Hirunews Logo
%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%89%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%B8.
Sunday, 27 July 2014 - 15:59
රනිල්ගේ ඉවසීම.
25

Shares
3,012

Views
පහුගිය දින ටිකේම අපි කතාව පටන් ගත්තේ ඌව පළාත් සභා මැතිවරණයෙන්. මේ වනවිටත් ඌව ටිකෙන් ටික උණුසුම්වෙමින් පවතිනවා. ඒ කොහොම වුණත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමන්ගේ රාජකාරී කටයුතු වගේම දෛනික කටයුතුත් සිදුකරන්නේ ඌව විතරක් බලාගෙන නෙවෙයි.

පහුගිය දවසක සමාජ ඒකාබද්ධතා සතිය වෙනුවෙන් පවත්වපු සරුංගල් ප‍්‍රදර්ශනයක් ගාලූ මුවදොර පිටියේ පැවැත්වුණා. ඇමති වාසුදේව නානායක්කාරගේ ආරාධනයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් මේකට ආවා. ඒ ආපු ගමන් ජාති ආගම් භේද නැති සරුංගල් අතර ජනාධිපතිවරයාත් සරුංගලයක් යවන්න අමතක කළේ නෑ. ඇමති වාසුත් වැඬේට බැස්සා. ‘‘සර්, මීට කලින් ගෝල්ෆේස් එකේ සරුංගල් යවලා තියේද ? ’’ වාසු එහෙම ඇහුවාම ජනාධිපතිවරයා කිව්වේ මෙහේ නැති වුණාට මැදමුලනේ වෙල්යායවල් වල නම් හැම පාසල් නිවාඩුවටම සරුංගල් ඇරියා කියලා. එක පාරටම ඇමති වාසු ‘‘ඔන්න ඔන්න සර් අපි දෙන්නගේ සරුංගල් දෙක පැටලෙන්නයි යන්නේ.’’ කියලා කිව්වා. ‘‘ආ.......ඒක වෙන්නේ නෑ, මං කවදාවත් පැටලෙන්නේ නෑ. හරියට නූලට වැඬේ කරනවා.’’ ජනාධිපතිවරයා උත්තර දුන්නේ එහෙම. මෙවර පැවති ආණ්ඩු පක්ෂ මන්තී‍්‍ර කණ්ඩායම් රැස්වීමේදීත් ඌව ඡන්දේ ගැන බොහෝ දේ කතා වුණා. ජනාධිපතිවරයා සති අන්තේ කිට්ටු වෙද්දී අනුරාධපුරයට ගියේ දිස්ති‍්‍රක් සංවර්ධන රැස්වීමට සහභාගී වෙන්න. මේකේදී රජරට විශ්වවිද්‍යාලයේ අර්බුදයට විසඳුම් දෙන හැටිත් ජනාධිපතිවරයා කට්ටියට කියලා දුන්නා.

විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ සති අන්තය ගත කළේ මාතලේ දිස්ති‍්‍රක්කයේ. කූඹියන්ගොඩ පන්සලට ගියපු විපක්ෂ නායකවරයාට විහාරාධිපති හිමියන් නියම කතාවක් කිව්වා. ‘‘ඔබතුමා නම් මාරයි. ඔබතුමාට එලියෙනුත් ගහනවා, ඇතුලෙනුත් ගහනවා. ඒත් ඉතිං ඉවසන් ඉන්නවා නේද ?’’ උන්වහන්සේ ඇහුවා. විපක්ෂ නායකවරයා බලන්න ඇවිත් හිටපු ජනතාව එක්ක අදහස් හුවමාරු කර ගන්න ඔහු අමතක කළේ නැහැ. රඹුක්කනදී වගේම මාතලේදීත් විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහට හම්බුණේ ගමේ කෑම වේලක්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
පලු ගස් කුහරයට විශ්මිත වටිනාකමක්
Thursday, 22 February 2018 - 11:54
ඉවත දමන දැව කුහරය උපයෝගී කරගනිමින්  කැටයම් යොදා අලංකාර නිර්මාණ සිදුකරන  ලී කැටයම් ශිල්පියෙකු... Read More
News Image
Hiru News Programme Segments
3,415 Views
15,403 Views
635 Views
1,463 Views
367 Views
16,868 Views
Top