකයෝ ඒ ගැන කතා වුණේ එහෙමයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රට ම කැළඹූ කාළගුණය
Thursday, 30 November 2017 - 14:34
මේ දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයට පත්ව... Read More
News Image
Hiru News Programme Segments
717 Views
6,996 Views
6,013 Views
6,239 Views
403 Views
8,509 Views
Top