Hirunews Logo
%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%85%E0%B6%82%E0%B7%81%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B6%9A%E0%B7%8A.
Sunday, 22 June 2014 - 16:51
ආරක්ෂක අංශවලට ජනපතිගෙන් උපදෙසක්.
46

Shares
5,551

Views
දිගු කලකට පස්සෙ ශ‍්‍රී ලාංකීය දේශපාලන සමාජය අතිශය කාර්යබහුල වෙච්ච සතියක් ලෙස ගත වූ සතිය හඳුන්වාදිය හැකියි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බොලිීවියාවට පිටත්ව ගියේ ජී - 77  රාජ්‍ය නායක සමුළුවට සහභාගි වන්න. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ සාමය සඳහා බොලීවියානු රජය පිරිනමන ඉහළ සම්මානයක් මෙහිදී ජනාධිපතිවරයාට පිරිනැමුණා. විදෙස් රාජ්‍ය නායකයෙකුට බොලිීවියාව එම සම්මානය පිරිනැමූ පළමු අවස්ථාව එයයි. අලූත්ගම සිද්ධිය ගැනත් වාර්තා වෙන කොට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හිටියේ බොලිීවියාවේ. දුරකථනයෙන් සියලූ පාර්ශව අමතමින් සාමය ආරක්ෂා කරන්න කටයුතු කරන්න ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නා.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සෙනෙසුරාදා පස්වරුවේ විශේෂ ප‍්‍රකාශයක් සිදුකළා. ‘‘ත‍්‍රස්තවාදයෙන් මුදා ගත් රට තුළ යළි සාමය හා සංහිඳියාව නැති කිරීමේ උත්සාහයන් කි‍්‍රයාත්මක වෙනවා. බලවත් ජාත්‍යන්තර බලවේග කිහිපයකුත් ඒකට සහය දෙන බව පැහැදිලියි. ජාතීන් සහ ආගම් අතර වෛරය පතුරුවන අයට එරෙහිව නීතිය උපරිමයෙන් කි‍්‍රයාත්මක කරන්න කියලා මම පොලිසියට සහ ආරක්ෂක අංශවලට උපදෙස් දුන්නා. ප‍්‍රචන්ඩත්වය කියන්නේ වනචාරි යුගයේ සංකේතයක්. ජාතික ගීයේ සඳහන් පරිදි එක මවකගේ දරුවන් සේ සියලූදෙනා ජීවත් විය යුතුයි. සියලූ ජාතීන් සම`ග සහයෝගයෙන් කටයුතු කළ යුතුයි.’’ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමස්ත ශ‍්‍රී ලාංකික පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියා.

මෙවර කැබිනට් රැස්වීම ආරම්භයේදීම උණුසුම් මුහුණුවරක් ගත්තා. ඒ කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා සහ බන්දුල ගුණවර්ධන ඇමතිවරයා අතර ඇතිවුණු වාග් සංග‍්‍රාමයක් හේතුවෙන්. ජාත්‍යන්තර පාසල්වල සිසුන්ට රජයේ පාසල්වලට ඇතුළු වී උසස් පෙළ හදාරන්න තිබුණු අවස්ථාව බන්දුල ඇමතිතුමා නැති කරලා කියලා කෙහෙළිය ඇමතිතුමා කිව්වා. තරහ ගියපු බන්දුල ඇමතිතුමා ‘‘මේක නිදහස් අධ්‍යාපනය රකින්න ගත්ත තීරණයක්. මං ඉන්නකං ඒක විනාශ කරන්න බෑ.’’ කියලා කිව්වා. එස්.බී දිසානායක උසස් අධ්‍යාපන ඇමතිතුමා වගේම, ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේත් කෙහෙළිය ඇමතිතුමාගේ පැත්තට කතා කළා. විජිත් විජයමුනි සොයිසා, මහින්ද අමරවීර වගේ ඇමතිවරු බන්දුල ඇමතිතුමා වෙනුවෙන් පෙනී සිටියා. ‘‘ ඔය දෙන්නා  ඕකට රණ්ඩු වෙලා වැඩක් නැහැ. මේ ගැන සම්පූර්ණ වාර්තාවක් මට දෙන්නකො. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හැමදාම වගේ ඇති වෙච්ච අවුල විසඳුවා.

