Hirunews Logo
%E0%B6%B1%E0%B7%9D+%E0%B7%84%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%9E%E0%B7%8A+-+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%8A.
Monday, 11 August 2014 - 12:41
නෝ හස්බන්ඞ් - පවුල් අවුල්.
30

Shares
3,656

Views
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සතියේ කුරුණෑගල දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ රැස්වීමට එක්වුණා. ‘‘සර්, මෙහෙ ආවේ නිකං නෙවේ. සල්ලි ගොඩක් අරගෙන. අපේ පපුව නැති අයටත් දැන් පපුව ඉස්සරහට දාලා ගමට යන්න පුළුවන්. එහෙම කිව්වේ පිළිගැනීමේ කතාව කරපු ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඇමතිතුමා. මේකෙ ස්තූති කතාව කළේ වයඹ මහඇමති දයාසිරි ජයසේකර. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පස්සෙ කිව්වෙ නම් සම්බන්ධීකරණ රැස්වීම්වල දිගම පිළිගැනීමේ කතාව වගේම දිගම ස්තූති කතාවත් කුරුණෑගලදී ඇහුවා කියලා.

සංවර්ධන කමිටුව අවසන් වෙලා කට්ටිය කෙළින්ම ගියේ කුරුණෑගල මාලිගා පිටියට. රාජ්‍ය නිලධාරින් සඳහා යතුරුපැදි ප‍්‍රදානයත් එහේ තිබ්බා. ඒ යතුරුපැදි පෙන්නන ගමන් දයාසිරි ජයසේකර මහඇමතිවරයා ජනපතිගෙන් මෙහෙම ඇහුවා. ‘‘ සර් දන්නවද, මේවට මාර නම් කියනවා. එහෙම කියලා බයිසිකලයක් පෙන්නපු මහඇමති දයාසිරි සර්, මේවට කියන්නේ නෝ හස්බන් කියලා. එතනට ආපු ඇමති ජොන්ස්ටන් තව බයිසිකලයක් පෙන්නලා ‘‘සර්, මේවට පවුල් අවුල් කියලත් කට්ටිය කියනවා.’’ කොහොම හරි සද්ද නැතිව කතාව අහං හිටපු ජනාධිපතිවරයා උත්සව සභාවේදී මේ ගැන කෙළින්ම දයාසිරි ජයසේකර මහඇමතිතුමාගෙන් ඇහුවා. කතාවට හැමෝටම හිනා.

කැබිනට් රැස්වීමේදීත් මේ පාර වැඩි අවධානයක් යොමුවුණේ ඌව ඡන්දය ගැන. ආපු ගමන් ජනාධිපතිවරයා ‘‘කෝ මේ ඩිලාන්. කියලා ඇමති ඩිලාන් පෙරේරාව හෙව්වා. පහුගිය දවසක නිමල් සිරිපාල ද සිල්වා ඇමතිවරයා වගේම ඩිලාන් පෙරේරා ඇමතිතුමත් ප‍්‍රසිද්ධ වේදිකාවේ එකිනෙකාට අනං මනං කියා ගත්තා කියලයි ආරංචි වුණේ.

‘‘මේක මහ ඡන්දයක් නෙවේ. කවුරුත් දීපු වැඩ නොකර ඉන්න එපා. එක එක්කෙනත් බැන ගන්න එපා. ඒවට ලැයිස්ති වෙන්නත් එපා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කිව්වෙ ටිකක් තදින්.

විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ පහුගිය සතියෙත් වැඩසටහන් රැසකට සහභාගි වුණා. ඉරිදා හැටන්වලට ගියපු විපක්ෂ නායකවරයා සයිවර් කඩයකින් වඩයකුත් කාලා ප්ලේන්ටියකුත් ගැහුවලූ.

දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම්වලට දැන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිතරම සහභාගි වනවා. කුරුණෑගල පසුගියදා පැවති සංවර්ධන කමිටු රැස්වීමටත් ජනාධිපතිවරයා එක්වුණා. වැඬේ පිළිගැනීමේ කතාව කළේ ඇමති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු. ‘‘සර්, ඔබතුමා අද මෙතනට ඇවිල්ලා තියෙන්නේ නිකං නෙවෙයි. සල්ලි ගොඩාක් අරගෙන. පපුව නැති අයට වුණත්, පපුව ඉස්සරහට දාලා දැන් ගමට යන්න පුළුවන්.’’ ජොනීගේ කතාවට හැමෝටම හිනා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රට ම කැළඹූ කාළගුණය
Thursday, 30 November 2017 - 14:34
මේ දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයට පත්ව... Read More
News Image
Hiru News Programme Segments
630 Views
6,162 Views
5,944 Views
5,982 Views
234 Views
7,693 Views
Top