Hirunews Logo
%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%B1+%E0%B6%BB%E0%B7%84%E0%B7%83+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B6%A7+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%85+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%80%E0%B7%94%E0%B6%AF%3F
Tuesday, 26 August 2014 - 13:52
දිනන රහස එජාපයට හෙළි කළ ඇමතිවරු කවුද?
35

Shares
4,235

Views
ශ‍්‍රී ලංකාව වගේම ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමත් ලබපු සම්පතක් ලෙස මහේල ජයවර්ධන හඳුන්වන්න පුළුවන්. මහේල ටෙස්ට් ක‍්‍රීඩාවෙන් සමුගන්නේ පාකිස්ථානය සමඟ පැවැත්වුණු දෙවන ටෙස්ට් තරඟයේදීයි. මහේලට සුබ පතන්න එස්.එස්.සී පිටියට ආපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රන් ආලේපිත පිත්තක් ද ප‍්‍රදානය කළා. මහේල ටෙස්ට් පිටියට සමුදුන්නේ ලෝකයේම කි‍්‍රකට්වලට ආදර්ශයක් ලබා දෙමින්. මහේලගේ අම්මා ඒ වෙලාවේ මහේල ගැන මෙහෙම කතාවක් කිව්වා. ‘‘ලෝකෙට කොහොම වුණත් මහේල මට මගේ පුතා. ඒ බැඳීම හැමදේටම වඩා උතුම්’’

දිස්ත‍්‍රික්ක රැසකට බලපෑ නියං තත්ත්වය හමාර කරමින් සෙනසුරාදා වනවිට දැඩි වැසි ඇද හැලූණා. පල්ලෙකැලේදී ආරම්භ වුණු ජල සමුළුවටත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට යන්න වුණේ නැත්තෙ කාලගුණ තත්ත්වය අයහපත් වීම නිසා. කොහොම වුණත්, ඌව මැතිවරණය සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම සන්ධානයේ නායකයන් රැස් වෙලා සාකච්ඡා කළා. මේ අතරේ නවිපිල්ලේගේ කමිටුවට ලංකාවට එන්න දෙන්නේ නැහැ කියලා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළේ විදෙස් මාධ්‍යවේදීන් පිරිසක් හමුවෙමින්.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වගේම විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහත් සහභාගි වුණු උත්සවයක් පසුගියදා කොළඹදී පැවැත්වුණා. ඒකට සම්බන්ධන් මන්ත‍්‍රීවරයත් ඇවිත් හිටියා. උත්සවය පැවැත්වුණේ ඉන්දියානු නිදහස් දිනයක සැමරුමක් විදිහට. මේකෙදී සංගීතය සපයපු කණ්ඩායම සබේ හිටපු ඇත්තන් ඉල්ලන ඉල්ලන සිංදුව කිව්වා. ජනාධිපතිවරයා වගේම විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහත් සිංදු ඉල්ලූවා. පුදුමෙකට වගේ විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ ඉල්ලපු එක සිංදුවක් වුණේ 1942 A  LOVE  STORY  චිත‍්‍රපටයේ ඒක් ලඞ්කී කෝ ගීතය. සංගීත කණ්ඩායම ඒක නියමෙට කිව්වා. සතුට වැඩිකමට සිංදුව ඉවරවුණ ගමන් විපක්ෂ නායකවරයා වේදිකාවට ගියා. ගිහින් කණ්ඩායමට සුබ පැතුවා.

‘‘මේක මගේ ආසම ගීතය. එදා චිත‍්‍රපටය බලලා සිංදුව අහද්දී හිතට දැනුණු හැගීමම අදත් මට දැණුනා.ඒ දෙවන වතාවට. මම මේ සංගීත කණ්ඩායමට ගොඩක් ස්තුතිවන්ත වනවා. ’’ එහෙම කියපු විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ වේදිකාවෙන් බැස්සා.

හිරු ටී.වී. බලය වැඩසටහනට සහාය නිෂ්පාදනයෙන් දායකත්වය දෙන කල්ප ගුණරත්නගේ විවාහ උත්සවය පිළියන්දල ප‍්‍රසිද්ධ හෝටලයකදි පැවැත්වුණා. මේකට මැති ඇමතිවරුන් රැසකට වගේම විපක්ෂ මන්ත‍්‍රීවරුන් රැසකටත් ආරාධනා කරලා තිබ්බා. එක්සත් ජාතික පක්ෂයේ ගයන්ත කරුණාතිලක, අජිත් පී. පෙරේරා මන්ත‍්‍රීවරුන් වාඩිවෙලා හිටියේ අපේ මාධ්‍යවේදීන් එක්ක. ඒ ගමන් අජිත් මන්ත‍්‍රීවරයා කිව්වෙ ‘‘දැන් බලන්න කළුතර මහින්ද සමරසිංහ ඇමතිතුමා, වෙලාවකට දකින්නත් නෑ. හැබැයි ජන්දෙන් ලක්ෂෙ පන්නලා මනාප ගන්නවා. මට පැයක් තිස්සෙ ඒ කොහොමද කියලා දවසක් කිව්වා.’’ එහෙම කිය කියා ඉන්න කොට මෙතෙන්ට ආවේ රෙජිනෝල්ඞ් කුරේ ඇමතිතුමා. ‘‘මෙතුමා ජන්දෙ ගන්න විදියත් මං දන්නවා. එතුමා ගොඩක් වෙලාවට කරන්නෙ පොකට් මීටින් ගොඩාක් තියන එක. ඒකෙන් තමයි මනාප වැඩි කර ගන්නෙ.’’ උත්සවේට මහඇමති සරත් ඒකනායක වගේම තවත් ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් රැසක් ඇවිල්ලා හිටියා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
අධික නියඟයෙන් අතමිට සරුකර ගත් පුත්තලමේ ලුණුලේවා කරුවන්
Wednesday, 19 September 2018 - 19:29
මේ දිනවල පුත්තලම ඇතුළු ප්‍රදේශයන් රැසකට බලපා ඇති අධික නියඟයත්, සමඟ පුත්තලම ප්‍රදේශයේ සිදුකරගෙන... Read More
News Image
Hiru News Programme Segments
1,968 Views
1,098 Views
6,700 Views
6,508 Views
65 Views
45,244 Views
Top