කැබිනට් රැස්වීමෙන් පස්සේ පක්ෂ නායක රැස්වීමකුත් පැවැත්වුණා. එහිදී වැඩි අවධානයක් යොමුවුණේ අලූත්ගම සිද්ධිය පිළිබඳව. ‘‘ සිදුවූ සියලූ පාර්ශවයන්ට වන්දි ලබා දෙන්න පියවර ගන්නවා. ’’ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී අවධාරණය කළා. කාලයකට පස්සෙ මේ කැබිනට් රැස්වීමට වගේම පක්ෂ නායක රැස්වීමටත් විමල් වීරවංශ අමාත්‍යවරයා පැමිණ සිටීම විශේෂත්වයක්. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බ‍්‍රහස්පතින්දා සවස මහනුවර බලා  පිටත්ව ගියා. මහනුවරදී ජනාධිපතිවරයා හමුවෙච්ච ඇමති බන්දුල ගුණවර්ධන කෙහෙළිය ඇමතිවරයා සමග ඇතිවෙච්ච වාග් සංග‍්‍රාමය ගැන කතා කළා. ‘‘සර්, මේකෙන් ගමේ දුප්පත් දරුවන්ට තියෙන අවස්ථාවයි නැතිවෙන්නේ. ඔහු ජනාධිපතිවරයාට ප‍්‍රකාශ කළා. මේ සංචාරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අස්ගිරි මහානාහිමියන් ද බැහැදුටුවා.

නවනීදන් පිල්ලේගේ පරීක්ෂණ කමිටුව ගැනත් මේ දිනවල විවිධ කතා පැතිරෙනවා. කොහොම වුණත්, ඒ සඳහා පාර්ලිමේන්තුවේ මතය විමසන්න තිබ්බ ඡන්දෙදී වැඩි ඡන්ද 134 කින් යෝජනාව සම්මත වුණා.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමක් පසුගිය අගහරුවාදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී තිබ්බා. මේකෙදිත් කතා වුණේ මානව හිමිකම් පරීක්ෂණ යෝජනාව ගැන. ‘‘මේක ගෙනත් තියෙන්නේ තරුණ මන්ත‍්‍රීවරු පිරිසක්. විපක්ෂ නායකවරයා එහෙම කියනකොටම සර්, එතකොට මාලනී ෆොන්සේකයි, අස්වර් මන්ත‍්‍රීතුමයි තරුණද ? කියලා ඇහුවෙ ගයන්ත කරුණාතිලක මන්ත‍්‍රීවරයා.

ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රීවරු මෙම යෝජනාව ගැන සාකච්ඡා කළේ දුරකථනයෙන්. ඊට හේතුවුණේ විජිත හේරත් මන්ත‍්‍රීවරයා මොනරාගලත්, හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයා කොළඹින් බැහැරවත්, අනුර කුමාර දිසානායක මන්ත‍්‍රීවරයා මාතරත් හිටපු නිසා.  ‘‘ අපි මුලින්ම මේක අධ්‍යයනය කරන්න  ඕනා. ඊට පස්සෙ තමයි මේ ගැන ප‍්‍රතිචාර දක්වන්න  ඕනා. මේ අතරෙ ජනතා විමුක්ති පෙරමුණේ ඌව මැතිවරණ මෙහෙයුම දැන්ම පටන් අරන් කියලා ආරංචි වුණා. මොනරාගලින් එම මෙහෙයුම් කටයුතු ආරම්භ කර ඇත්තේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාගේ ප‍්‍රධානත්වයෙන්.’’
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රට ම කැළඹූ කාළගුණය
Thursday, 30 November 2017 - 14:34
මේ දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයට පත්ව... Read More
News Image
Hiru News Programme Segments
12 Views
7,087 Views
6,022 Views
6,257 Views
433 Views
8,587 Views
Top