%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B7%92+%E0%B6%A7%E0%B7%93%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%92+%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%96+%E0%B6%BB%E0%B7%84%E0%B7%83.
Sunday, 31 August 2014 - 15:02
මෝදි ටීඑන්ඒ ට කියූ රහස.
37

Shares
4,511

Views
එළඹෙන සතිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කාර්යබහුල සතියක්. ඒ, ඌව පළාත් සභා මැතිවරණය වෙනුවෙන් පැවැත්වෙන රැස්වීම නිසා. කොහොම වුණත් ඊයේ දිනයේදී ජනාධිපතිවරයා නියඟයෙන් පීඩාවට පත් ජනතාවට මූල්‍යමය සහ ද්‍රව්‍යමය සහන තවදුරටත් ලබාදෙන ලෙස උපදෙස් ලබා දුන්නා. ඒ, ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර වෙත. හම්බන්තොට, මොණරාගල ඇතුලූ දිවයිනේ සියලූ පළාත්වල නියඟය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සහන නිසි පරිදි ලබාදෙන ලෙසයි ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර ඇත්තේ.

යාල සහ උඩවලව වනෝද්‍යානවල ජීවත්වන වන සතුන් ආරක්ෂා කරගැනීමද මෙහිදී වැදගත් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරලා තිබ්බා. වනාන්තර ආශ‍්‍රිතව ඇති ජලාශ සහ කුඩා වැව්වලට ළිං හෑරීම මගින් හෝ බවුසර් මගින් හෝ ජලය ගෙන ගොස් සතුන්ට බීමට ලබාදෙන්න කියලයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරලා තිබ්බේ.

මේ වනවිටත් ඌව පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් පවතින්නේ අතිශය උණුසුම් තත්ත්වයක්. කොහොම වුණත් ‘‘මම රැජිනක් වුණාට මෙහේ නාමයෝජනා ලබාදීම ගැන මම දන්නේ නැහැ.’’ එහෙම කියන්නේ මොණරාගල ඉන්න ඇමතිනී සුමේධා ජී ජයසේන. ඇයගෙන් කැපිල්ලක් තියේද කියලා ඇහුවාම ඇය කිව්වේ ඒ ගැන පක්ෂ ලේකම්වරුන්ගෙන් අහන්න කියලා.

විපක්ෂ නායක  රනිල් වික‍්‍රමසිංහත් ඌව මැතිවරණය වෙනුවෙන් මේ දවස්වල ලහි ලහියේ වැඩ. කොහොම හරි පසුගිය සතියේ ඒ වැඩ අස්සෙම මනෝ ගනේෂන් මන්ත‍්‍රීවරයාගේ මවගේ අවමංගල්‍ය උත්සවයටත් ඔහු සහභාගි වුණා. එතනට යනකොටම ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහත් ඇවිත් හිටියා. ‘‘ආ, කොහොමද? දැන් ටිකක් විවේකෙන් වගේ නේද ඉන්නේ. එහෙම ඇහුවේ රනිල් වික‍්‍රමසිංහ විපක්ෂ නායකවරයා. ‘‘එහෙම විවේකෙකුත් නැහැ. පක්ෂේ ජාත්‍යන්තර කටයුතු ගැන බලන්නෙ මමනේ, ඒ වැඩත් එක්ක මැතිවරණ වැඩත් කරනවා.’’ එහෙම කිව්වේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ සහෝදරයා. ‘‘මොණරාගල නම් වැඩ කරන්න බැරි තත්ත්වයක් නේද තියෙන්නේ.’’ ඔහු එහෙමත් ඇහුවා. ‘‘මැතිවරණ කොමසාරිස්තුමා හම්බවුණාම අපි ඒ ගැන කථා කරමු. එහෙම කිව්වේ විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ.

මේ සතියේ කැබිනට් රැස්වීම පැවැත්වුණෙත් නැති හින්දා අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන ගැන විශේෂ පුවතක් නම් වාර්තාවුණේ නැහැ. සුළු ශල්‍යකර්මයක් කරලා ඇමතිතුමා මේ දවස්වල විවේක ගන්නවා කියලයි ආරංචිය.

------------------

දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරුන් කණ්ඩායමක් පහුගිය දවස්වල ඉන්දියාවේ සංචාරයක නිරතවුණා. ඒකෙදි ඔවුන් අගමැති මෝදිවත් හම්බවුණේ ශ‍්‍රී ලංකාව ගැන බොහෝ දේවල් කියන්න හිතාගෙන. ආර්. සම්බන්ධන් මන්ත‍්‍රීවරයා ප‍්‍රමුඛ දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රී කණ්ඩායම ශ‍්‍රී ලංකාව ගැන හොයන්න වෙනම නියෝජිතයෙක් පත් කරන්න කියලා මෝදි අගමැතිවරයාට කිව්වා. ‘‘ඒක  ඕන නෑ. අපේ මහ කොමසාරිස්වරයෙක් ලංකාවේ ඉන්නවා. එයාට බලතල දුන්නම ඇති.’’ නරේන්ද්‍ර මෝදි ඒක ප‍්‍රතික්ෂේප කළා. ලක් රජය සමග සාකච්ඡා මාර්ගයෙන් ගැටළුව විසඳන්න  ඕන කියලා ඉන්දියාවේ නව අගමැතිවරයා දැඩි මතයක ඉන්නවා. ඒ හින්දමද කොහෙද ලංකාවට ආපු ගමන් සුමන්දිරන් මන්ත‍්‍රීවරයා රජය සමග සාකච්ඡාවට සූදානම් කියලා කිව්වා. එහෙම කියන්න ප‍්‍රධාන හේතුව ඉන්දීය අගමැතිවරයාගේ බලපෑම කියලයි දේශපාලන ආරංචි මාර්ග ප‍්‍රකාශ කළේ. කොහොම වුණත් දෙමළ සන්ධානයේ මන්ත‍්‍රීවරු 4 දෙනෙක් මෙම සංචාරයෙන් පස්සේ තමිල්නාඩුවට ගියේ තමිල්නාඩුවේ මහ ඇමතිනිය හම්බුවෙන්න බලාගෙන හැබැයි තාම ඒකට අවස්ථාවක් ලැබිලා නැහැ.

සතිය උණුසුම් කළේ පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ සෞඛ්‍ය වර්ජනය. අන්තිමට රෝගියෙක් අධිකරණයෙන් තහනමකුත් ලබාගත්තා. සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන ජිනීවා නුවරට ගිහින් හිටපු හින්දා ප‍්‍රශ්ණේ විසඳන්න වුණේ නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායකට. කොහොම කොහොම හරි මේ වර්ජනේ හින්දා දැඩි අපහසුතාවට පත්වුණේ රටේ අහිංසක මහ ජනතාවයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
තබ්බෝව ගොවි ජනපදයෙන් අරුම පුදුම අඹ වර්ගයක් හමුවෙයි
Tuesday, 31 December 2019 - 11:14
පුත්තලම, තබ්බෝව ගොවි ජන පදයට අයත් තේවනුවර ගොවි ගම්මානයේ ඉතා දුර්ලභ ගණයේ අඹ වර්ගයක් හමුවී තිබෙනවා.බණ්ඩාරනායක... Read More
News Image
News Image
Hiru News Programme Segments
7 Views
74,918 Views
25,424 Views
35,425 Views
384 Views
120,140 Views
Top