Hirunews Logo
%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%2C+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B6%B1%E0%B7%93.
Sunday, 07 September 2014 - 9:30
සජිත්, රනිල්ව පිළිගනී.
44

Shares
5,343

Views
ඌව පළාත් සභා මැතිවරණය මෑත කාලීනව පැවති සියලූ පළාත් සභා මැතිවරණවලට වඩා තරමක උණුසුම් මුණුවරක් ගෙන තිබෙනවා. මේ උණුසුම අස්සේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය මෙන්ම එක්සත් ජාතික පක්ෂයත්, තමන්ගේ සංවත්සර උත්සව බදුල්ලේදී පැවැත්වුවා.

නිදහස් පක්ෂයේ සැමරුම් උත්සවය පැවැත්වුණේ බදුල්ල - වින්සන්ට් ඩයස් කී‍්‍රඩාංගනයේ. වෙනදා වගේම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කතා කරන මොහොත වනවිටත් මහ සෙනඟක් කී‍්‍රඩාංගනයට ඇතුළුවෙමින් සිටියා. ‘‘මේ සෙනඟ දැක්කම ඌවේ ඡන්දේ ගැන මොන කතා ද ? අපි ඒක ඉහළින්ම දිනනවා, ඒකේ සැකයක් නෑ.’’ ජනාධිපතිවරයා සිනහ වෙවි වේදිකාවේ ඉඳන්ම කිව්වා. ආපු සෙනඟ ගැන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සියලූ නායකයන් සතුටු වෙද්දී, වැඬේ සංවිධාන කරපු නිමල් සිරිපාල ද සිල්වා ඇමතිතුමාගේ ඇහැට කඳුළුත් ආවලූ. කොහොම වුනත් හවස තේ පැන් සංග‍්‍රහය පැවැත්වුණෙත් නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයාගේ ගෙදර. එහේදිත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හැමෝම එක්ක කතා කළේ සංවත්සර උත්සවයේ සාර්ථකත්වය ගැන. ජනාධිපතිවරයා ගතවු සතිය පුරා ඌව පළාතේ විවිධ විවෘත කිරීම් රැුසකට සහභාගි වුණා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එන බව දැන ගත්තහම අදාළ තැන්වලට මහ සෙනඟක් රැුස්වෙනවා. ඒ හින්දා ජනාධිපතිවරයාට ගොඩක් අවස්ථාවලදී ජනතාව අතරෙම ඉන්න සිද්ධ වුණා. කොහොම වුණත් පාසල් රැසක මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරත් ජනාධිපතිවරයා විවෘත කළා. ඒ අතරේ එක උත්සවයකදී කාටත් බය නැහැ කියන විජිතමුණි සොයිසා ඇමතිතුමා නෝනට බයයි කියලත් හෙළි වුණේ ඇමතිතුමාම ඒක කිව්ව හින්දා. ‘‘අනේ රත්තරනේ ඔන්න පළවෙනි එක අපේ හිටපු මහ ඇමතිතුමාට දෙන්න  ඕන, දෙවැනි එක අපේ එකාට.  ඕක නොකිව්වොත් නෝනා මට ගහනවා. ජනාධිපතිතුමත් දන්නවා මං නෝනට බයයි කියලා.’’ ඇමතිතුමා කිව්වේ එහෙමයි.

ඡන්ද උණුසුම එහෙම තියෙද්දී විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ පසුගිය සතියේ හදිසියේම ඉන්දියාවේ තිරුපති කෝවිලට ගිහිං. කොහොම වුණත් එක්සත් ජාතික පක්ෂයේ 68 වන සංවත්සරය පස්සරදී සැමරුණේ සෙනසුරාදා. මේකේ විශේෂත්වය වුණේ කාලයක් එකම වේදිකාවේ දක්නට නොලැබුණු සජිත් පේ‍්‍රමදාස මන්තී‍්‍රවරයා මේ වැඬේට ඉස්සරහට ආපු එක. ‘‘ඌව ඡන්දෙන් පස්සේ මේ පක්ෂයේ තනතුරුවල මං වෙනසක් කරනවා. සජිත් පේ‍්‍රමදාස මන්තී‍්‍රතුමාලා වගේ අය ඉදිරියට එන්න  ඕනේ. නියෝජ්‍ය නායක තනතුරට සජිත්ව යෝජනා කරන ගමන්ම, ඒකට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතියත්  ඕන කියලා ඔහු කිව්වා.’’ උත්සවය අමතලා සජිත් කිව්වේ ‘‘ජේ.ආර්.ජයවර්ධන මැතිතුමාට අපේ පියාණන් සහය දුන්නා වගේ මාත් රනිල් වික‍්‍රමසිංහ නායකතුමාගේ ආරාධනය ඉහළින් පිළිඅරන් සියලූ සහය දෙනවා කියලා.’’ හදිස්සියේ මෙවැනි වෙනසක් සිදුවන්න එක්සත් ජාතික පක්ෂය ඇතුලේ ලොකු සංවාදයක් ඇතිවෙලා තියෙනවා කියලා තතු දන්න හැමෝම කියනවා. පහුගිය දවස් ටිකේම මේ ගැන විවිධ සාකච්ඡුා මතු වුණානේ.

මැතිවරණ නීති කඩකිරීම් වැඩිවෙන හින්දම මැතිවරණ කොමසාරිස්වරයා ඉරිදා උදේම ඌවට ගියා. වැඬේ ලෙඬේ වුණොත් දිස්ති‍්‍රක්ක දෙකේ වෙන වෙනම ඡන්දේ තියනවා කියලා කොමසාරිස්වරයා කට්ටියට පොඩි අනතුරු ඇඟවීමකුත් කළා.

දෙමළ සන්ධානයේ ප‍්‍රධානම දේශපාලන පක්ෂය ඉලංගෙයි තමිල් අරසු පක්ෂය. මේකේ නායකයා වුනෙත් ආර්.සම්බන්ධන් මන්තී‍්‍රවරයා. හැබැයි සති අන්තයේ වව්නියාවේ තිබ්බ පක්ෂ සමුළුවේදී ඒක මාවෙයි සේනාධිරාජා මන්තී‍්‍රවරයාට ලැබුණා. මේක සාමාන්‍ය තත්ත්වයක් විදියට පෙන්වන්න දෙමළ සන්ධානයේ ඇතමුන් උත්සාහ කළත්, කාලයක් තිස්සේ තිබ්බ මත ගැටුම් උත්සන්න වීමක් ලෙසයි බොහෝ දෙනෙක් කිව්වේ.




Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ලොවක් කතා කරන රාජකීය නාවික හමුදාව
Monday, 24 September 2018 - 11:04
මහා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවේ දුර්ලභ ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසනවා.රාජකීය... Read More
News Image
News Image
Hiru News Programme Segments
347 Views
3,344 Views
7,230 Views
7,125 Views
95 Views
47,921 Views
Top