Hirunews Logo
%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B7%91%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%92.
Wednesday, 24 September 2014 - 14:06
තුන් පැත්තම ජනාධිපතිවරණයට ලෑස්තියි.
25

Shares
3,028

Views
මැතිවරණ උණුසුම අවසන් කරමින් ඌව පළාත් සභා මැතිවරණය සති අන්තයේ නිමාව දුටුවා. සන්ධානය දිස්ත‍්‍රික්ක දෙකෙන්ම ජය හිමි කර ගනිද්දී මොණරාගලින් වැඩිම මනාප හිටපු මහඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂට ලැබුණා. මැතිවරණය අවසන් වීමෙන් පසු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇමෙරිකාවට ගියේ ජගත් මහා මණ්ඩල සැසියට සහභාගි වෙන්න.  

ජන්දෙ දවසෙ සීනි කර්මාන්ත ඇමති ලක්ෂ්මන් සෙනෙවිරත්නටත් පොඩි අලකලංචියක් වුණා. ඒ ජන්දෙ දෙන්න යද්දි ජාතික හැඳුනුම්පත නැතිවුණ නිසා. මන්ත‍්‍රී හැදුනුම්පත ජන්දෙට වලංගු නැති නිසා ඔහුට ආපහු හැරිලා ඇවිත් හැදුනුම්පත අරගෙන ජන්ද මධ්‍යස්ථානයට යන්න වුණා.  

සතිය උණුසුම් වුණේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැුස්වීමත් සමඟ. එහිදී  එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයට සජිත් පේ‍්‍රමදාස මන්ත‍්‍රීවරයා පත් කෙරුණා.  පක්ෂයේ සහකාර නායකයා ලෙස පත්වූයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවී කරුණානායකයි. භාණ්ඩාගාරික ධුරයට ඉරාන් වික‍්‍රමරත්න, ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස රංජිත් මද්දුමබණ්ඩාර සහ නියෝජ්‍ය මහ ලේකම් ලෙස අකිල විරාජ් කාරියවසම් යන මන්ත‍්‍රීවරුන් එහිදී තෝරා පත් කරගත්තා.

මීට අමතරව මැතිවරණ කටයුතු ලේකම්වරිය ලෙස තලතා අතුකෝරාල මන්ත‍්‍රීවරිය පත් කෙරුණු අතර ජාතික යොවුන් පෙරමුණේ සභාපතිත්වය ඌව මහ ඇමති අපේක්ෂකයා වූ හරීන් ප‍්‍රනාන්දුට ලබාදීමටයි එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය එහිදී තීරණය කළේ. කෙසේ වෙතත් ඔහු එම තනතුර භාර ගත්තේ නැහැ.

ජනාධිපතිවරණයකදී එක්සත් ජාතික පක්ෂයේ මෙහෙයුම් කටයුතු සිදුකිරීම සඳහා විසිදෙනෙකුගෙන් යුත් කමිටුවක්ද අඟහරුවාදා පැවති කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී පත් කෙරුණා. බදාදා පස්වරුවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවා ඇති බව ද වාර්තා වුණා. එහිදීත් ඉදිරි ප‍්‍රධාන මැතිවරණ සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ. ජනතා විමුක්ති පෙරමුණත්, ජනාධිපතිවරණය ගැන විශේෂ අවධානයක් යොමුකළේ රනිල් වික‍්‍රමසිංහ විපක්ෂ නායකවරයා වෙනම ජනාධිපතිවරණයට ඉල්ලනවා කියලා කිව්වට පස්සේ. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී බොදුබල සේනා සංවිධානයේ ඥානසාර හිමියන් ද ජනාධිපතිවරණය ගැන පොඩි ඉඟියක් කළා. රට වෙනුවෙන් ඒ සඳහා සූදානම් වන බවයි උන්වහන්සේ කිව්වෙ.

මේ අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජෝෂප් මයිකල් පෙරේරා එක්සත් ජාතික පක්ෂයේ උපනායක ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ වෙත ඊයේ භාරදුන්නා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රට ම කැළඹූ කාළගුණය
Thursday, 30 November 2017 - 14:34
මේ දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයට පත්ව... Read More
News Image
Hiru News Programme Segments
12 Views
7,087 Views
6,022 Views
6,257 Views
433 Views
8,587 Views
Top