Hirunews Logo
%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%94%E0%B6%A7+%E2%80%98%E2%80%98%E0%B6%B4%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%94%E0%B7%86%E0%B7%8A++%E0%B6%95%E0%B6%A9%E0%B6%BB%E0%B7%8A%E2%80%99%E2%80%99
Sunday, 06 July 2014 - 15:42
වාසුට ‘‘පොයින්ට් ඔෆ් ඕඩර්’’
25

Shares
3,118

Views
පසුගිය සතියේ සිදුවුණු වැදගත් දේශපාලන කථිකාවන් අතර අතිශය සුවිශේෂී වන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම සන්ධානය නියෝජනය කරන පක්ෂවල ඇමතිවරුන්ට , මන්ත‍්‍රීවරුන්ට සහ මහඇමතිවරුන්ට පැවති වැඩමුළුවයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් එය පැවැත්වුණේ බේරුවලදී. වැඩසටහන මෙහෙයවීම භාර වුණේ මහින්දානන්ද අලූත්ගමගේ සහ ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරුන්ට.

වැඩමුළුව ආරම්භයේදීම මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා රටේ ආර්ථික කි‍්‍රයාකාරිත්වය පිළිබඳව කරුණු පැහැදිලි කළා. එකපාරටම කුමාර වෙල්ගම ඇමතිතුමාට මතක් වුණේ කිරිපිටි මිල. ‘‘ලෝක වෙළඳපොලේ කිරිපිටි මිල අඩුයි. ඇයි අපේ රටේ ඒක අඩු කරන්නෙ නැත්තෙ.’’ ඇමතිවරයා ඇහුවා. ‘‘ආපහු වැඩිවුණොත් ඒක අපට ප‍්‍රශ්නයක්. අනෙක අපි දේශීය කිරිගොවියා ආරක්ෂා කරන්නත්  ඕනා. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පුරුදු උත්තරයම දුන්නා.’’ මේ වැඩමුළුවේදී මන්ත‍්‍රීවරුන්ට තමන්ගේ අදහස් නිදහස්ව ප‍්‍රකාශ කරන්න ඉඩ ලැබුණ කියලයි ආරංචි. මේකෙදී පුංචි රහස් ඡන්දෙකුත් තිබ්බා. ඒ කලින් තියන්න  ඕන මහමැතිවරණය ද ජනාධිපතිවරණය ද කියලා විමසන්න. බහුතරයක් කියලා තිබ්බෙ ජනාධිපතිවරණය කලින් තියෙන එක හොඳයි කියලා.

වාසුදේව නානායක්කාර ඇමතිවරයා වැඩමුළුව ඇමතුවේ කරුණු කාරණා රැසක් ගැන කියමින්. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැන ඔහු දිගටම අදහස් පළ කළා. එක්වරම සභාව පිටුපසින් ‘‘පොයින්ට් ඔෆ්  ඕඩර්’’ කියලා ඇහුණා. මේකට නම් වාසු ඇමතිතුමාට හොඳටම තරහ ගියා කියලයි ආරංචි. වැඩමුළුව අතරතුර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අලූත්ගම සහ බේරුවල ප‍්‍රදේශවල නැවතත් සංචාරයක නිතර වුණා. ඒ සිදුකෙරෙන ඉදිකිරීම් ගැන සොයා බලන්න. ජනතාව තම අවශ්‍යතා ජනාධිපතිවරයාට ප‍්‍රකාශ කළා.

ජනාධිපතිවරයා සිකුරාදා උදේ ප‍්‍රතිසංස්කරණය කළ ගාලූ කොටුවේ මෙතෝදිස්ත දෙව්මැදුර විවෘත කළා. ‘‘අන්තවාදීන් තමන්ගේ ආගමටවත් සාධාරණයක් කරන්නේ නැහැ. හැමෝම එකතුවෙලා පළමුව රට ගැන සිතිය යුතුයි.’’ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී ප‍්‍රකාශ කළා.

විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහත් මේ දවස්වල ටිකක් කාර්යබහුලයි. පක්ෂ ප‍්‍රතිසංවිධාන වැඩවලට ඔහු රට පුරා යනවා. සෙනසුරාදා විපක්ෂ නායකවරයා හිටියේ කෑගල්ලේ. තමන්ට හොඳ ප්ලැටූන් එකක්  ඕනා කියලා ඔහු රැස්ව සිටි හැමෝටම කිව්වා. ‘‘ඒ කාලේ මම කිව්වා 2014 ඡන්දයක් එනවා කියලා. කවුරුත් පිළිගත්තේ නැහැ. හැබැයි දැන් ඒක ඇත්ත වෙලා තියෙනවා. වැඬේ තියෙන්නේ මේක 14 එනවාද, 15 එනවාද කියන එකයි. ආණ්ඩුවට දැන් කරන්න දෙයක් නැහැ. ඒ නිසා අපි හොඳින් සූදානම් විය යුතුයි. විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ පිරිස අමතමින් එහෙම කිව්වා.

ජනාධිපතිවරණය ගැන විවිධ අදහස් මතුවෙද්දී පොදු අපේක්ෂකයෙකු ගැන මතයක් දේශපාලන කරලිය උණුසුම් කළා. කොහොම වුණත්, පොදු අපේක්ෂකයාට මුලින්ම විකල්ප දැම්මේ එක්සත් ජාතික පක්ෂය. ඉදිරි ජනාධිපතිවරණයකදී තනිව තර`ග කරනවා කියලා විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහම කිව්වා. මේ අතරෙ ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ අමුතුම කතාවක්. එයාලා විකල්ප පොදු අපේක්ෂකයෙක් ගේනවා කියලයි පසුගිය සතියෙ කිව්වේ. පක්ෂ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මේක කිව්වෙ කොළඹ තිබ්බ මාධ්‍ය හමුවකදී. එහෙම බැලූවහම ජනාධිපතිවරණයට දැන් නම් අපේක්ෂකයන් 3 දෙනෙකු නියත වශයෙන්ම එන එක ෂුවර් කියලයි දේශපාලන සමාජය කතා වෙන්නෙ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
අධික නියඟයෙන් අතමිට සරුකර ගත් පුත්තලමේ ලුණුලේවා කරුවන්
Wednesday, 19 September 2018 - 19:29
මේ දිනවල පුත්තලම ඇතුළු ප්‍රදේශයන් රැසකට බලපා ඇති අධික නියඟයත්, සමඟ පුත්තලම ප්‍රදේශයේ සිදුකරගෙන... Read More
News Image
Hiru News Programme Segments
1,885 Views
1,018 Views
6,677 Views
6,486 Views
41 Views
45,148 Views
Top