Hirunews Logo
%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%91%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
Sunday, 13 July 2014 - 17:18
තිස්සගේ දුරියන් කෑම ගැන රනිල්ට ප‍්‍රශ්නයක්.
26

Shares
3,175

Views
බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවුණු ඌව පළාත් සභාව 12 වනදා මධ්‍යම රාත‍්‍රියේ විසුරුවා හැරුණා. සන්ධානයේ මහඇමති අපේක්ෂකයා, හිටපු මහඇමති ශශීන්ද්‍රම බව අලූතෙන් ප‍්‍රකාශ කරන්න  ඕන නැතත්, එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා තවම ප‍්‍රකාශයට පත් කරලා නැහැ. බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තුව හරීන් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා ඒකට තරග කරයි කියලා. ජනතා විමුක්ති පෙරමුණෙන් සමන්ත විද්‍යාරත්න තර`ගයට එන බව තමයි ආරංචි.

සුපුරුදු විදිහටම ජනාධිපතිවරයා මේ දවස් ටිකේ කාර්ය බහුලයි. පුත්තලම දිස්ත‍්‍රික් සංවර්ධන කමිටු රැස්වීම පැවැත්වුණේ පහුගිය අගහරුවාදා. ඒකෙදී පුත්තලම වානිජ මණ්ඩලයේ සභාපතිවරයා, ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ ඔවුන්ටත් ඉදිරියට දිස්ත‍්‍රික් සංවර්ධන කමිටු රැස්වීම්වලට සහභාගි වෙන්න අවසර දෙන්න කියලා. ‘‘පි‍්‍රයංකර, මොකද ඒ ගැන කියන්නෙ. ජනාධිපතිවරයා පි‍්‍රයංකර ජයරත්න ඇමතිතුමාගෙන් ඇහුවා. වැඬේ ගැන අවධානයක් නැතිව වෙන කතාවක හිටපු ඇමතිවරයා ‘‘ඔව් සර්. අපට ඉඩම දෙන්න පුළුවන්. කියලා හයියෙන් කිව්වෙ හැමෝම හිනාවෙද්දී. ආරංචි විදිහට පි‍්‍රයංකර ජයරත්න ඇමතිතුමාට මේ ලණුව දීලා තියෙන්නේ වයඹ මහඇමති දයාසිරි ජයසේකර. ජනාධිපතිවරයා ප‍්‍රශ්න කරද්දී පි‍්‍රයංකර මොකක්ද බං ඒ අහන්නෙ කියලා අහල තියෙන්නේ දයාසිරි මහඇමතිවරයාගෙන්. කොහොම වුණත්, හැමෝම ඉස්සරහ වෙච්ච වැඬේට පි‍්‍රයංකර ජයරත්න ඇමතිවරයාගේ හිත නම් එච්චර හොඳ වුණේ නැහැ.

පසුගිය සතියේ කොළඹ පැවති විවාහ උත්සවයකදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මංගල සමරවීර මන්ත‍්‍රීවරයා හමුවුණා. හැමෝම හිතන් හිටියේ ජනාධිපතිවරයා ඔහු නොදක්කා වගේ යයි කියලා. ඒත් මංගල හිටපු මේසේ ළගට ගිය ජනාධිපතිවරයා සුපුරුදු විදිහට කතා කරලා එතනින් නික්මුණා.

කැබිනට් රැස්වීම මේ පාර උණුසුම් වුණේ ඇමති මහින්දානන්ද කියපු කතාවක් නිසා. ‘‘සර් ඇමතිවරුන්ගේ සම්බන්ධීකරණ ලේකම්වරුන්ට වාහන පාවිච්චි කරන්න බැහැ කියලා පරිපාලන අමාත්‍යාංශයෙන් ලියුමක් එවලා. ඒ කතාව ඇහුවා විතරයි හැමෝම කලබල වුණා. හැබැයි විෂය භාර ඇමති ජෝන් සෙනෙවිරත්න ඒක දැනං හිටියෙ නැහැ. කොහොමහරි ජනාධිපති ලේකම්වරයා නිකුත් කරලා තියෙන නියෝග කාටත් වෙනස් කරන්න බැහැ කියලා පැහැදිලි කළාට පස්සෙ තමයි වැඬේ ටිකක් ෂේප් වුණේ.

විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ සහභාගි වුණු සාකච්ඡාවක් සිකුරාදා පැවැත්වුණේ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදියි. මෙම සාකච්ඡාවට අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද සහභාගිවීම විශේෂත්වයක්. පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් ඇතුළු ස්වාමීන් වහන්සේලා කිහිප නමක් මෙන්ම හින්දු ආගමික පූජකවරුන්, ඉස්ලාම් මවුලවිතුමන්ලා සහ දෙමළ ජාතික සන්ධානය ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයන් රැසක් ද ඊට එක්ව සිටියා. ජාතික හෙළ උරුමයේ නියෝජිතයන් මෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නියෝජිතයන් සහ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් වන තිස්ස විතාරණ සහ ඩිව් ගුණසේකර ද මෙම සාකච්ඡාවට එක්වෙලා හිටියා. පසුව විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ කිව්වෙ 17 වන සංශෝධනය බලාත්මක කිරීම පිළිබඳව ද එහිදී සාකච්ඡා කෙරුණු බවයි.

ගිය සතියේ පක්ෂ ප‍්‍රතිසංවිධාන වැඩවලට විපක්ෂ නායකවරයා ඇතුළු පිරිස කෑගල්ලට ගියා. රඹුක්කන දී දවල් කෑමට පුංචි මඟුල් මඩුවකුත් ගහලා ගමේ කෑම රැසක් ලේස්ති කරලා තිබ්බා. අතුරුපසට තිබ්බෙ දුරියන් සහ රඹුටන්. දුරියන් මදුළු 40ක් විතර තිබ්බ පිඟානක් ළඟ වාඩි වෙච්ච විපක්ෂ නායකවරයා ඒකෙන් 4ක් 5ක් කෑවා. ටික වේලාවක් යද්දි මේකෙන් මදුළු 25ක්ම කාලා තිබ්බෙ මහලේකම් තිස්ස අත්තනායක. ‘‘අප්පේ තිස්ස දුරියන් ගොඩක් කාලා. මොකද මන්දා තිස්ස මෙච්චර දුරියන් කන්නේ.’’ විපක්ෂ නායකවරයා එහෙම කිව්වෙ දුරියන් කට්ටිය තිරිහන් කරන කෑමක් හින්ද වෙන්න ඇති.

 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රට ම කැළඹූ කාළගුණය
Thursday, 30 November 2017 - 14:34
මේ දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයට පත්ව... Read More
News Image
Hiru News Programme Segments
414 Views
6,654 Views
5,983 Views
6,129 Views
323 Views
8,162 Views
Top