Hirunews Logo
%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94+%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80.
Tuesday, 19 August 2014 - 10:20
කුණු නිසා උණු වුණු කැබිනට්ටුව.
26

Shares
3,131

Views
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගෙවී ගිය සති අන්තයේ කාර්ය බහුල වුණේ මහනුවර, නුවරඑළිය වගේම මාතලේ දිස්ත‍්‍රික්කය තුළත් විවිධ වැඩසටහන් රැසකට සහභාගි වූ නිසා. ශ‍්‍රී දළදා මාළිගාවේ අවසන් රන්දෝලි පෙරහර ජනපති නැරඹුවේ මහනුවර ජනපති මැදුරේ සිටයි. පසුවදා මහනාහිමිවරුන් ද බැහැ දුටු ජනාධිපතිවරයා මාතලේ දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගි වුණා. මැතිවරණ වේදිකාවේදි විවිධ චෝදනා එල්ල කර ගත් නන්දිමිත‍්‍ර ඒකනායක නියෝජ්‍ය අමාත්‍යවරයා වගේම බන්දුල යාලේගම පළාත් ඇමතිවරයාත් මෙකෙදි වාඩි වෙලා හිටියේ එක ළඟ. ඒක දැකපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒ අයට කිව්වේ ‘‘ඔන්න ඔහොමනෙ ඉන්න  ඕනි’’ කියලා. එදා දිවා ආහාරය සූදානම් කර තිබුණේ නියෝජ්‍ය ඇමති රෝහණ දිසානායකගෙ ගෙදර. ඒකටත් සීතල යුද්දෙක නිරත වන මාතලේ සන්ධාන නියෝජිතයො ටික ඇවිත් හිටියේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ ඒවා පෙන්නන්න ගියොත් වැඬේ ලෙඬේ වෙන හින්දා.

ජනාධිපතිවරයා නුවරඑළියට ගියේ විවෘත කිරීම් කිහිපයකට වගේම වලපනේ විද්‍යාලයක මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරයක් විවෘත කරන්නත් එක්ක. මාර්ග විවෘත කිරීම අවසන් කරලා එන අතරමඟ පාසල් දරුවන් මඟ බලන් ඉන්නවා ජනාධිපතිවරයා දැක්කා. වාහනෙන් බැහැලා එයාලා ළඟට ගිහින් කතා කරපු ජනාධිපතිවරයා අතරමගදි හමුවුණු මනාල යුවළකටත් සුබ පැතුම් එක් කළා. කොහොම වුණත් නුවරඑළියට ගිය ජනාධිතිවරයා වැඩිපුරම හිටියෙ ජනතාව අතර.

සති කිහිපයක් අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන, කැබිනට් රැස්වීම උණුසුම් කළත් මේ පාර ඒ වැඬේ කළේ සන්ධාන මහලේකම් අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත. කොළඹ කුණු දුම්රියෙන් පුත්තලමට රැගෙන යාම ගැන කැබිනට් පත‍්‍රිකාව ඉදිරිපත් කරලා තිබුණා. ‘‘සර් අපේ මිනිස්සු කැමති නෑ කාගෙවත් කුණු පුත්තලමට ගේනවට’’. තවත් ඇමතිවරු පිරිසක් ඒකට හූමිටි තිබ්බා. ‘‘ඔව් ඉතින් දී කිරට බළල්ලූත් සාක්ෂියිනෙ.’’ හිනා වෙවී එහෙම කිව්වේ ජනාධිපතිවරයා. ‘‘හරි හරි මේව ගෙනිහින් නිකන් අතාරින්නේ නෑ. සිමෙන්ති වලට අමුද්‍රව්‍ය ගන්න වළවල් වලට දාලා ඒවත් වහනවා.’’ ජනාධිපතිවරයා විසදුම දීලා ඉවර කළා.

විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහත් දැන් ඌව ජන්දයට බැහැගෙන වැඩ. පසුගිය දවස්වල ඔහු ගමින් ගමට ප‍්‍රවර්ධන වැඩසටහනටත් හරි හරියට සහභාගි වුණා. ‘‘තමන්ට පවරපු වැඩ ගැන සෙවිල්ලෙන් ඉන්න. ඒවා ගැන ආසන මට්ටමින් වගේම ප‍්‍රාදේශීය මට්ටමිනුත් හොයලා බලන්න. හැමෝම මහන්සි වෙලා වැඩ කරන්න.’’ විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ පක්ෂ නියෝජිතයින්ට උපදෙස් දුන්නේ එහෙම.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රට ම කැළඹූ කාළගුණය
Thursday, 30 November 2017 - 14:34
මේ දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයට පත්ව... Read More
News Image
Hiru News Programme Segments
717 Views
6,996 Views
6,013 Views
6,239 Views
403 Views
8,509 Views
Top