Hirunews Logo
%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B7%99%E0%B7%83%E0%B7%99%E0%B6%BD%E0%B7%8A
Sunday, 03 August 2014 - 15:17
රනිල් සහ කෙසෙල්
28

Shares
3,414

Views
ඌව පළාත් සභා මැතිවරණයට නාමයෝජනා කැඳවීම දැන් ආරම්භවෙලා. ප‍්‍රධාන දේශපාලන පක්ෂ ඒ වෙනුවෙන් බොහෝ වෙහෙස මහන්සිවෙලා වැඩකරනවා. මේ පාර සන්ධානයට නාමයෝජනා සකස් කිරීමේදී ගැටළු රැසක් ආවේ බොහෝ පිරිසක් අපේක්ෂකත්වය ඉල්ලපු හින්දා. කොහොම හරි ජාතික නිදහස් පෙරමුණ වෙනම තරඟ කරන්න තීරණය කළා. එක්සත් ජාතික පක්ෂ නාමයෝජනා ලැයිස්තුවේ හිස්තැන් කිහිපයක් තාම තියෙනවා. විශ්වාසකටයුතු ආරංචි මාර්ග ප‍්‍රකාශ කළේ තනිව තරඟ කරන බව කියපු මුස්ලිම් කොංග‍්‍රසය එක්සත් ජාතික පක්ෂයට එකතු වෙයි කියන විශ්වාසය නිසා එහෙම ඉඩ තියන් ඉන්නවා කියලා. ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රස් නායක අමාත්‍ය රවුෆ් හකීම් සහ එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රබලයන් කිහිපදෙනෙක් අතර හමුවකුත් මේකට අදාළව සිද්ධවුණා කියලා එම ආරංචි මාර්ග ප‍්‍රකාශ කළා. කොහොම වුණත් මුස්ලිම් කොංග‍්‍රසයේ ජාතික සංවිධායක රජාබ්දීන් නම් කිව්වේ එහෙම සූදානමක් නෑ කියලා. ‘‘හැමෝටම අපිත් එක්ක තරඟ කරන්න පුළුවන්. ඒක විවෘත ආරාධනයක්.’’ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක ප‍්‍රකාශ කරන්නේ ඒ විදිහේ කතාවක්.

මේ පාර කැබිනට් රැස්වීම සුපුරුදු පරිදි උණුසුම් කළේ අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන. කොළඹ පාසල්වලට ලොකු තරඟයක් තියෙන හින්දා එක වසරේ ඉඳන් පහ වසර වෙනකං විතරක් උගන්නන අලූත් ඉස්කෝල 5 ක් දාමු කියලා ඇමතිතුමා කිව්වා. මේකට කැබිනට්ටුවේ බොහෝදෙනෙක් විරුද්ධ වුණා කියලයි ආරංචි. ද්විතීක පාසල්, අර පාසල්, මේ පාසල් තියෙන එකේ වෙන පාසල් මොකටද කියලයි ඇමතිවරු අහලා තියෙන්නේ. කොහොමහරි ජනාධිපතිතුමා මැදිහත්වෙලා ප‍්‍රශ්ණෙත් විසඳලා බන්දුල ඇමතිතුමත් බේරුවා කියලයි ආරංචි.

විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ පහුගිය සතියේ නුගේගොඩ රොටරි පන්තියට ගියා. ඒ, උසස් පෙළට පෙනී සිටින දරුවන්ට සුබපතන්න. මේ අතරතුර ගමින් ගමට එක්සත් ජාතික පක්ෂ ප‍්‍රවර්ධන වැඩසටහනටත් විපක්ෂ නායකවරයා දිගටම සහභාගිවනවා. ඒ අතරතුරේ තමයි මේ වැඩවලට යන්නේ. හැබැයි මෙහෙම ගිය වෙලාවේ හඟුරන්කෙතදී විපක්ෂ නායකවරයාට අපූරු සිදුවීමකට මුහුණදෙන්න වුණා. රිකිල්ලගස්කඩ නගරෙට ගියපු විපක්ෂ නායක රනිල් ආපහු එන ගමන් පුංචි කඩපිලකට ගොඩවුණා. කඬේ ඉස්සරහාම එල්ලලා තිබ්බේ හොඳ කෙසෙල් කැනක්. කඩයක් කියලා අමතක වුණු විපක්ෂ නායකවරයා පැනපු ගමන් කෙසෙල් ගෙඩි දෙක තුනක් කඩාගෙන කෑවා. එහේ සංවිධායක එස්.බී. ඇමතිතුමාගේ මල්ලි ජයලත් දිසානායක ‘‘සර්, ඔය සීනි කෙහෙල්, වැඩිය කන්න හොඳ නෑ.’’ කියලා කිව්වා. ‘‘ඒක බලාගන්නේ මමනේ’’ කියපු විපක්ෂ නායකවරයා තව කෙහෙල් ගෙඩියක් කෑවා. කොහොමටවත් මුදල් පසුම්බි, ජංගම දුරකථන, අත් ඔරලෝසු මෙහෙම ගමන්වලට අරන් නොයන විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහට කෙසෙල් ගෙඩිවලට සල්ලි ගෙව්වේ නෑ කියලා මතක් වුණේ එතනින් බැහැලා එලියට එනකොට. ඒ වග මතක් කරන් ඔහු යළිත් කඬේට ගොඩවුණා. ‘‘අනේ සර්, කෙහෙල් කැනම කාලා හරි, යූ එන් පී ආණ්ඩුවක් හදලා දෙන්නකෝ.’’ කඬේ අයිති මැදිවියේ කාන්තාව විපක්ෂ නායකවරයාට කිව්වා. කථාවට නම් හැමෝටම හිනා.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක රත්නපුරේදී රිය අනතුරකට මුහුණ දුන්නෙත් ගිය සතියේ. බරපතල තුවාලයක් නොවුනත් ඇතිවෙච්ච තැලීම් නිසා ඔහු කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවට ඇතුළත් කළා. රනිල් වික‍්‍රමසිංහ විපක්ෂ නායකවරයා වගේම ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකාත් නිමල් සිරිපාල ද සිල්වා ඇමතිතුමත් අනුර බලන්න ගියා කියලයි ආරංචි. ඒ වෙලාවෙ නිමල් සිරිපාල ඇමතිතුමා අනුර කුමාර දිසානායක මන්ත‍්‍රීතුමාට කියලා තියෙන්නේ ඔබතුමා ටිකක් රෙස්ට් කරන්න කියලා. ‘‘එහෙනම් ඉතින් මෙයාවත් ඇරෙස්ට් කරන්න වෙයි.’’ කියලා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා කිව්වා කියලයි ආරංචි.

කොහොම හරි දවසක් විතර ජාතික රෝහලෙත් ඉඳලා ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ජාතික රෝහලෙන් පිටවෙලා ගියා. ජනතා විමුක්ති පෙරමුණේ පරණ සඟයෙක් වෙච්ච ඇමති විමල් වීරවංශත් කිව්වේ අනුරට ඉක්මන් සුවය ප‍්‍රාර්ථනා කරනවා කියලා.

ජාතික හෙළ උරුමයත් මේ දවස්වල එක එක වැඩ කරනවා. පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඇමතිවරු කණ්ඩායමකුත් එක්ක එකතුවෙලා නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවකුත් හදනවලූ. ඒක ඊට පස්සේ ආණ්ඩුවට ඉදිරිපත් කරනවා කියලයි දේශපාලන ආරංචි මාර්ග ප‍්‍රකාශ කළේ.

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායකත්වයෙන් ඉවත්වෙන්න යන බවට වාර්තා පළවනවා. දැන්ම ඉඳන් ඒකට ඇම දාන්න බලන් ඉන්නේ මාවෙයි සේනාධිරාජා සහ එම්.ඒ. සුමන්දිරන් යන මන්ත‍්‍රීවරුන් කියලයි ආරංචි. සම්බන්ධන් වැඩිපුර කැමති සුමන්දිරන්ට කියලා කට්ටිය කිව්වත් යාපනේ ජනතාවගේ වැඩි ප‍්‍රසාදය මාවෙයි සේනාධිරාජාට හිමිවෙලා තියෙනවා.

 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
මන්නාරමේ ඩොරික් බංගලාව මුහුදු ඛාදනයට ලක්වෙයි
Friday, 07 September 2018 - 8:05
ශ්‍රී ලංකාවේ ප්‍රථම ආණ්ඩුකාරවරයා ලෙස සැලකෙන බ්‍රිතාන්‍ය ජාතික ‍ෆේඩ්රික් නොර්ත් විසින් සිය... Read More
News Image
Hiru News Programme Segments
1,598 Views
730 Views
6,594 Views
6,408 Views
16 Views
44,842 Views
Top