Hirunews Logo
%E0%B6%B8%E0%B7%9A%E0%B6%9A+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.
Monday, 15 September 2014 - 10:11
මේක රත්තරන් පොළවක්.
27

Shares
3,316

Views
ඌව පළාත් සභා මැතිවරණයට තවත් ඇත්තේ දින 6 ක් පමණයි. මේ වනවිට ප‍්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලම සිය මෙහෙයුම බදුල්ල සහ මොනරාගල දිස්ත‍්‍රික්කවලට කේන්ද්‍ර කරගෙන තිබෙනවා.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සතිය ගත කළේ මොනරාගල සහ බදුල්ල දිස්ත‍්‍රික්වල. විදුහල් රැසක මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර ජනාධිපතිවරයා විසින් විවෘත කළා. එසේම, තවත් ව්‍යාපෘති රැසක් මීට සමගාමීව ජනතා අයිතියට පැවරුණා. ජනාධිපතිවරයා ගිය විහාරස්ථානවලට වගේම ම`ග දෙපසත් අති විශාල ජනකායක් රැදී සිටියේ ජනපති සම`ග වචනයක් හෝ කතා කිරීමේ අරමුණින්. කොහොමහරි ජනාධිපතිවරයත් පුළුවන් හැම වෙලේම රැුස්ව සිටි ජනතාව සම`ග කතාබහ කළා. ‘‘අපි වැඩකරන්නේ අද ගැන විතරක් නෙවෙයි. හෙට ගැනත් හිතලා. මේ ව්‍යාපෘතිවල ප‍්‍රයෝජනය වැඩිපුර දැනෙන්නේ අනාගත පරපුරට.’’ ජනාධිපතිවරයා එහෙම කියද්දී මහජනතාවගෙන් ලැබුණේ දැවැන්ත ප‍්‍රතිචාරයක්.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ වැඩ අතරේ කොළඹ ආවේ ජපාන අග‍්‍රාමාත්‍යවරයා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි නිසා. බදාදා උදේ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ ආරම්භ වෙච්ච ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයත්, ජනාධිපතිවරයා විවෘත කළා. ජනාධිපතිවරයා රිදී මාලියැද්දේ මොරාන ජලාශ ව්‍යාපෘතියත් ඌව සංචාරයේදී නිරීක්ෂණය කළා. එතනට ආපු ජනතාව අතර සිටි කාන්තාවක් ‘‘සර් අපිට ඉඩම් දෙන්නේ නැද්ද ’’ කියලා ඇහුවා. ‘‘මොකද නැත්තේ මේක රත්තරන් පොළොවක්. ඉඩම් විතරක් නොවෙයි අපි ඔයාලට වගා කරන්න වතුරත් දෙනවා.

මේ අතරේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව උතුරු පළාත සම්මත වන විවිධ යෝජනා ගැන සාකච්ඡා කරන්නත් ලැයිස්ති වෙනවා. ලබන සතියේදී ඒ ගැන අවධානය යොමුකරනවා කියලා තමයි පක්ෂයේ මහලේකම් අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන කිව්වෙ. නව ව්‍යවස්ථාවක් ගැනත් දේශපාලන සමාජයේ විවිධ අදහස් පළ වෙද්දී නිදහස් පක්ෂය හෝ සන්ධානය ඒ ගැන මුකුත් කතා කළේ නෑ කියලයි ඔහු කිව්වෙ. මේ අතරේ දෙමළ ජාතික සන්ධානයත් විවිධ කතාවලින් දේශපාලන කරලිය උණුසුම් කරනවා. මැදිහත් කරුවෙකු යටතේ ආණ්ඩුව සම`ග සාකච්ඡුාවට සූදානම් කියලා සම්බන්ධන් මන්ත‍්‍රීවරයා පහුගිය දවසක හින්දු පුවත්පතට ප‍්‍රකාශ කර තිබුණා.

විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මේ දවස්වල ඌව ඡුන්දෙට ගොඩක් කැපවෙලයි ඉන්නෙ. ප‍්‍රදේශයේ තිබ්බ රැස්වීම් ගණනාවකටම ඔහු සහභාගි වී සිටියා. එක්සත් ජාතික පක්ෂයේ සජිත් පේ‍්‍රමදාස මන්ත‍්‍රීවරයා සහ මංගල සමරවීර මන්ත‍්‍රීවරයා අතර, පවතින විරසකයත් මේ දවස්වල ටිකෙන් ටික කරලියට එනවා. ඒවා ගැන අවධානය යොමු නොකර ඌව ඡන්දෙ ගැන හිතන්න කියලයි විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ කට්ටියටම කියලා තියෙන්නේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ඒ-9 මාර්ගයේ අධික මීදුමක්
Tuesday, 13 February 2018 - 14:26
මේ දිනවල උතුරු ප්‍රදේශයේ  බොහෝ ස්ථානවලට උදෑසන කාලයේදී අධික මීදුම් තත්වයක් පවතින බව වාර්තාවනවා.මෙවැනි... Read More
News Image
Hiru News Programme Segments
2,869 Views
14,705 Views
494 Views
1,261 Views
957 Views
16,159 Views
Top